July 27, 2024
150 වන STEM පන්ති කාමරය පරිත්‍යාග කරමින් කොමර්ෂල් බැංකුව සන්ධිස්ථානයක් පසු කරයි
පුවත්

150 වන STEM පන්ති කාමරය පරිත්‍යාග කරමින් කොමර්ෂල් බැංකුව සන්ධිස්ථානයක් පසු කරයි

Nov 11, 2023

කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට දියත් කර ඇති ජාතික වැඩසටහන යටතේ බැංකුව විසින් පරිත්‍යාග කරන 150 වැනි STEM පන්ති කාමරය විවෘත කරමින් වැදගත් සන්ධිස්ථානයකට ළඟා වී ඇත.

කැළණිය නාගසේන විද්‍යාලයේ පැවැති මෙම අවස්ථාවට බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී නන්දික බුද්ධිපාල මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ නියෝජිතයින් සහභාගී විය.

2020 වසරේ බැංකුවේ 100 වන සංවත්සරය සැමරීම සඳහා තොරතුරු තාක්ෂණ පහසුකම් සහිත පන්ති කාමර 100ක් පිහිටුවීමටත් ඒවාට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් හා ගුරුවරුන්ට පුහුණුව ලබාදීමට බැංකුවේ කැපවීම මත කොමර්ෂල් බැංකුවේ STEM පන්ති කාමර ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

ජාතික මට්ටමින් තොරතුරු තාක්ෂණික සාක්ෂරතා මට්ටම නැංවීම සඳහා බැංකුව විසින් ඒ වන විටත් දියත් කර තිබූ ව්‍යාපෘතියක කොටසක් ලෙස තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදී තිබූ පාසැල් 250 ක් අතුරින් මෙම පාසැල් 100 තෝරාගන්නා ලදී.

වත්මන් අවශ්‍යතා සහ ප්‍රවණතා වලට ගැලපෙන පරිදි මෙරට අධ්‍යාපන පහසුකම් නවීකරණය කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් කොමර්ෂල් බැංකුව මේ වන විට තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 298ක් පරිත්‍යාග කර ඇති අතර, ශ්‍රී ලංකාව පුරා STEM පන්තිකාමර 150ක් පහසුකම්වලින් පරිපූර්ණ කර ඇත.  

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *