වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය නොකඩවා 8 වැනි වරටත් ජයග්‍රහණය කිරීමට MAS සමූහය සමත් වෙයි
2026 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනාගැනීමට මෙවරත් MAS සමූහයට හැකි විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව 8 වැනි වරටත් ශුරතාවය දිනාගැනීමට MAS සමූහයට හැකිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීය.
මෙවර තරගාවලියේදී MAS සමූහය විසින් රන් පදක්කම් 82 ක් සමඟ සමස්ත පදක්කම් 253 ක් දිනාගනු ලැබුවේ ලකුණු 548 ක් රැස්කරගනිමින් ය. ඒ අනුව තරගාවලියේ අනුශුරතාවය දිනාගත් කණ්ඩායමට වඩා ලකුණු 242 ක පරතරයක් සහිතව ශුරතාවය හිමිකරගැනීමත් විශේෂ අවධානය හිමි වූ කරුණක්. මෙවර 41 වැනි වරට පැවැත්වූ වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2188 ක් සහභාගී වූ අතර තරග ඉසව් 338 ක් ඇතුළත් විය. මෙවර තරගාවලිය ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් යටතේ ඇගයීමට ලක් වූ අතර නව තරග වාර්තා 27 ක් බිහිවීම විශේෂිත සිදුවීමක් විය. තරගාවලි ඉතිහාසයේ පළමු වරට උසස් අධ්‍යාපන ආයතන මෙන්ම විශ්ව විද්‍යාලත් මෙවර තරගාවලිය සඳහා සහභාගී වීම කැපී පෙනුණි.
ලකුණු පුවරුව – 41ක් වන වාර්ෂික වෙළඳසේවා මලල ක්‍රීඩා ශූරතාවලිය
ශූරතාව: MAS සමූහය – ලකුණු 548
අනුශූරතාව: SLT – ලකුණු 306
තුන්වන ස්ථානයථ සම්පත් බැංකුව – ලකුණු 274
හතරවන ස්ථානය: CDB ෆයිනෑන්ස් – ලකුණු 242
පස්වන ස්ථානය: HNB – ලකුණු 178
සමස්ත පදක්කම් සටහන – MAS සමූහය
රන් – 82
රිදී – 99
ලෝකඩ – 72
MAS සමූහයට සමස්ත ශුරතාවය දිනාදීම සඳහා වැඩි දායකත්වයක් දැක්වුයේ එහි කාන්තා කණ්ඩායම් විසිනි. ඒ අනුව ඔවුන් සමස්ත කාන්තා ශුරතාවයත්, සමස්ත කාන්තා ප්රවීණයන්ගේ ශුරතාවයත් මෙන්ම සමස්ත කාන්තා ආධුනික ශුරතාවයත් යන ත්‍රිත්ව ශුරතාවයන්ම දිනාගැනීම සුවිශේෂ සිද්ධියක් විය. මේ අතර MAS සමුහයේ පිරිමි කණ්ඩායම සමස්ත පිරිමි ශුරතාව දිනාගත්තේය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස MAS Fabric Park හී නදීර වියනගේ සම්මාන දිනාගත් අතර වයස අවුරුදු 30 ට වැඩි කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස Bodyline 1 හී උෂානි මධුෂිකා සම්මාන දිනාගත්තාය.

