
Pinnacle සම්මාන දෙකකින් Unique Industrial Solutionsපිදුම් ලබයි
සුරක්ෂිතතා උපාංග සහ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Unique Industrial Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරක්ෂිතතා විසඳුම් හා උපාංග සැපයුම්කරු (සුරක්ෂිතතා අංශය) සහ වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (සුරක්ෂිතතා උපාංග සැපයුම්කරු) යන සම්මානවලින් පිදුම් ලැබුවේය. 2016දී ඇරැඹූ Unique Industrial Solutions සමාගම උසස් තත්ත්වයේ සුරක්ෂිතතා සහ පාරිසරික විසඳුම් සැපයීම පිළිබඳව කීර්තියක් දිනා ඇත. පෞද්ගලික ආරක්‍ෂක උපාංග සඳහා වන 3M, වැටීම් ආරක්‍ෂක උපාංග සඳහා වන Life Gear, වායු හඳුනා ගැනීම සඳහා වන Watch Gas වැනි ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමවල බලය ලත් බෙදා හැරීමේ නියෝජිතයා ලෙසද එම සමාගම කටයුතු කරයි.
අපජලය පිරිසුදු කිරීම, රිවර්ස් ඔස්මොසිස් පද්ධති වැනි සේවාද සපයන Unique Industrial Solutions පරිසර ආරක්ෂණ ව්‍යාපෘති දියත් කරන සමාගම් අතර ප්‍රමුඛයෙක් වේ. තිරසාරත්වයට ප්‍රමුඛතාව දෙමින් පරිසර දූෂණය අවම කිරීමටත්, ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමටත් කැප වී සිටින එම සමාගම දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද සම්මාන සහ ඇගැයීම් රැසක් ලබා තිබේ. සුරක්ෂිතතා රටාව වැඩි දියුණු කිරීමට සිය පාරිභෝගිකයන් වෙනුවෙන් කාර්මික පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සහ පුළුල් සමීක්ෂණ සිදු කිරීම එම සමාගමේ සුවිශේෂ ලක්ෂණයකි. බහු ජාතික සමාගම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන සමාගම්වලට සේවා සපයන Unique Industrial Solutions මේ වසරේදී GLAMMER, BRAVO සහ TUSKER යන සන්නාමවලින් ඔවුන්ගේම ආරක්‍ෂිත සපත්තු වර්ග තුනක් හඳුන්වා දීමට සැළැසුම් කර ඇත. “සේවා ස්ථානවල සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, නව්‍ය සහ තිරසාර විසඳුම් තුළින් පරිසරය ආරක්ෂා කිරීමටත් අපි කැප වී සිටිනවා. මෙම සම්මාන තුළින් උසස් තත්ත්වයේ සේවා සැපැයීමට අප සතු කැපවීමත්, අපගේ සේවා කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසයත් තහවුරු වෙනවා.” කළමනාකරණ අධ්‍යක්ෂ කැලුම් පෙරේරා මහතා පැවසීය.
2 Comments
Hello, you used to write wonderful, but the last few posts have been kinda boring… I miss your tremendous writings. Past several posts are just a bit out of track! come on!
I really appreciate this post. I have been looking all over for this! Thank goodness I found it on Bing. You’ve made my day! Thx again