
වැනීසියේ අසිරිය ශ්‍රී ලංකාවේ මවන Veneziaby Prime Group වෙතින් Apartments වෙන්කරවා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් ලෙස සැලකෙන Prime සමූහ ව්‍යාපාරයේ නවතම ව්‍යාපෘතිය වන Venezia by Prime Group වෙතින් Apartments මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට දැන් අවස්ථාව උදා වී ඇත. මීගමුව ප්‍රදේශයේ සියලු පහසුකම්වලට නුදුරින් මනරම් පරිසරයක මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරේ.
Venezia නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම Water Villa Themed Serviced Apartments වර්ගයේ නිවාස එකතුව ලෙස සැලකේ. මනරම් දසුන් මවන මීගමුව කලපුව මැනැවින් දිස්වෙන පරිද්දෙන් මෙහි සෑම නිවසක්ම සැලසුම් කර ඇත. වැනීසියේ සදාතන රමණීයත්වයෙන් ආභාසය ලබමින් නිර්මාණය කර ඇති මෙම නිවාස ඒ අතීත සෞන්දර්යත් වර්තමාන සුඛෝපභෝගීත්වයත් මැනැවින් එක්තැන් කරයි.
ප්‍රයිම් සමුහයට සුපුරුදු අනර්ඝතම ප්‍රමිතියට අනුකුලව නිමැවෙන Venezia ව්‍යාපෘතිය, ජිවත්වීමට සුදුසු තවත් තැනකට එහා ගිය විශිෂ්ටත්වය හා සුවපහුවෙන් සපිරි අද්විතීය නැවතුමක අත්දැකීමට හිමිකම් කියන තෝතැන්නකි. Dreamy gondola rides, sparkling infinity lagoon pool, floating pods, kids’ play haven, sunken-lounge lagoon bar ආදී වූ අoග රැසකින් නිවෙස් හිමියන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන්’ නිමැවූණු Venizia නිදහස සහ සිනහව සපිරි සුවපහසු තැනක් වනු ඇත. ශ්‍රී ලoකාවේ ප්‍රථම වරට ඉදිවෙන Water cinema පහසුකම සුවිශේෂී වන අතර සෑම නිවසක්ම Private Jacuzzis පහසුකමෙන්ද සමන්විත වේ.
“Venezia යනු හුදෙක් නිවාස ව්‍යාපෘතියක් පමණක් නොවෙයි. එය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය පැමිණ ඇති දුර සහ එහි අනාගත දිශානතිය මැනැවින් නිරූපණය කරන සංකේතයක්. අපේක්ෂිත කුලී ආදායම් අනුපාතය 12% ට වැඩි සහ අපේක්ෂිත ප්‍රාග්ධන ලාභ අනුපාතය 80% ඉක්මවන මෙම ව්‍යාපෘතිය සුවපහසු ජීවිතයක සහ නැණවත් ආයෝජනයක ප්‍රතිලාභ එක්තැන් කරන ව්‍යාපෘතියක් ලෙසද හැඳින්වීමට පුළුවන්. සුවපහසු ජීවිතයක සහ නැණවත් ආයෝජනයක ප්‍රතිලාභ එක්තැන් කරන ව්‍යාපෘතියක් ලෙසද හැඳින්වීමට පුළුවන්. වැනීසියෙන් ආභාසය ලබමින් සැලසුම් කර ඇති, මීගමුව කලපුවට නුදුරින් සුවිශේෂී ස්ථානයක පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය, අලංකාරය, සුවපහසුව සහ වටිනාකම නොඅඩුව ඔබට තිළිණ කරනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. මෙය මීගමුව නගරයෙන් ජාත්‍යන්තර තලයේ නිවසක් හිමි කර ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසීය.
ජීවන රටාව නව මානයක් වෙත ගෙනයන Wellness sanctuary, Signature restaurant serving italian, german and French cuisine, butler service, professional house keeping service ආදී සුවීශේෂ වරප්‍රසාද රැසකින්ද Venezia සමන්විත වේ.
Venezia ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ කටුනායක අධිවේගී මාර්ගය, මීගමුව වෙරළ තීරය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කොළඹ වරාය නගරය වැනි ප්‍රධාන පෙළේ ස්ථාන මෙන්ම ජනප්‍රිය පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් ඇතුළු පහසුකම් රැසකට නුදුරිනි. එය නූතන ජීවන රටාවන්ට අත්‍යවශ්‍ය සුවපහසුව සමගින් මානසික නිදහසට අවශ්‍ය නිහඬ සැහැල්ලුව නොඅඩුව පිරිනමන නිවාස එකතුවක් ලෙස හැඳින්විය හැකි වේ.
පාරිසරික සෞන්දර්ය සමගින් හෝටල් පන්නයේ සුවපහසුකම් එක්තැන් කරන Venezia නිවාස දෛනික ජීවිතයේ සෑම නිමේශයක්ම සුන්දර මතකයක් බවට පත්කරනු ඇත. මෙය හුදෙක් නිවසක් මිලදී ගැනීමක් හෝ ආයෝජනයක් පමණක් නොව, ජීවිතයේ සෑම දිනක්ම පාරාදීසයක ගතකරන විවේකයක් බවට පත් කරන තෝරාගැනීමකි.