
NDB බැංකුව බාර් රීෆ් ආශ‍්‍රිත සමුද්‍ර ප‍්‍රදේශය පිරිසිදු කරමින් සමුද්‍රසංරක්ෂණයේ මූලිකත්වය හිමිකරගනී
NDB බැංකුව මුහුදු පතුල පිරිසිදු කිරීම් හරහා සමුද්‍ර සංරක්ෂණයට සහය වීම සඳහා Clean Ocean Force සමඟ හවුල් වූ පළමු දේශීය බැංකුව බවට පත්විය. මෙම මුහුදු පතුල පිරිසිඳු කිරීමේ ක‍්‍රියාවලිය සඳහා මේ දක්වා නැගෙනහිර වෙරළ තීරයේ බාර් රීෆ් සමුද්‍ර ආරක්ෂිත ප‍්‍රදේශයේ සහ බාබේරියන් දුපත ආසන්නයේ කිමිදුම් වාර 03ක් පමණ සිදුකර ඇත. කිමිදුම්කරුවන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගැඹුරු මුහුදේ කිමිදුම් සිදු කළ අතර, මෙම පාරිසරික වශයෙන් වැදගත් ස්ථානවලින් කිලෝග‍්‍රෑම් 130 කට වඩා හානිකර සාගර සුන්බුන් සාර්ථකව ඉවත් කළහ.
NDB බැංකුවේ තිරසාර ක‍්‍රියාකාරකම් න්‍යාය පත‍්‍රය යටතේ ක‍්‍රියාත්මක කරන ලද මෙම මුලපිරීම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කය 14 (ජලජ ජීවය) සාගර සම්පත් සංරක්ෂණය සහ තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා සෘජුවම සහය වේ. Clean Ocean Force, Earth Lanka සහ කල්පිටිය කිමිඳුම් මධ්‍යස්ථානයේ වෘත්තිකයන්ගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායම, මෙම කසල ඉවත් කිරීම සඳහා නිර්භීතව කටයුතු කළේය.
– සාගර ජීවීන්ට මාරාන්තික තර්ජනයක් වන අත්හැර දැමූ හෝ භාවිතයෙන් ඉවත් කළ ධීවර දැල් කිලෝග‍්‍රෑම් 90ක්
– සමුද්‍ර පරිසර පද්ධති බිඳ දමන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 38ක්
– මත්ස්‍ය ගහනයට සහ කොරල් පරවලට ඇති අනතුරු අඩු කරමින්ල අතහැර දැමූ ධීවර කොකු කිලෝග‍්‍රෑම් 5ක්,
ශ‍්‍රී ලංකාවේ සමුද්‍ර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා බැංකුව දරණ අඛණ්ඩ උත්සාහයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් NDB බැංකුව, Clean Ocean Force Lanka සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය, අනාගත පරම්පරාවන්ට සුපිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සාගරයක් උරුම කර දෙන බව සහතික කරමින් පාරිසරික සංරක්ෂණය සඳහා බැංකුව අඛණ්ඩව නායකත්වය ලබා දෙයි.
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ආයතනික තිරසාර කමිටුවේ ප‍්‍රධානී ලසන්ත දසනායක මහතා මෙසේ පැවසීය. ර්‍ණඅපගේ සාගර පද්ධතිය ඉතා වටිනා ස්වභාවික සම්පතක් වන අතර ඒවා සංරක්ෂණය කිරීම පාරිසරික වගකීමක් පමණක් නොව අප විසින් ආරක්ෂා කළ යුතු උරුමයකි. NDB බැංකුවේ අපි, තිරසාරභාවය අපගේ ආයතනික ආචාර ධර්ම තුළ අන්තර්ගත කර ඇති අතර, මෙම සාගර පිරිසිදු කිරීම අපගේ අර්ථවත් පාරිසරික සංරක්ෂණ ක‍්‍රියාමාර්ග සඳහා අපගේ ඇති කැපවීමට සාක්ෂියකි. සමුද්‍ර සංරක්ෂණ ප‍්‍රයත්නයන්ට සහය දීමෙන්, අපි ශ‍්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය ආරක්ෂා කරනවා පමණක් නොව, පිරිසිදු, වඩාත් තිරසාර අනාගතයක් සඳහා ක‍්‍රියාකාරී පියවර ගැනීමට ප‍්‍රජාවන් පොළඹවන්නෙමු”.
‘‘වගකිවයුතු දේශීය බැංකුවක් සාගර පතුල යට ජීවය ආරක්ෂා කිරීමට ඉදිරියට පැමිණීම සැබවින්ම ප‍්‍රශංසනීයයි. NDB බැංකුව සිදුකළ මෙම මැදිහත්වීම, මෙවැනි අවධානය යොමු කළ සමුද්‍ර සංරක්ෂණ සත්කාර්යක් සඳහා නායකත්වය දෙන පළමු බැංකුව බවට පත් කරයි. ආයතනික නායකත්වයට ශ‍්‍රී ලංකාවේ සැබෑ පාරිසරික වෙනසක් ඇති කළ හැකි ආකාරය පිළිබඳව NDB බැංකුවේ මෙම දායකත්වය පූර්වාදර්ශයක් සපයයි’’ යනුවෙන් Clean Ocean Force Lanka ආයතනයේ සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප‍්‍රනාන්දු මහතා මෙම හවුල්කාරිත්වය අගය කරමින් පැවසීය.
ආයතනික සහ ප‍්‍රජාව විසින් මෙහෙයවනු ලබන මෙවැනි සංරක්ෂණ ප‍්‍රයත්නයන් හරහා, NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට සහ තිරසාර සංවර්ධනයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි භුමිකාව ශක්තිමත් කිරීමට නිබඳවම කැපවී සිටී.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.