June 18, 2025
NDB බැංකුව ජා-ඇල VIMAN ව්‍යාපෘතිය සඳහා 100% සුවිශේෂී මූල්‍ය පහසුකම් සපයමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ හවුල් වේ
පුවත්

NDB බැංකුව ජා-ඇල VIMAN ව්‍යාපෘතිය සඳහා 100% සුවිශේෂී මූල්‍ය පහසුකම් සපයමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ හවුල් වේ

May 21, 2025

ජා-ඇල ප‍්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වන අදියර නිවාස සඳහා 100% නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳව ඉතා සතුටින් දැනුම් දී සිටියි. දැරියහැකි මිලකට, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිත නිවාස ණය විසඳුම් සොයන ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා NDB බැංකුව නිරන්තරයෙන්ම කැපවීමේ ප‍්‍රතිපලයක් ලෙස මෙම උපායමාර්ගික සහයෝගීතාවය සඳහන් කළ හැක.

ජා-ඇල ප‍්‍රදේශයේ සමෘද්ධිමත් අර්ධ නාගරික කලාපයක පිහිටා ඇති VIMAN මහල් නිවාස සංකීර්ණය, එම ප‍්‍රදේශයේ වඩාත්ම ඉල්ලූමක් ඇති නේවාසික ව්‍යාපෘතියක් ලෙස කැපී පෙනෙන අවධානයක් දිනාගෙන තිබේ. අක්කර හයක් පුරා පැතිරී ඇති මෙම නවීන මහල් නිවාස ඒකක 418 කින් සමන්විත වේ. මේ වන විට සමස්ත ව්‍යාපෘතියෙන් ඒකක 75% ක් දැනටමත් විකුණා අවසන්ව ඇති VIMAN ව්‍යාපෘතිය, නවීන නාගරික ජීවිතය සහ සන්සුන් ස්වාභාවික වටපිටාව දෙක මුසු වූ හැඟීමක් එක් කරයි. සෑම නිවාස ඒකකයක්ම සුවපහසුව, පෞද්ගලිකත්වය අතර  සමතුලිතතාවයක් මනාව කැටිකරගනිමින් නිර්මාණය කර ඇති මෙම 3 වන අදියරේ නිවාස නිදන කාමර 2 සහ නිදන කාමර 3 නිවාස ඒකක වශයෙන් ලබා ගත හැකිය.

NDB බැංකුව මඟින් මෙම නව මහල් නිවාස මිලදී ගැනීම සඳහා 100% ණය පහසුකමක් ලබාදීමෙන් එම නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් හට මූලික වියදම ලෙස විශාල මුදලක් අවශ්‍ය නොවීම නිසා තම සිහින නිවස ඔවුන්ගේ කර ගැනීම සඳහා ප‍්‍රවේශය ඉතා පහසු වී තිබේ. විශේෂයෙන්, ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ බැංකුවක් ප‍්‍රමුඛ පෙළේ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා මෙවැනි 100% මූල්‍යකරණ පහසුකමක් ලබා දුන් පළමු අවස්ථාව මෙය වන අතර එය පාරිභෝගිකයා මූලික කොටගත්,  මූල්‍ය නවෝත්පාදන අංශය සඳහා නව පූර්වාදර්ශයක් සනිටුහන් කරයි. ණය පහසුකම පූර්ව අනුමත ඉදිකිරීම් කාලසටහනකට අනුකූලව මුදා හරිනු ලබන අතර, පැවරුම් ඔප්පුවල නිසි ලෙස පැවරීම් කටයුතු අවසන්වීමෙන් පසු අවසාන වාරිකය නිකුත් කෙරේ. 2027 වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බැවින්, මෙම ක‍්‍රියාවලිය නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් හට වඩාත් නම්‍යශීලී සහ මනසේ සාමය යන දෙකම සහතික කරයි.

මෙම සීමිත කාලීන දීමනාව 2025 සැප්තැම්බර් දක්වා වලංගු වන අතර, නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට NDB බැංකුවේ අසමසම මූල්‍ය සහයෝගය සමඟින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ආකර්ෂණීය මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට අද්විතීය අවස්ථාවක් ඉදිරිපත් කරයි.

මෙවැනි හවුල්කාරිත්වයන් හරහා, ජීවිත ඉලක්ක යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා අවශ්‍යවන බැංකුකරණ විසඳුම් සමඟින් NDB බැංකුව පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීම අඛණ්ඩව සිදුකරගෙන යයි. මේ සඳහා අයදුම් කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඔවුන්ගේ ළඟම ඇති NDB බැංකු ශාඛාවට පැමිණ හෝ 0773347158 අංකයෙන් සාරංග හෝ 0771230624 අංකයෙන් උමේෂ් ඇමතීමෙන් ලබාගත හැක. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close