
ඩිමෙන්ශියාව පිළිබඳව දැනුවත් වන ලෙස ලංකා ඇල්සයිමර් පදනම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී
වයසට යාමත් සමඟ ඇල්සයිමර්ස් ඇතුළු අනෙකුත් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ, 2050 වසර වන විටදී මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.
ලෝක ඇල්සයිමර්ස් මාසය සමරනු ලබන මෙම සැප්තැම්බර් මාසයේදී, ජාත්‍යන්තර ඇල්සයිමර්ස් සංවිධානය (Alzheimer’s Disease International – ADI) මෙහෙයවනු ලබන වැඩසටහන යටතේ ගෝලීය ප්‍රජාව සමඟ එක්වී ජනතාව දැනුවත් කිරීමටත්, ඩිමෙන්ශියාව පිළිබඳව ඇති වැරදි වැටහීම් අභියෝග කිරීමටත්, ලංකා ඇල්සයිමර්ස් පදනම (Lanka Alzheimer’s Foundation – LAF) විසින් වැඩසටහන් කිහිපයක් පවත්වනු ලබයි.
වාර්ෂිකව 14වන වරටත් සැමරීමට නියමිනත ලෝක ඇල්සයිමර් මාසය,”ඩිමෙන්ශියාව පිළිබඳව විමසන්න, ඇල්සයිමර් පිළිබඳව විමසන්න” (Ask About Dementia, Ask About Alzheimer’s) යන තේමාව අවධාරණය කරමින්, ලොව පුරා මිලියන 55 කට අධික ජනතාවකට බලපාන රෝගී තත්ත්වයක් පිළිබඳව තොරතුරු සෙවීමට, ප්‍රශ්න ඇසීමට සහ ඒ පිළිබඳව හඬ නැගීම සඳහා ජනතාව බලගන්වනු ලබයි. නිරෝගී යහපත් ජීවන රටාවක් තෝරා ගැනීම හරහා ඩිමෙන්ශියා රෝගීන්ගෙන් අඩක් පමණ රෝගය වැළඳීම ප්‍රමාද කිරීමට හෝ ඉන් වළක්වා ගැනීමට හැකි බවට ඒ පිළිබඳව කර ඇති පර්යේෂණවලින් පෙනී ගොස් තිබේ. නමුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් 65% ක් සහ මහජනතාවගෙන් 80% ක් තවමත් ඩිමෙන්ශියාව රෝගය වයසට යාමේදී ඇතිවන සාමාන්‍ය රෝග තත්ත්වයක් බවට විශ්වාස කෙරෙන වැරදි වැටහීම් තුළ සිටිමින් කටයුතු කරයි.
ශාරීරික හා මානසික සෞඛ්‍ය වර්ධනය ප්‍රවර්ධනය කරමින් මහජනතාව දැනුම්වත් කරනු ලබන වැඩසටහන් දෙකක් ලංකා ඇල්සයිමර් පදනම විසින් මෙම සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ශාරීරික ක්‍රියාකාරකම් හරහා මානසික සෞඛ්‍යයට ඇති බලපෑම ඉස්මතු කිරීම සඳහා සංවිධානය කර ඇති Run to Remember වැඩසටහන කිලෝමීටර 5 ක ධාවන තරගයකි. එය කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයෙන් ලබන සැප්තැම්බර් මස13 වන දින සවස 4:30 ට ආරම්භ කිරීමට නියමිතය.
Memory Walk 2025 යනු ඩිමෙන්ශියාවෙන් පීඩාවට පත් වූවන්ගේ පවුල්, රැකබලා ගන්නන් සහ සහය දක්වන කණ්ඩායම් එක්රැස් කරමින් හා ඔවුන් අගයමින් කෙරෙන දැනුම්වත් කිරීමේ පාගමනකි. මෙම පාගමන සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයෙන් සැප්තැම්බර් මස 27 වන දින පෙ.ව. 7:30 ට ආරම්භ වේ. ඒ සඳහා වන දිනුම් ඇදීමක් සහිත ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 300 කි.
මෙම වැඩසටහන් සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ADZ Insurance Brokers (Private) Limited, ජනශක්ති රක්ෂණ සමාගම, MTV, විජය පුවත්පත් සමාගම හා Hi online, ටාජ් සමුද්‍රා සහ සිනමන් ග්‍රෑන්ඩ් කොළඹ යන ආයතන හා සමාගම් විසින් සිය අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ඇල්සයිමර් පදනමේ සභාපති මහාචාර්ය ෂෙහාන් විලියම්ස් මහතා මෙසේ පැවසීය. ”මෙම වැඩසටහන් වලදී අප ගන්නා සෑම පියවරක්ම අවබෝධය, සහයෝගය සහ බලාපොරොත්තුව කරා යන පියවරක්. “ඩිමෙන්ශියාව පිළිබඳ ප්‍රශ්න ඇසීමෙන් සහ සංවාදයක යෙදීමෙන්, අපට මෙම රෝගය පිළිබඳව ඇති වැරදි වැටහීම් අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම කාලෝචිත රෝග විනිශ්චය කිරීමෙන් පවුල්වලට රැකවරණය සහ සහයෝගය ලබා ගැනීම බලගැන්වීමට හැකියාව ලැබෙනවා.”
ගෝලීය වශයෙන්, සෑම තත්පර තුනකට වරක්ම එක් පුද්ගලයෙකුට ඩිමෙන්ශියාව වැළඳේ. 2030 වසර වන විට දී ඩිමෙන්ශියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 78 දක්වාත්, 2050 වසර වන විට එම තත්ත්වය මිලියන 139 දක්වාත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කලාපීය වශයෙන් වේගයෙන්ම වයස්ගත වන ජනගහනයක් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති අතර, 2035 වසර වන විට සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 65 ට වැඩි බවට ඇස්තමේන්තු කර ඇත. මේ හේතුවෙන් ඩිමෙන්ශියාව රෝගය ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වනු ඇත.
ඩිමෙන්ශියා රෝගය පිළිබඳ දැනුම්වත් කිරීම සහ උපදේශනය සේවා පැවැත්වීම සඳහා මැදිහත්වී කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු ව්‍යවස්ථාපිත නොවන සංවිධානය වන්නේ ලංකා ඇල්සයිමර් පදනමයි. එම පදනම ඇල්සයිමර් හා ඩිමෙන්ශියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට කැපවී කටයුතු කරයි. සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර ඇති ලංකා ඇල්සයිමර් පදනම, ඩිමෙන්ශියා රෝගී තත්ත්වය වටා ගොඩ නැගී ඇති දුර් මත සහ වැරදි තොරතුරු නිරවද්‍ය කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන අතරම නොමිලේ අධ්‍යාපනය, රැකවරණය සහ උපකාරක සේවා සපයනු ලබයි.
Run to Remember සහ Memory Walk වැඩසටහන් සඳහා සහභාගී වන ලෙසත්, සමාජ මාධ්‍යවල #AskAboutDementia, #AskAboutAlzheimers සහ #WorldAlzMonth යන ප්‍රචාරක හැෂ් ටැග් භාවිතා කරමින් මේ හා සම්බන්ධ වන ලෙසත් ලංකා ඇල්සයිමර් පදනම මහජනතාවට ආරාධනා කරයි.
මේ පිළිබඳව වැඩි විස්තර සඳහා https://alzlanka.org හි LAF වෙබ් අඩවිය ඔස්සේ සහ 011-2667080 / 2667082 අංකය හරහා ලබා ගත හැකිය.