February 16, 2026
සුවිශේෂී නව්‍ය තාක්ෂණික හැකියාවන් සමඟින් Xiaomi Redmi, Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
පුවත්

සුවිශේෂී නව්‍ය තාක්ෂණික හැකියාවන් සමඟින් Xiaomi Redmi, Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Feb 16, 2026

පාරිභෝගික විදුලි උපකරණ හා ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය විශිෂ්ටයකු වන Xiaomi, නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. මෙම නවතම නිෂ්පාදන පෙළ අතරට සුවිශේෂී පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති, ඉහළ කාර්ය සාධනයකින් හා විශේෂාංගයන්ගෙන් යුත් නවතම Redmi Note 15, Redmi Note 15 5G සහ Redmi Note 15 Pro+ 5G යන නිෂ්පාදනයන් ඇතුළත් වේ.

මෙම දියත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් Xiaomi Sri Lanka හි මෙරට කළමනාකාර Kain Wang මහතා “නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ සමඟින් ස්මාර්ට් ජංගම දුරකතනයකින් සපුරාගත හැකි සේවාවන් තවදුරටත් ඉහළ නැංවීමට අපි කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් දිගු කාලීන බැටරි ක්‍රියාකාරීත්වය, ආකර්ෂණීය රූප රාමු සහ AI  තාක්ෂණය සමඟින් මනා කල්පැවැත්මක් සහිත මෙම නිෂ්පාදන මාලාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.

Redmi Note 15 නිෂ්පාදන පෙළ පිළිබඳව

නවතම තාක්ෂණය සමඟින් ජලයෙන් හා දූවිල්ලෙන් ආරක්ෂාව සලසන Redmi Note 15 නිෂ්පාදන පෙළ ශක්තිමත් තිරය හේතුවෙන් මනා කල් පැවැත්මක් සහතික කරනු ලබයි. එහි සෑම නිෂ්පාදනයක්ම Xiaomi HyperOS තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර මනා ක්‍රියාකාරීත්වය, සුවිශේෂී විශේෂාංග හා සියලු උපාංගයන්හි දිගු කාලීන පැවැත්ම හේතුවෙන් අසමසම අත්දැකීමක් පරිශීලකයින් වෙත ලබා දෙනු නිසැකය.

නවෝත්පාදනයේ විශිෂ්ටත්වය Redmi Note 15 Pro+ 5G

මෙම නිෂ්පාදන පෙල අතර විශිෂ්ටතම නිෂ්පාදනයක් ලෙස පෙන්වා දිය හැකි Redmi Note 15 Pro+ 5G ඉහළ මට්ටමේ කාර්ය සාධනයක් සහ කල් පැවැත්මක පාරිභෝගිකයින් වෙත ගෙන එනු ලබයි. 200MP AI තාක්ෂණයෙන් සන්නද්ධ මෙම නිෂ්පාදනය ඡායාරූපයන්හි අලංකාරත්වය සහිත සැබෑ වර්ණයන් සමඟින් වැඩි zoom කිරීමේ හැකියාවක් සහ වීඩියෝ පහසුකම් ලබා දීමට සමත් වේ.

අඟල් 6.83කින් සහ nits 3,200 දක්වා උපරිම දීප්තියකින් යුත් CrystalRes AMOLED display සහ Dolby Vision® හා HDR10+ තාක්ෂණයන්ගෙන් සමන්විත 400% දක්වා ශබ්ද වැඩි කළ හැකි dual speakers සමන්විත මෙය පරිශීලකයින් වෙත අසමසම අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ Dolby Atmos® තාක්ෂණයද සමඟිනි.

Snapdragon® 7s Gen 4 Mobile Platform මගින් බලගැන්වෙන හා Xiaomi IceLoop සිසිලන පද්ධතියෙන් සිසිල් කරන Redmi Note 15 Pro+ 5G ප්‍රමුඛ කාර්ය සාධනයක් සනිටුහන් කරනු ලබන්නේ 100W HyperCharge හා 22.5W ප්‍රතිලෝම ආරෝපණයන් සඳහා උපකාරී වන A 6,500mAh ක සිලිකන් – කාබන් බැටරියක් මඟින් දවස පුරා දුරකතනයේ ක්‍රියාකාරීත්වය සහතික කරමිනි.

සුවිශේෂී අවස්ථාවන් සඳහාම නිර්මාණය කර ඇති මෙම ස්මාර්ට් දුරකතනය IP66/IP68/IP69/IP69K දූවිලි හා ජලයට ප්‍රතිරෝධී Corning® Gorilla® Glass Victus® 2 සහ SGS 5-star Premium මඟින් ආරක්ෂාව සලසනු ලබයි.

5G තාක්ෂණය සහිත මනා නිමාවකින් යුත් Redmi Note 15 5G

දූවිලි හා ජලයට ඔරොත්තු දෙන IP66 තාක්ෂණය සහ SGS සහතික කළ ශක්තිමත් කල් පැවැත්මක සහිත 7.35mm  පමණ සිහින් හැඩකාර ස්මාර්ට් ජංගම දුරකතනයක් වන Redmi Note 15 5G, OIS තාක්ෂණයෙන් යුත් 108MP ප්‍රධාන කැමරාවකින් සමන්විත වේ. AI Erase, AI Remove Reflection සහ AI Beautify වැනි සුවිශේෂී  AI හැකියාවන් සහිත එය 120Hz සක්‍රිය කිරීමේ අනුපාතයකින් සහ 3200 දක්වා උපරිම දීප්තියක් සහිත අඟල් 6.77 FHD+ AMOLED තිරයක් මඟින් ආකර්ෂණීය රූප රාමු පරිශීලකයා වෙත ලබා දෙයි.

Snapdragon® 6 Gen 3 මඟින් මෙහෙයවනු ලබන මෙය 5,520mAh බැටරියකින් 45W ටර්බෝ ආරෝපණයකින් සහ 18W ප්‍රතිලෝම ආරෝපණයකින් සමන්විත වන අතරම පරිශීකයින් වෙත සුවපහුසුවක් හා කාර්යක්ෂම බවක් එක් කරනු ලබයි.

සුවිසල් බැටරිය හා විශ්වාසවන්ත බව ගෙන එන Redmi Note 15

6,000mAh ක සුවිශේෂී බැටරියකින් සමන්විත එක් වරක් ආරෝපණය කිරීමෙන් දින 2ක කාලයක් පහසුවෙන් භාවිත කිරීමට හැකියාව උදා කර දෙයි. එමෙන්ම 33W ටර්බෝ ආරෝපණය සහ 18W ප්‍රතිලෝම ආරෝපණය හේතුවෙන් පහසුවෙන් ක්‍රියාකාරීත්වය පාලනය කිරීමටද හැකි වේ. එසේම MediaTek Helio G100-Ultra ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන එය 120Hz සක්‍රිය කිරීමේ අනුපාතයක් සහ nits 3,200 උපරිම දීප්තියක් සහිත අඟල් 6.77ක  FHD+ AMOLED තිරයකින් සමන්විත වේ. එසේම ඇසෙහි ආරක්ෂාව වෙනුවෙන් පහසුවෙන් හා බාධාවකින් තොරව තිරය නැරඹිය හැකි TÜV Rheinland තාක්ෂණයද ඊට අයත් වේ.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ AI සංස්කරණ හැකියාවන් සහිත 108MP ප්‍රධාන කැමරාවක් මඟින් පහසුවෙන් ඡායාරූප ගත කිරීමේ අවස්ථාව ලබා දෙන Redmi Note 15 දූවිලි සහ ජලයට ඔරොත්තු දෙන හා SGS සහතික කළ ආරක්ෂාවක් දුරකතනයට ලබා දෙයි.

සුවිසල් තිරයක් හා ආකර්ෂණීය පෙනුමක් සහිත Redmi Pad

දවස පුරා මනා කාර්යක්ෂමතාවයක් සමඟින් ආකර්ෂණීය හා විශ්වාසදායී අත්දැකීමක් පරිශීකයන්ට ලබා දෙන ආකාරයෙන් නිර්මාණය කර ඇති Redmi Pad 2 සුවිසල් 9000mAh (typ) බැටරියකින් සමන්විත වේ. විශේෂයෙන් සියලු කටයුතු පහසුවෙක් සිදු කර ගැනීමට අවශ්‍ය දිගු බැටරි ආයු කාලයක් ලබා දෙන එය USB Type-C මඟින් 18W වේගවත් ආරෝපණයක් සිදු කර ගැනීමටද හැකි වේ.

90Hz සක්‍රිය කිරීමේ අනුපාතයක් සහිත අඟල් 11ක 2.5K ක්‍රිස්ටල් තිරයකින් සමන්විත එය සුපැදිලි දර්ශන පරිශීලකයින් වෙත ලබා දෙයි. අවම නිල් ආලෝකයක් සඳහා වන TÜV Rheinland, Flicker Free සහ Circadian Friendly තාක්ෂණයන් හේතුවෙන් දිගු වේලාවක් වෙහෙසකින් තොරව තිරය දෙස බලා සිටීමේ හැකියාව ද Redmi Pad 2 ලබා දෙයි.

MediaTek Helio G100-Ultra ප්‍රොසෙසරයකින් බලගැන්වෙන Redmi Pad 2, Xiaomi HyperOS 2 මත ක්‍රියාත්මක වේ. ඉහළ බහුකාර්ය හැකියාව, විනෝදාස්වාදය සහ ඵලදායීතාවයකින් යුත් Redmi Pad 2 එදිනෙදා භාවිතයේදී පරිශීලකයින් වෙත ඉමහත් පහසුවක් උදා කර දෙන අතරම එහි ඇති Dolby Atmos® තාක්ෂණය හේතුවෙන් සුමිහිරි නාද රටාවන් සමගින් ඉමහිරි අත්දැකීමක් ලබා දීමට සමත්ව ඇත්තේ සුපුහැදිලි අයුරින් චිත්‍රපට, ක්‍රීඩා නැරඹීමේ හා වීඩියෝ ඇමතුම් සපයාගැනීමේ හැකියාවද උදා කරමිනි.

අසීමිත විනෝදාස්වාදයක් ගෙන එන Redmi Pad 2 Pro 5G

නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය අත්විඳිමින් ඉහළ කාර්ය සාධනයක් අත්විඳීමට කැමති පරිශීලකයින් සඳහාම නිර්මාණය කර ඇති Redmi Pad 2 Pro 5G, 12,000mAh (typ) සුවිසල් බැටරියකින් සමන්විත වේ. ඉහළ ඵලදායීතාවක් හා බහු කාර්ය හැකියාවක් සහිත Redmi Pad 2 Pro 5G, 33W වේගවත් ආරෝපණයක් සහ 27W දක්වා වන රැහැන් මඟින් ආරෝපණය සමඟින් අනෙකුත් උපාංග සඳහා විශ්වාසදායි බල සැපයුමක් සහතික කිරීමටද හැකි වේ.

120Hz  ක නැවත සක්‍රිය කිරීමේ හැකියාවක් සමඟින් අඟල් 12.1 ක සුපැහැදිලි 2.5K තිරයක් සහිතව වෙළෙඳපොලට හඳුන්වා දෙන Redmi Pad 2 Pro 5G, දිගු වේලාවක් වැඩ කිරීමේ හා ගේම් ක්‍රීඩා කිරීමේ හැකියාව ලබා දෙන TÜV Rheinland Low Blue Light, Flicker Free සහ Circadian Friendly තාක්ෂණයන්ගෙන්ද සමන්විත වේ.

5G තාක්ෂණය සහ Xiaomi HyperOS 2 මඟින් ක්‍රියාත්මක මෙය ඉහළ මට්ටමේ 4nm Snapdragon® 7s Gen 4 කින් බල ගැන්වේ. පරිශීලකයා වෙත ක්ෂණික ප්‍රතිචාර හා ඉහළ කාර්ය සාධනය සහතික කරන අතරම Dolby Atmos® සමඟින්  වැඩි දියුණු කළ Quad හරහා සුපැහැදිලි ශබ්ද රටා ශ්‍රවණය කිරීමේ හැකියාව මෙන්ම ගේම් සහ වීඩියෝ ඇමතුම් පහසුවෙන් සිදු කිරීමේ හැකියාවද ඒ සතු වේ.

Wi-Fi 6, Bluetooth 5.4 තාක්ෂණයන් මෙන්ම 5G සහිත eSIM භාවිත කිරීමේ හැකියාව මෙන්ම Redmi Smart Pen සහ Redmi Pad 2 Pro Keyboard වැනි උපාංග සමඟ භාවිත කළ හැකි Redmi Pad 2 Pro 5G ඔබ යන එන ඕනෑම තැනකදී ඔබේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරනු නිසැකය.

දැන් ශ්‍රී ලංකාව පුරා විහිදුණු අලෙවිසැල් හා හවුල්කාර ආයතනවලින් නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළෙහි විශිෂ්ටත්වය ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අත්විඳිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close