November 19, 2025
වැඩි දියුණු කළ විශේෂාංග හා මෙවලම් සමඟින් TikTok පරිශීලකයින්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා නිර්මාණශීලීත්වය ඔප් නංවයි
පුවත්

වැඩි දියුණු කළ විශේෂාංග හා මෙවලම් සමඟින් TikTok පරිශීලකයින්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා නිර්මාණශීලීත්වය ඔප් නංවයි

Nov 18, 2025

තම පරිශීලකයින්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා නිර්මාණකරණය වෙනුවෙන් සහාය දක්වන නවීන විශේෂාංග මාලාවක් හඳුන්වා දීමට TikTok කටයුතු කර ඇත. ලොව පුරා බිලියනයකට අධික පරිශීලකයින් පිරිසකගෙන් සැදුම්ලත් TikTok නිරන්තරයෙන් නිර්මාණාත්මක ප්‍රකාශනය, ආරක්ෂාව හා යහපැවැත්ම සමබරව පවත්වාගෙන යාමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ වෙනුවෙන් පවුල්, තාරුණ්‍යය, නිර්මාණකරුවන් ඇතුලු පුළුල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විශේෂාංග හා මෙවලම් හඳුන්වා දීමට ඔවුන් පියවර ගෙන ඇත්තේ වඩා හොඳ ඩිජිටල්කරණ අත්දැකීමක් ලබා දීම අරමුණු කරගනිමිනි.

පවුල් හා තාරුණ්‍යය සඳහා ආරක්ෂාව සැලසීම හා අධීක්ෂණය

අද වන විට පවුල් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින TikTok දෙමව්පියන්ගේ හා වැඩිහිටියන්ගේ ගිණුම් වෙත තරුණ දූ දරුවන්ගේ ගිණුම් සම්බන්ධ කරගත හැකි විශේෂාංගයන් හඳුන්වා දී ඇත. ඒ තුලින් තරුණ දූ දරුවන් කුමක් කරන්නේදැයි නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මෙන්ම අඛණ්ඩ සංවාදයන්ට සහාය දැක්වීමේ අවස්ථාවද උදා වේ.

තවද මේ යටතේ අනෙක් අයට දැකගත හැකි වීඩියෝවක් හෝ වෙනත් ඕනෑම අන්තර්ගතයක් තරුණ දරුවන් විසින් සිය TikTok ගිණුමට එක් කළ හොත් එය ස්වයංක්‍රීයව දෙමව්පියන්ට දැන ගැනීමට හැකි වේ. එමෙන්ම ඔවුන්ගේ රහස්‍යතා සැකසුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද මෙම විශේෂාංගය උපකාරී වන අතර දරුවා වැඩියෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාවද වැඩිහිටියන්ට උදා කර දෙයි.

තවද මෙම නවතම හඳුන්වා දීම් තුලින් තරුණ දරුවන්ට සුදුසු අන්තර්ගතයන්, තිර කාල සීමාවන් හා සීමිත පණිවිඩ හැකියාවන් වැනි ආරක්ෂාවට අදාල 50කට අධික විශේෂාංගයන්ද ඇතුලත් වේ. එහෙයින් දරුවන්ට මානසික ගැටලුවකින් තොරව හරවත් ඩිජිටල් භාවිතයක් හුරු කිරීමටද මෙය ඉවහල් වනු ඇති අතර Digital Safety Partnership for Families තුලින් එය තව තවත් ඉහළ නංවනු ඇත.

අවබෝධයෙන් යුතු ඩිජිටල් යහපැවැත්ම දිරිමත් කිරීම

TikTok හි තවත් සුවිශේෂී විශේෂාංගයක් වන්නේ Well-being Missions ය. එය සිහි නුවණින් යුතුව TikTok භාවිත කිරීමට පරිශීලකයින් දිරි ගන්වනු ලබයි. මේ තුලින් භාවිතයේදී ඔවුන් කටයුතු කළ යුතු ආකාරය, ධනාත්මක හැසිරීම් හා සමබර චර්යාවන් පිළිබඳ අවබෝධයක් මෙන්ම පුරුද්දක් ඇති කර ගැනීමට පරිශීලකයින් කටයුතු කරනු ඇත.

තවද මෙහි තවත් වැදගත් සාධකයක් ලෙස තිර වේලාව කළමනාකරණය හා නිදා ගන්නා කාල සීමාව සඳහා හඳුන්වා දී ඇති Digital Well-being Hub සඳහන් කළ හැකිය. මේ තුලින් තමන් කොපමණ වේලාවක් එහි රැඳී සිටිනවාද, නිදා ගැනීම සිදු කරන්නේ කුමන මොහොතේද යනුවෙන් කාලය කළමනාකරණය කරමින් තමන්ගේ යහ පැවැත්ම තිරසාරව පවත්වාගෙන යාමේ හැකියාව පරිශීලකයින්ට උදා වේ.  ඒ තුලින් ඔවුන් තුල ඩිජිටල් සමතුලිතාවයක් ඇති වේ.

පරිශීකයින්ගේ යහපැවැත්ම තවදුරටත් සමබරව පවත්වාගෙන යාමට සහාය දීම වෙනුවෙන් TikTok විසින් Guided Meditation විශේෂාංගයක් හඳුන්වා දීමටද කටයුතු කර ඇත. මෙය මනා සිහියකින් යුතුව ජීවත් වීමට අවශ්‍ය වටපිටාව හා ශක්තිය පරිශීලකයින් වෙත ලබා දෙන්නකි. මෙය වයස අවුරුදු 18 අඩු පරිශීලයින් සඳහා ස්වයංක්‍රීයව විවෘතව ඇති මෙම පහසුකම වයස අවු 18ට වැඩි පරිශීලයින්ට රාත්‍රී 10න් පසු භාවනා විමසුමකින් පසුව භාවිත කළ හැකිය.

නිර්මාණකරුවන්ට ශක්තියක් වන ආරක්ෂාකාරී හා කාර්ය සාධන මෙවලම්

TikTok හි ප්‍රධානතම සම්පත් වන්නේ එහි නිර්මාණකරුවන්ය. එහෙයින් ඔවුන්ගේ ආරක්ෂාව හා යහ පැවැත්ම පවත්වා ගැනීම සඳහා සහයෝගය ලබා දීම අත්‍යාවශ්‍ය වේ. ඔවුන් සමඟ සමබන්ධ විය යුතුය. ඔවුන්ගේ අන්තර්ක්‍රියාවන් ඉහළ නැංවීම හා අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ එහෙයිනි.

ඉන් එක් ප්‍රධාන විශේෂාංගයක් වන්නේ Creator Care Mode ය.නිර්මාණකරුවන්ට අනවශ්‍ය අන්ත්ර්ගතයන් ස්වයංක්‍රීයව ඉවත් කර ගැනීමේ හැකියාව උදා කර දෙන මෙය නිර්මාණයන් වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙයි. අදහස් දැක්වීමේ කොටස් සහිත ධනාත්මක අවකාශකින් සැදුම්ලත් මෙය නිර්මාණකරුගේ ප්‍රමිතීන් ඉහළ නැංවීමටද දායක වේ.

මෙහි තවත් එක් විශේෂාංගයක් ලෙස TikTok LIVE සඳහන් කළ හැකිය. මෙහිදී සිදු වන්නේ සජීවී කතාබහ අතරතුර ආරක්ෂිත හා ගෞරවණීය පරිසරයක් නිර්මාණය කරමින් නිශ්චිත වචන, වාක්‍ය හා ඉමෝජි අවහිර කිරීම් සඳහා අවස්ථාව උදා කර දීමයි. වෙබ් අඩවියේ ඇති TikTok Studio හරහා පමණක් ලබා ගත හැකි තමන්ගේ වීඩියෝ For You feed හි අන්තර්ගත කිරීමට ඉඩ තිබේද යන්න තීරණය කිරීමට, ප්‍රජා මාර්ගෝපදේශ පිටිපැදීමට සහාය වන අතරම නිර්මාණ කරුවන්ගේ නිර්මාණ නිදහස රඳවා ගැනීමටද ඉඩ හසර ලබා දෙයි.

නිරන්තරයෙන් විධිමත් සන්නිවේදනයක් සඳහා අවශ්‍ය සවිබලය සපයන TikTok පණිවිඩ කාර්යක්ෂමව සංවිධානය කරමින් මනා කළමනාකරණයකින් යුතුව ඉක්මනින් පිළිතුරු ලබා දෙන සහ වර්ගීකරණය කළ ෆෝල්ඩර් වැනි මෙවලම් හරහා වෘත්තීය පණිවිඩකරණ මධ්‍යස්ථානයක් එළි දක්වනු ලැබීය. එය ලෙස හඳුන්වනු ලබයි.

ඉහත දැක්වූ සියලු දේ තුලින් පවුලේ හා තරුණ දරුවන්ගේ සබඳතාව වර්ධනය කිරීමටත් මානසික යහ පැවත්ම හා යහ පැවැත්ම ඉහළ නැංවීමටත් අවශ්‍ය නවතම විශේෂාංග හඳුන්වා දීම සඳහා වන TikTok හි කැපවීම මනාව ප්‍රදර්ශනය වේ. මේ හේතුවෙන් සෞඛ්‍ය හෝ මානසික පීඩාවකින් තොරව හරවත් කාල කළමනාකරණයක් තුලින් විවේකය. විනෝදය පමණක් නොව අධ්‍යාපනය සඳහාද TikTok වේදිකාවේ ඉඩක් වෙන් කර ගැනීමට හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close