December 22, 2024
NDB බැංකුව විසින් බලගැන්වූ 78 වෙනි Bradby පළිහ වසර 10කට පසු මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට!
පුවත්

NDB බැංකුව විසින් බලගැන්වූ 78 වෙනි Bradby පළිහ වසර 10කට පසු මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට!

Sep 28, 2024

78 වැනි Bradby පළිහ දෙවැනි අදියර 2024 සැප්තැම්බර් 7 වෙනි දින, පල්ලෙකැලේ ත‍්‍රිත්ව විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. තියුණු සටනකින් පසුව මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 23-22ක විශිෂ්ට ජයක් අත්කර ගනිමින් වසර 10 කට පසුව Bradby පළිහ තමන් සතු කර ගන්නා ලදී. ඔවුන්ගේ මෙම ඓතිහාසික ජයග‍්‍රහණයට, පෙර පැවති පළමු අදියරේ තරඟයේදී ඔවුන් ලබාගත් ලකුණු 17-16 ක ජයග්‍රහණය ද ඇතුලත් විය.

මෙම විශිෂ්ට ජයග්‍රහණයට, සුවිශේෂී දස්කම් දක්වමින් විශාල කාර්යභාරයක් සිදු කළ ත‍්‍රිත්ව විද්‍යාලයේ ෂාන් අල්තාෆ්, තරගයේ වීරයා ලෙස NDB වෙතින් සම්මානිත විය. NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ කැළුම් එදිරිසිංහ සහ NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා යන මහත්වරුන් විසින් ෂාන් හට මෙම සම්මානය පිරිනමන ලදී.

NDB බැංකුව නැගී එන දක්ෂකයින්ට සහය පමණක් නොව ඔවුන් අගය කිරීමද සිදුකරයි. ෂාන්ගේ මෙම විශිෂ්ට දක්ෂතාවය තවදුරටත් රග්බි ක‍්‍රීඩාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් යෙදවිය හැකි බවද, එවැනි දක්ෂකයින් අගය කිරීමෙන් ඔවුන්ගේ ක‍්‍රීඩා දක්ෂතාවයන් ඉහළ නැංවීමට පෙළඹවීමක් ද මෙමගින් සිදුවේ.

තවද NDB Pixel, නවතම ඩිජිටල් ගිණුම මෙවන් අති දක්ෂ යොවුන් වියේ පසුවන්නට සුවිශේෂී දිරිමත් කිරීමක් ද වේ. NDB Pixel තුලින් ඔවුන්ව මූල්‍ය සාක්ෂරතාවයේ දක්ෂකයෙකු කරවීමට සූදානම් කරයි.

NDB Pixel අද්විතීය ඩිජිටල් ඉතුරුම් ගිණුමකි. මේ සඳහා ඩෙබිට් කාඞ්පත් මෙන්ම ඩිජිටල් ස්වයං බැංකුකරණ  සේවා ද හිමි වේ. මෙමඟින් වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වියේ විසුවන්ට ඔවුන්ගේ NEOS ඩිජිටල් සේවාව ඔස්සේ මුදල් කළමනාකරණය කිරීමටද හුරු පුරුදු කරවයි.

එපමණක් නොව, NDB Pixel, ඔවුන්ගේ ගනුදෙනු ආරක්ෂිතව සිදු කිරීමට මෙන්ම පාසල් ගාස්තු සහ අන්තර්ජාලය හරහා සිදු කරන මිලදී ගැනීම් වෙනුවෙන් වන වියදම් වැනි අනෙකුත් දෛනික වියදම් කළමනාකරණය සඳහා අවශ්‍ය මූල්‍ය සාක්ෂරතාව ගොඩනඟන සුවිශේෂී ඉතුරුම් ගිණුමකි.

Bradby තරඟය අතරතුර, NDB බැංකුව විසින් නවීන තාක්ෂණය සහ පේ‍්‍රක්ෂකයන්ට නවමු අත්දැකීමක් මුසු කරමින් ඩ්‍රෝන යානා හරහා ඔවුන් අතරට QR කේත ලබා දීමද, එම QR කේත ස්කෑන් කරන ලද නරඹන්නන් හට ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමට ද අවස්ථාව සලසා තිබිණි.

NDB බැංකුව රාජකීය සහ ත‍්‍රිත්ව පාසල් කණ්ඩායම් දෙකටම ඔවුන්ගේ විශිෂ්ට ක‍්‍රීඩාශීලිත්වයට සුභාශිංසන එක් අතර ඔවුන්ගේ රග්බි ක‍්‍රීඩාවේ අඛණ්ඩ සාර්ථකත්වයට සුබ පැතුම් එක් කරන ලදී. NDB බැංකුව මෙවැනි කීර්තිමත් හා සුවිශේෂී තරඟයක කොටස්කරුවෙකු වීම ගැන ආඩම්බර වන අතර අනාගත දක්ෂතා පෝෂණය කිරීමට සහ ක‍්‍රීඩාවේ උන්නතියට මෙන්ම විශිෂ්ටත්වය ප‍්‍රවර්ධනය කිරීමට නිබඳවම කැපවී සිටී.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *