September 8, 2024
මේසන් හා වෙල්ඩින් ශිල්පින්ට NVQ සුදුසුකම ලැබීමට මෙල්වා සමාගමෙන් විශේෂ පුහුණු වැඩමුළු දෙකක්
පුවත්

මේසන් හා වෙල්ඩින් ශිල්පින්ට NVQ සුදුසුකම ලැබීමට මෙල්වා සමාගමෙන් විශේෂ පුහුණු වැඩමුළු දෙකක්

Nov 6, 2023

ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් සහ වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ එම ශිල්පීන්ට ජාතික වශයෙන් පිළිගත් NVQ තෙවැනි මට්ටමේ සුදුසුකම හිමි කර දීමේ අරමුණින් විශේෂ පුහුණු වැඩසටහන් ද්විත්වයක් අම්පාර සහ සයින්දමරුදු ප්‍රදේශවලදී පවත්වන ලදී.

මෙල්වා සමාගමේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සහ සංවිධායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩමුළු සදහා 300කට අධික මේසන් සහ වෙල්ඩින් ශිල්පීහු සහභාගී  වූහ. මෙම වැඩමුළුවේදී ඉදි කිරීම් කටයුතු සඳහා නිවැරැදි තාක්ෂණය යොදා ගනිමින් වානේ කම්බි සහ GI බට භාවිත කරන ආකාරය සහ මෙල්වා සමාගම මෑතකදී හඳුන්වා දුන් වෙල්ඩින් කූරු නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳව එම ශිල්පීන්ව දැනුවත් කරන ලදී. එසේම වැඩමුළුව සඳහා සහභාගී වුණු සියලු දෙනාටම මෙල්වා සමාගම විසින් වටිනා සහතිකයක්ද පිරිනමන ලදී. වැඩමුළුව සඳහා සහභාගී වූ පිරිසෙන් තෝරා ගත් කණ්ඩායමකට ජාතික වෘත්තීය පුහුණු අධිකරිය පිරිනමන NVQ තෙවැනි මට්ටමේ ජාතික සහතිකය හිමි කර ගැනීමට අවශ්‍ය පුහුණු සහ මූල්‍ය දායකත්වය මෙල්වා සමාගම විසින් සපයන ලදී. මෙම වැඩමුළුව සදහා සහභාගී වූ සියලුම මේසන් සහ වෙල්ඩින් ශිල්පීන්ට වටිනා උපකරණ කට්ටලයක් පිරිනැමිමටද මෙල්වා සමාගම කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන්ට නිසි වෘත්තීය පුහුණුවක් සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ලිඛිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අවස්ථාව උදා කර දිමේ අරමුණින් මෙල්වා සමාගම මෙම වැඩසටහන් මාලාව දිවයින පුරා ක්‍රියාත්මක කරයි. පළපුරුද්දට අමතරව NVQ වැනි පිළිගත් වෘත්තීය සුදුසුකමක් තිබීම දෙස් විදෙස් රැකියා අවස්ථා උදා කර ගැනීමට විශේෂ සුදුසුකමක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *