January 22, 2026
TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි
පුවත්

TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

Jan 12, 2026

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Acorn සමූහයේ ශක්තිය සමඟින් සංචාරක කර්මාන්තයේ නවමු හෙට දවසක් වෙනුවෙන් TONIK පෙරමුණ ගනියි

දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් TONIK සන්නාමය පසුගියදා එළිදක්වන ලදී. ආසියානු වෙළෙඳපොල තුළ ගුවන් සේවා, සංචාරක, සැපයුම්, හෝටල්, රක්ෂණ හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ගැඹුරින් මුල් බැසගෙන ඇති කලාපයේ වඩාත් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Acorn සමූහය යටතේ ඇරඹි TONIK සන්නාමය මගින් මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා Acorn සමූහයේ දිගුකාලීන කැපවීම පෙන්නුම් කරයි.

දශක ගණනාවක ජාත්‍යන්තර අත්දැකීම් සහිත Acorn සමූහයේ දැක්ම හා ප්‍රවීනත්වය මත ගොඩනගා ඇති TONIK සෑම ගමනාන්තයක්ම අමතක නොවන අත්දැකීමක් බවට පත් කරනු ඇතැයි සමූහයේ විශ්වාසයයි. ඒ වෙත පැමිණෙන සියලු සංචාරකයන් වෙනුවෙන් සුවිසල් වටිනාකමක් ලබාදෙමින් ඉහළ යමින් පවතින ගෝලීය සංචාරක අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් ඇරඹි TONIK සන්නාමය ජාත්‍යන්තර තත්වයේ සංචාරක අත්දැකීමක් හිමිකර දෙන දියුණු සංචාරක මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අරමුණු කොට ගෙන ඇත.

මෙම සුවිශේෂී ඇරඹුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ Acorn සමූහයේ හවුල්කරුවකු වන හරිත් පෙරේරා මහතා සඳහන් කර සිටියේ “ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ලොව පුරා වඩා අවදානය දිනා ගන්නා සංචාරකයින් වෙනුවෙන් දියුණු හා විවිධත්වයෙන් යුත් සේවාවක් ලබා දීමට සැදී පැහැදී සිටිනවා. TONIK හි දැක්ම ‘Every Stay Is a Story’ සංචාරක කර්මාන්තයේ වර්ධනය සමඟ මනාව ගැලපෙනවා. එහිදී සංචාරක සේවාවේ අව්‍යාජත්වය, සංස්කෘතිය මෙන්ම පොහොසත් අත්දැකීම් වඩාත් වැදගත් වනවා. ශ්‍රී ලාංකේය ප්‍රජාව, ශිල්පීයත්වය සහ ඉතිහාසය තුලින් මෙම සංචාරක කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම TONIK සන්නාමය විසින් ඉදිරියට ගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ දියුණු සංස්කෘතිය සංචාරක ආකර්ෂණය ඉහළ නංවමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයට තිරසාර වටිනාකමක් එක් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.

TONIK සන්නාමයේ ‘Every Stay Is a Story’ යන දැක්ම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් TONIK Villas හරහා අසමසම සංචාරක අත්දැකීමක් ලබාදීමට කටයුතු කර ඇති TONIK හි විශේෂත්වය වන්නේ සෑම විටම දේශීය ගෘහ නිර්මාණ ශිල්පය හා දේශීයත්වය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීමයි. අලංකාර දසුන් නෙත ගැටෙන අයුරින්, නිදහසේ විවේකය ගත කිරීම වෙනුවෙන් නිමවා තිබීම TONIK Villas හි විශේෂත්වයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ TONIK හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දරරාජ් ගෝකුලරාජ් මහතා “TONIK සමඟින් සංචාරක ක්ෂේත්‍රයේ නවමු පරිවර්තනයක් ඇරඹීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. සංචාරක කර්මාන්තයේදී ශ්‍රී ලංකාව භාවිත නොකළ බොහෝ දේ තිබෙනවා. ඒ අතුරින් හෙලි නොවූ ඉතිහාසය, සම්ප්‍රදායන් හා අත්දැකීම් ඉතා වැදගත් වනවා. TONIK හිදී මේ සියලු දේ නවෝපාදනයන් සමඟින් එක්ව නිර්මාණාත්මකව බෙදාගැනීමට අපි බලාපොරොත්තු වන අතර අපගේ සංචාරක ව්‍යාපාරය ආකර්ෂණීය හා චමත්කාරජනක අයුරින් නිර්මාණය කරමින් නව ඇරඹුමක් සනිටුහන් කිරීම අපගේ අපේක්ෂාවයි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ Villas සහ Boutique Villas හිමි පුද්ගලයින් සඳහා සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දීමට TONIK සමත් වීමයි. මාලදිවයින, මැදපෙරදිග, යුරෝපය පුරා ශක්තිමත් ජාලයකට හිමිකම් කියන Acorn සමූහය හට සංචාරකයින් පිළිබඳ මනා අවබෝධයක් ඇත- ලොව වඩාත් ලාභදායී සංචාරක ක්‍රමයන් ඒ වෙත ගෙන ඒමට Acorn සමූහය කටයුතු කර ඇත්තේ සිය හැකියාවන් නව වෙළෙඳපොල වෙත විශ්වාසයෙන් ව්‍යාප්ත කරමිනි.

ගෝලීය සංචාරක අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇති සිය සුවිශේෂී සත්කාරක සේවාව හා තාක්ෂණය සමඟින් සෑම සංචාරකයෙකුටම ගැළපෙන සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් සුවහසක් සංචාරක අවශ්‍යතාවන් සපුරාලීමට TONIK සන්නාමය කටයුතු කරනු ඇත.

ඒ අනුව මෙරට අනාගත සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ සුවිසල් වෙනසකට මුල පුරමින් නව ගමනක් සනිටහන් කරන මෙම දියත් කිරීම Acorn සමූහයට මෙන්ම ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයටද සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නිසැකය.

ශ්‍රී ලංකාවේ සංචාරක උරුමය හා සංස්කෘතික විශිෂ්ටත්වය පොහොසත් සංචාරක ආකර්ෂණයක් වෙනුවෙන් දායාද කරමින් සුවිශේෂී සන්නාමයක් බවට TONIK පත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close