
සෙලාන් බැංකුව සිය 36වැනි සංවත්සරය වෙනුවෙන් පුස්තකාල අවශ්‍යතා සහිත පාසල් 6ක් වෙත නව පුස්තකාල ඉදිකර දෙමින් ‘සෙලාන් පැහැසර’ ව්‍යාපෘතිය පුළුල් කරයි
සෙලාන් පැහැසර වැඩසටහන හරහා සිය ගමනේ තවත් මං සළකුණක් සටහන් කරමින් සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. තරුණ සිත්සතන් පෝෂණය කිරීම සහ ඉගෙනීමේ සංස්කෘතියක් සවිබල ගැන්වීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීමෙහි වැදගත් පියවරක් සනිටුහන් කරමින්, සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා තෝරාගත් පුස්තකාල අවශ්‍යතාව සහිත පාසල් අතුරින් 2024 මාර්තු 25 වැනි දින පාසල් 5ක්ද මාර්තු 26 වැනි දින පාසලක්ද ලෙස පාසල් 6ක පාසල් පුස්තකාල විවෘත කරන ලද්දේ සිය ‘සෙලාන් පියවර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය තව දුරටත් ව්‍යාප්ත කරමිනි.
මෙලෙස නව පාසල් පුස්තකාල 6 දිවයින පුරා විසිර යන පරිදි මොරටු මහා විද්‍යාලය, මොරටුව, මීසාලෙයි වීරසිංහම් මධ්‍ය මහා විද්‍යාලය චාවකච්චේරි, ශාන්ත ආනා මහා විද්‍යාලය, දළුවකොටුව, සහ අල් අමීන් මහා විද්‍යාලය කාත්තන්කුඩි, දඹදෙණිය මධ්‍ය විද්‍යාලය, නාරම්මල, ශ්‍රි චන්ද්‍රානන්ද බෞද්ධ කාන්තා විදුහල, මහනුවර යන පාසල් සදහා ඉදිකරන ලදී. මෙම පාසල් පුස්තකාල 6 ආරම්භ කිරීමත් සමග පැහැසර ව්‍යාපෘතිය මගින් පිහිටුවනු ලැබූ සමස්ත පාසල් පුස්තකාල සංඛ්‍යාව 231 බවට පත්වෙයි.
සෙලාන් බැංකුවේ 25 වැනි සංවත්සර සැමරුමේ අංගයක් ලෙසින් දශකයකට පෙර දියත් කෙරුණු සෙලාන් පැහැසර වැඩසටහන, අධ්‍යාපන ප්රමිතීන් ඉහළ නංවාලීමටත්, ශ්‍රී ලාංකීය ජාතියේ මීලඟ පරම්පරාව තුළ කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීමටත් මහත් සෙයින් ඉවහල් විය. එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන ඉලක්ක වැඩසටහනේ (SDGs) ඉලක්ක අංක 4 සමඟ ඒකාබද්ධ වෙමින්, සිසුන්ට ගුණාත්මක අධ්‍යාපන සම්පත් සඳහා ප්‍රවේශය ලබා දීමටත්, එමෙන්ම අනාගත අභියෝගයන් විශ්වාසයෙන් යුතුව ජය ගැනීම සඳහා ඔවුන්ව සවිබල ගැන්වීමටත් සෙලාන් බැංකුව දක්වන කැපවීම මෙම මෙම වැඩසටහන මඟින් අවධාරණය කරයි. මෙම සුවිශේෂී ඉලක්කය, අධ්‍යාපනයට ඇති ජීවිත පරිවර්තනය කළ හැකි බලයත් සහ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ හැකියාවන් විවර කිරීම සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීමත් අවධාරණය කරමින් ධනාත්මක වෙනසක් සඳහා මඟපාදන ප්‍රධාන සාධකයක් ලෙසින්ද දැක්විය හැක.
සෙලාන් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයේ තිරසාර අනුකමිටුවේ විචක්ෂණශීලී අධීක්ෂණයෙන් යුතුව කළමනාකරණය වන මෙම ව්‍යාපෘතිය, එහි අවසාන ප්‍රතිලාභීන් වන සිසුසිසුවියන් සඳහා උපරිම ප්රතිලාභ අත්කර දීමට සැදී පැහැදී සිටී.
රට පුරා ඇති අවම වරප්‍රසාද සහිත පාසල්වලට පොත් පරිත්‍යාග කරමින් එම පාසල්වල පුස්තකාල පුනර්ජීවනය කිරීම සඳහා ව්‍යුහගත කොට ඇති සෙලාන් පැහැසර වැඩසටහනට, සැබෑ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා, අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාර්ශ්වකරුවන් තුළින් පූර්ණ මඟපෙන්වීමක් ලැබේ. මෙම වැඩසටහන අධ්‍යාපනික සම්පත් වැඩි දියුණු කරනවා පමණක් නොව, සිසුන් සහ බැංකුව අතර සමීප සබඳතා වර්ධනය කිරීම ඔස්සේ, ඔවුන්ගේ අනාගත අරමුණු හා අපේක්ෂාවන් සඳහා බැංකු සංකල්පයන් සමඟින් සම්බන්ධ වීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දීම ද සිදු කරයි.
ආරම්භයේ සිටම, දිවයින පුරා සැලකිය යුතු මංසළකුණු සනිටුහන් කරමින්, වසර හතරක් ඇතුළත පුස්තකාල 100ක් ස්ථාපිත කිරීමට සෙලාන් පැහැසර වැඩසටහන ඉලක්ක කර ගන්නා ලදී. සෑම දිස්ත්‍රික්කයකටම පුස්තකාල ලැබෙන ලෙසින් මනා ලෙසින් රට තුළ මෙම පුස්තකාල ව්‍යාප්ත කිරීම කළමනාකරණය කිරීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය මඟින් පසුගිය දශකය තුළ සිසුන් සිය ගණනකට ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර, ඒ ඔස්සේ ඔවුන්ට මනා ඇසූ පිරූ තැනින් හා දැනුමෙන් සන්නද්ධ, ඉදිරිගාමී පුරවැසියන් බවට පත් වීම සඳහා ඇවැසි පෝෂණය ලබා දී ඇත.
සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සෙලාන් බැංකුව දක්වන්නා වූ කැපවීම ස්ථිරව, අචලව පවතී. ඉදිරි වසර තුන තුළ මෙම ව්‍යාපෘතිය මඟින් පිහිටුවාලන පුස්තකාල සංඛ්‍යාව 300 දක්වා ඉහළ නැංවීමේ ප්‍රතිඥාවක් ද සමඟින්, සෙලාන් බැංකුව, සිසු දරුවන්ගේ ශක්‍යතාව හා ආකල්ප සංවර්ධනය කරමින් ඉදිරි පරම්පරාවන්ට දීප්තිමත් අනාගතයකට මග පාදා දීමේ කර්තව්‍යයේ දිගින් දිගටම නියැළෙනු ඇත.
1 Comment
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?