June 20, 2025
තේ කලාවේ රහස හදවතට සමීප කරමින්, සෙස්ටා සිය නවතම වෙළඳ දැන්වීම එළිදක්වයි
පුවත්

තේ කලාවේ රහස හදවතට සමීප කරමින්, සෙස්ටා සිය නවතම වෙළඳ දැන්වීම එළිදක්වයි

Jun 20, 2025

සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප්‍රසිද්ධ තේ සන්නාමයක් වන සෙස්ටා තේ, සිය නවතම වෙළඳ ප්‍රචාරණ දැන්වීම පසුගිය ජුනි 11 දා One Galle Face හි PVR සිනමා ශාලාවේ දී සුවිශේෂී ප්‍රදර්ශනයක් හරහා එළිදක්වනු ලැබීය. බොහෝ දෙනා නැරඹීමට අපේක්ෂාවෙන් සිටි මෙම අවස්ථාව සඳහා තෝරා ගත් පාරිභෝගිකයින්, ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන්, සහයෝගීතාකරුවන් සහ සන්නාමය සමඟ දිගුකාලයක් අත්වැල් බැඳගෙන සිටි කොටස්කරුවන්ගෙන් සමන්විත ප්‍රේක්ෂකයින් රැසක් සහභාගී වූ අතර, සෙස්ටා තේ රස භුක්ති විඳින්නන් හට එය අමතක නොවන හැඟුම්බර අත්දැකීමක් ද ගෙන දුන්නේ ය.

සෙස්ටා වෙළඳ දැන්වීම, ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ආදරණීය මතකයන් අවදි කරනු ලැබුවේ මීට දශක දෙකහමාරකට පමණ ඉහතදීය. සුදු කමිසයක් ඇඳි යුවතියත්, තේ සාදමින් සිටින ඇගේ සැමියාත් සමග ‘සෙස්ටා’ යනුවෙන් ළෙන්ගතුව උච්චාරණය කළ අවස්ථාවත්, එකළ වෙළඳ දැන්වීම් ඉතිහාසයේ අමතක නොවන හෘදයාංගම වෙළඳ දැන්වීමක් විය. එය හුදෙක් වෙළඳ දැන්වීමකින් ඔබ්බට ගොස්, සෑම උදෑසනකම සෙස්ටා තේ රසයෙන් සිය ගත සිත ප්‍රබෝධමත් කර ගන්නා ආකාරය සියුම් ලෙස නිරූපණය කළේ ය.

ඉන් අනතුරුව ‘My Zesta Story’ප්‍රචාරණ ව්‍යාපාරය ඔස්සේ මුල්ම වෙළඳ දැන්වීමේ ආකර්ෂණීයත්වය ප්‍රේක්ෂකයින් හට නැවත සිහිගන්වමින් සෙස්ටා තේ සමඟ ඇති ස්වකීය හැඟුම් සමුදායන් නිර්මාණශීලි අයුරින් බෙදාහදා ගැනීමට ආරාධනා කළේ ය. ඒ අනුව, මෙම ප්‍රචාරණ ව්‍යාපාරය හරහා රට පුරා සිටි ආධුනික නිර්මාණකරුවන්ගේ හෘදයාංගම සහ පරිකල්පනීය අදහස් රැසක් ඉස්මතු කරමින්, සෙස්ටාහි නිර්මාණාත්මක ප්‍රකාශනය නැවුම් මාවතකට යොමු කරනු ලැබීය.

‘‘සෙස්ටා යනු සෑම විටම තේ කෝප්පයකින් එහාට ගිය දෛනික ජීවිතයට වැදගත් පණිවුඩයක් රැගෙන ආ සන්නාමයක්. පුරා වසර ගණනාවක් යනතුරු ලාංකේය ජීවිතවලට වටිනා සහ කල්පවතින බැඳීමක් එකතු කිරීමට අපට හැකි වී තිබෙනවා. මෙම නවතම වෙළඳ දැන්වීම හරහා අපගේ මුල් වටිනාකම්වලට නව ජවයක් ලබා දෙනවා සේම මෙරට පරම්පරා ගණනාවකට අපගේ සන්නාමය සතු විශිෂ්ටත්වය නැවත මතක් කර දෙනවා’’ යැයි නවතම වෙළඳ දැන්වීම ප්‍රදර්ශනය කළ අවස්ථාවට සහභාගී වූ සන්ෂයින් කන්සියුමර් ලංකාහි ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනී කවී රාජපක්ෂ මහත්මිය පැවසුවා ය.

තේ කලාවේ රහස යළිත් වරක් ලාංකේය ජනමනසට සමීප කරවමින්, තේ සම්ප්‍රදායේ පුරෝගාමියෙකුගේ චමත්කාරය ඉස්මතු වන පරිදි සෙස්ටා හි නවතම සන්නාම සේයාරුව එළිදැක්වීමට මෙහිදී කටයුතු කර තිබිණ. එය වර්තමාන ප්‍රේක්ෂකයින් සමඟ අර්ථාන්විතව බැඳෙමින් සන්නාමයේ උරුමය කියාපාන සිනමාත්මක වින්දනයක් ලබා දීමට සමත් විය.

මෙම නවතම වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සන්ෂයින් කන්සියුමර් ලංකා – සෙස්ටා හි ජ්‍යොෂ්ඨ සන්නාම කළමනාකාරීනි සමාධි තෙන්නකෝන් මෙනවිය මෙසේ සඳහන් කළා ය. ‘‘සෑම අවස්ථාවකම හැඟුම්බර අත්දැකීමක් සමඟින් නිර්මාණාත්මක කලාවට වටිනාකමක් එකතු කළ සන්නාමයක් වශයෙන්, මෙම මංගල දර්ශනය එළිදැක්වීම අපට සුවිශේෂී මොහොතක් වේ. මෙය වෙළඳ දැන්වීමකින් ඔබ්බට යන සෙස්ටා සන්නාමය මෙතෙක් පැමිණි විශිෂ්ට ගමන පිළිඹිබු කරන, අපූර්වතම අත්දැකීමක් වන අතරම අපගේ ඊළඟ පරිච්ඡේදයේ සජීවි කොටස්කරුවන් බවට පත්වීම සඳහා ප්‍රේක්ෂකයින්ට වටිනා අවස්ථාවකි’’

පුරෝගාමී වෙළඳ දැන්වීම් කලාවේ සිට පාරිභෝගිකයින් විසින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් වැළඳ ගැනීම දක්වා පරිවර්තනය වී ඇති සෙස්ටා සන්නාමය, මේ වනවිට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ සුප්‍රසිද්ධ සහ විශ්වාසදායී නාමයක් දිනා ගෙන තිබේ. තවදුරටත් සෙස්ටාහි ප්‍රෙෘඪ උරුමයට සැබෑ වටිනාකමක් එකතු කරමින්, පාරිභෝගික ජන හදවත් තුළ නොමැකෙන සන්නාමයක් ලෙසින් වැජඹීමට, මෙම නවතම ප්‍රචාරණ දැන්වීම මනා අඩිතාලමක් සපයනු නිසැකය.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි පාරිභෝගික කාණ්ඩය, පසුගිය වසර 25 තුළදී ශ්‍රී ලංකාවේ FMCG අංශයේ ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථාවරත්වය තහවුරු කර ගෙන තිබේ. උණු කරගත් රසකැවිලි කාණ්ඩයේ උප ප්‍රධානත්වයක් සහිත දිවයිනේ විශාලතම සන්නාමගත තේ සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආයතනය වාර්ෂිකව රුපියල් බිලියන 19 ක පිරිවැටුමක් වාර්තා කරයි. සන්ෂයින් කන්සියුමර් ලංකා හි ප්‍රමුඛතම තේ සන්නාමයන් වන සෙස්ටා, වටවල සහ රන් කහට යන නිෂ්පාදනයන් වෙළඳපොළ තුළ සුවිශේෂී අලෙවියක් වාර්තා කරන අතර, මෑතකදී අත්පත් කරගත් ඩේන්ටි ටොෆි සහ චොකලට්, මිලාඩි කැන්ඩි සහ එක්ස්ට්‍රා (lozenges and gums) වැනි ජනප්‍රිය රසකැවිලි නිෂ්පාදන 75 කට අධික සංඛ්‍යාවක් සමගින් සිය නිෂ්පාදන කළඹ පුළුල් කර ගෙන තිබේ. එම නිෂ්පාදන දැන් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය නිෂ්පාදනයන් වන අතර ඒවා සමස්ත සිල්ලර බඩු ජාලයේ 90% කට වැඩි ප්‍රමාණයකින් විහිදී ගොස් ඇත.

2022 වසරේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් බවට පත් වූ සන්ෂයින් තේ (පුද්ගලික) සමාගම, සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි අපනයන අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර සිලෝන් තේ අපනයනය කරන ප්‍රමුඛපෙළේ සමාගම් අතර එය ඉහළින්ම ශ්‍රේණීගත කර තිබේ. මෙම සමාගම් සමූහය, දිවයිනේ වගා කරන ලද හොඳම තේ වර්ග 200කට අධික ප්‍රමාණයක් අපනයනය කරයි. මෙම සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන Zesta සහ AvanTea, Gordon Frazer හා Teazup ඇතුළු උසස්ම තත්ත්වයේ තේ වර්ග 200කට අධික ප්‍රමාණයක් රටවල් 40කට අධික සංඛ්‍යාවක ගනුදෙනුකරුවන් වෙත අපනයනය කරනු ලබයි. එමගින් රටේ විදේශ විනිමය ඉපැයීම්වලට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ද සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම සමත් ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close