July 1, 2025
ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය
පුවත් අලූත් යමක් ජීවිතය

ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

Mar 17, 2025
උදිත අරෝෂ් විසිනි

මට මතක ඇති කාලයක සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරනු ලබන සෑම තරඟාවලියකදී නිල්වන් සහ රන්වන් පැහැති ඇඳුමෙන් සැරසුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ලොව ප්‍රබල රටවල් සමඟ තරඟ වැදුණි. ශ්‍රී ලංකාව ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර සිටි බව ඉන් පැවසුන අතර ඒ නිසාම නිරන්තරයෙන් කුතුහලය දනවන හදවත විටින් විට තැති ගන්වන සිදු වීම්ද බොහෝ විය. එහෙත් මෙවර ශූරයින්ගේ කුසලාන තරඟාවලිය ඊට හාත්පසින්ම වෙනස් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනයක් එහි දක්නට නොලැබුණ බැවිණි. 

1996 වසරේ සිට මේ දක්වා මිලියන 22ක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී ලබා ඇති ජයග්‍රහණයන් අති මහත්ය. 1996 වසරේ ලෝක ශූරයන් වූ ඔවුන් 2003 වසරේදී එක්දින ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයටත්, 2007 හා 2011 වසරවලදී අවසන් මහ තරගයටත් සුදුසුකම් ලැබීය. 20 – 20 ක්‍රිකට් ඉතිහාසයේ 2009 සහ 2012 වසරයන්හිදී අවසන් මහා තරඟය දක්වා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව 2014 වසරේදී ලෝක ශූරයන් බවට පත් වූ අතර 2002 වසරේදී ශූරයින්ගේ කුසලානයේ සම ජයග්‍රාහකයින් බවට පත් විය. එහෙත් 2025 ශූරයින්ගේ කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේ හෝ අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකාව සිටිනු අපට දැක ගැනීමට නොහැකි විය. ඒ ශ්‍රී ලංකාව එම තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා නොමැති වීම නිසාවෙනි.

ප්‍රකාශ කළ කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව නොමැති වීම කණගාටුවකි. එසේ වූයේ 2023 එක්දින ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි විය. ක්‍රිකට් උන්මාදයකින් පෙළෙන ශ්‍රී ලාංකිකයින්ට මෙවර ප්‍රධාන තරඟාවලියක ශ්‍රී ලංකාව දක්නට නොලැබීම සිතාගත නොහැකි කරුණක් වුවත් ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ටද අද එය විඳීමට සිදුව ඇත.

අන්තර්ගත නිර්මාණකරුවකු ලෙස මගේ ලෝකය ක්‍රිකට් වටා ගොඩනැගී ඇත. එසේ හෙයින් මගේ TikTok අන්තර්ගතයන් ශ්‍රී ලාංකේය ක්‍රිකට්හි විශේෂ අවස්ථා, දැවැන්ත 6 පහරවල්, ඉන්ද්‍රජාලික සිදුවීම් සහ සුවිශේෂී ජයග්‍රහණවලින් පිරී ඇත. තරඟාවලීන්හි අපගේ අවස්ථාවන් ගැඹුරින් විශ්ලේෂණය කරන මා අපගේ ක්‍රීඩකයින් වෙනුවෙන් ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර මෙවර ශ්‍රී ලාංකේය කණ්ඩායම නොමැති තරඟාවලියක් ආවරණය කිරීමට කටයුතු කරමි.

මෙහි ඇති වඩාත් කණගාටුවට කරුණ නම් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලිය තුළ ඇති බවට බොහෝ ප්‍රේක්ෂකයින් විශ්වාසයෙන් බලා සිටීමයි. පසුගිය සෑම තරඟාවලියකම ශ්‍රී ලංකා කණ්ඩායම කුමන තත්වයකින් හෝ ක්‍රීඩා කළහ. ප්‍රේක්ෂකයින්ගේ සිතුම් පැතුම් බොඳ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැවැන්ත පරාජයන්ට ලක්ව ඇත. ඒවා දිගුකාලීනව ප්‍රේක්ෂක මනසේ තැන්පත්ව ඇත. මෙය ඇත්තටම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාගේ සිතුම් පැතුම් අවදි කරන අවස්ථාවක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට්හි තත්වය පිළිබඳ විග්‍රහයක් කිරීමට හොඳම වෙලාව බව මම සිතමි.

ශූරයින්ගේ කුසලාන තරඟාවලි මෙතැනින් අවසන් නැත. තවත් තරඟාවලි ඉදිරියේදී පැවැත්වෙනු ඇති අතර මෙය අවසන් තරඟාවලිය නොවනු ඇති බවට උද්යෝගය උනන්දුව මෙන්ම බලාපොරොත්තුව අප තුළ ජනිත වනු ඇත. එහෙයින් ශ්‍රී ලංකාව නැවතත් මෙම තරඟාවලියකට එක් වනු ඇත. බොහෝ පසුබෑම්වලට ලක් වෙමින් නැවත නැගී සිටින ජාතියක් ලෙස අප මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද නැවත නැගී සිටිනු ඇත. මෙම තරඟාවලියට ඇතුළත් නොවීම කණගාටුවක් වුවද එය යළිත් එසේ නොවිය යුතුය.

ශ්‍රී ලංකා කණ්ඩායම නොමැති වුවද මෙවර ශූරයින්ගේ කුසලාන තරඟාවලිය මම නැරඹුවෙමි. එය රස වින්දෙමි. එහෙත් ශ්‍රී ලංකාව නැවත සුපුරුදු රිද්මයට පැමිණෙන තුරු මම බලා සිටිමි. එසේ වුවහොත් එය ජයග්‍රහණයේ මාවත වනු ඇත. එහෙයින් එතෙක් බලා සිටීම ඉතාමත් වැදගත්ය.

3 Comments

  • I was very happy to find this internet-site.I wanted to thanks to your time for this wonderful learn!! I undoubtedly enjoying every little bit of it and I have you bookmarked to check out new stuff you blog post.

  • I got what you mean , appreciate it for putting up.Woh I am thankful to find this website through google. “The test and use of a man’s education is that he finds pleasure in the exercise of his mind.” by Carl Barzun.

  • Yay google is my world beater aided me to find this outstanding website ! .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close