එක් සෞඛ්‍යමත් අනාගතයක් සමග පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් 77වන සමුළුව මෙරට පශුවෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ වැඩසැලසුමක් දියත් කරයි
ශ්‍රී ලංකා පශුවෛද්‍යවරුන්ගේ 77වන වාර් ෂික මහා සභා රැස්වීම සහ සමුළුව මහත් උත්කර් ෂවත් අන්දමින් පසුගිය නොවැම්බර් 4වන දින ශ්‍රී ජයවර් ධන පුර මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වින. ජනාධිපති ලේකම් ආචාර් ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රධාන අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ජපන් සහයෝගීතා ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ නියෝජිත ටකුමා නොගුචි ඇතුලු පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය උගතුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වයක් සහිත වෘත්තිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
77වන මහ සභා සමුලුවේ පිලිගැනීමේ කථාව හිටපු ලේකම් පශුවෛද්‍ය චතුර ප්‍රියදර් ශන විසින් සිදු කල අතර හිටපු සභාපති උශාන් පල්ලේගම මහතා සිය කථාව තුල ඔහුගේ නායකත්වය තුලින් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය අත්කර ගත් ප්‍රගතිය සහ සිදු කල වැඩසටහන් මෙන්ම ඒ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාට සිය කෘතඥතාව පල කලේය.
මෙම උත්සවයෙහි තවත් වැදගත් අංගයක් වූයේ පශුවෛද්‍ය ක්ෂේත්‍රයට මහත් දායකත්වයක් ලබා දුන් පශුවෛද්‍ය අතුල මහගමගේ මහතා ගේ කාර්යභාරය ඇගයීමට ලක් කිරීමයි. විශේෂයෙන් බ්‍රොයිලර් කුකුළුමස් කර් මාන්තයේ ප්‍රගමනය සඳහා ඔහු ලබා දුන් විශේෂඥ දැනුම මෙම ක්ෂේත්‍රයේ උන්නතියට විශාල පිටිවහලක් විය. ඒමෙන්ම ලෝක පශුවෛද්‍ය සංගමය විසින් පිරිනැමු ගෝලීය සත්ව සුබසාධන හිමිකර ගත් මහාචාර් ය මංගල ගුණතිලක මහතා ඇගයීමද මෙවර මහ සභා සමුළුව තුල සිදු කෙරිණ.
ශ්‍රී ලංකා පශුවෛද්‍යවරුන් ගේ 77වන මහ සභා සමුළුවේදී ඉදිරි වසර සඳහා සංගමයේ 78 වන සභාපතිවරයා ලෙස පශුවෛද්‍ය සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා පත්කර ගන්නා ලද අතර ඉදිරි වසර සඳහා සංගමයේ 78වන විධායක මණ්ඩලය ද පත් කර ගන්නා ලදි. ඉදිරි වසර තුල සංගමය වෘත්තීය විශිෂ්ටත්වයෙන් , විද්‍යාත්මක සමීක්ෂණ සිදු කරමින් , සහ ජාතික මෙහෙවරක් ඉටු කිරීම යන මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සිය ඉදිරි වැඩසැලසුම පිලිබඳව පශුවෛද්‍ය සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා සභාව ඇමතීය. ඔහු විසින් දියත් කිරීමට නියමිත එක් සෞඛ්‍යමත් අනාගතයක් සමග පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් සිදු කෙරෙන පශු වෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ වැඩ සැලසුම පිලිබඳව දීර් ඝ වශයෙන් කරුණු පැහැදිලි කලේය.
“ අපගේ වෘත්තීය ජීවිතය තුල අපි කිසියම් තීරණාත්මක සන්ධිස්ථානයකට ඒළැඹ ඇති අතර නව මානයන් කරා අපගේ වෘත්තිය ගෙන යෑමේදී අපි වඩාත් උපායමාර් ගික, සහ සහයෝගීත්වය අගයන පිරිසක් ලෙස කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව මගේ හැඟීමයි. මීට අමතරව මහජන සෞඛ්‍ය, සත්ව සුබසාධනය, ආහාර සුරක්ෂිතතාව, සහ පාරිසරික සංරක්ෂණය වැනි කටයුතුවලදි පශුවෛද්‍යවරයාගේ කාර්යභාරය වඩාත් සහ සංගමයේ සක්‍රීය මැදිහත් වීම ලබා දීමට මම අපේක්ෂා කරනවා. ඒ සඳහා අප විසින් යෝජනා කරනු ලබන එක් සෞඛ්‍යමත් අනාගතයක් සමග පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරන ඒකාබද්ධ වැඩසැලසුම තුලින් විශාල කාර්ය භාරයක් සිදු කල හැකි බව මට විශ්වාසයි ” යනුවෙන් පැවසීය.
මෙවර සමුලුව තුල වෛද්‍ය සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා 2026 වසර තුල ඔහුගේ කණ්ඩායම විසින් සිදු කිරීමට අපේක්ෂා කරන වැඩපිලිවෙල පිලිබඳව පැහැදිලි කිරීමක් සිදු කල අතර මෙම වැඩපිලිවෙල ජාත්‍යන්තර පශුවෛද්‍ය සහයෝගීතාවන් සහිතව ක්‍රියාත්මක කිරීමට ඔහු අපේක්ෂා කරයි. ජාතික පශුවෛද්‍ය ශාස්ත්‍රීය සඟරාව යලි සක්‍රීය කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මෙම ක්ෂේත්‍රයේ සිදු කෙරෙන පර් යේෂණ සහ පශුවෛද්‍ය වෘත්තිකයින් දැනුමෙන් සන්නද්ධ කිරීමට කටයුතු කරනු ඇත. මීට අමතරව ජාත්‍යන්තර විද්‍යාත්මක සමුලුව 2026 මහත් අභිමානවත් අන්දමින් පැවැත්වීමට සහ ශ්‍රී ලංකාව පශුවෛද්‍ය ක්ෂේත්‍රයේ කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කරලීමටද ඔහු අපේක්ෂා කරයි. ඒමෙන්ම ජලබීතිකා රෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීම සඳහා වන ජාතික වැඩසටහනක ප්‍රවේශය “One Health” වැඩසටහන හරහා වේගවත් කිරීමද සිදු කෙරෙනු ඇත. මෙරට ආර් ථිකය සවිබල ගැන්වීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දීමට ද පශුවෛද්‍ය සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලුව සිය විධායක කමිටුව වැඩසටහන් රැසක් දියත් කිරීමට නියමිතය. මේ අතුරින් මෙරට දියර කිරි නිෂ්පාදනය 70%කින් වර් ධනය කිරීම සඳහා අදාල පාර් ෂවයන් සමග සමීපව කටයුතු කිරීමටත් දැනට දේශීය අවශ්‍යතාව මුලුමනින්ම සපුරා ඇති කුකුළු මස් සහ බිත්තර කර් මාන්තය අපනයන කර් මාන්තයක් බවට පරිවර් තනය කිරීම සඳහා වන මැදිහත් වීමද ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පශුවෛද්‍ය සංගමය විසින් ලබා දෙනු ඇත. මීට අමතරව පේරාදෙණිය සරසවිය සමග අතවැල් බැඳගනිමින් ජාතික කර් මාන්ත දින උලෙ මහත් හරසරින් වඩාත් අර් ථාන්විතව පැවැත්වීමට සහ ඒ තුලින් මෙරට පශු වෛද්‍ය වෘත්තිකයින් නව ලොව දැනුමින් සන්නද්ධ කිරීමට ද ඔහු අපේක්ෂා කරයි.

