November 28, 2025
TikTok, සිය පරිශීකයන්ගේ අත්දැකීම ඉහළ නංවමින් Time and Well-being විශේෂාංගය දියත් කරයි
පුවත්

TikTok, සිය පරිශීකයන්ගේ අත්දැකීම ඉහළ නංවමින් Time and Well-being විශේෂාංගය දියත් කරයි

Nov 25, 2025

සිය පරිශීලකයින් සඳහා වන නවතම හඳුන්වා දීම ලෙස Time and Well-being අවකාශය දියත් කිරීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. මෙම නවතම දියත් කිරීම හරහා මනා සිහියකින් යුතුව ඩිජිටල් පුරුදු ඉහළ නංවා ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂාංග පෙලක් හඳුන්වා දී ඇති ධනාත්මක සමාජ මාධ්‍ය අත්දැකීමක් ලබා දීම සඳහා වන සිය කැපවීම නැවත නවතත් අවධාරණය කරන ලදී.

මේ තුලින් පරිශීලක ආරක්ෂාව හා ප්‍රජා මාර්ගෝපදේශ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති මෑතකදී සංවර්ධනය කරන ලද Family Pairing විශේෂාංග සහ Time Away විශේෂාංග සමඟ නව යොවුන් දරුවන් සමාජ මාධ්‍ය වෙත යොමු වීම අවම කිරීම සඳහා TikTok විශේෂාංග හඳුන්වා දෙමින් සිටියි. එසේම පසුගියදා ඔවුන් වෙනුවෙන් විශේෂ භාවනා සහිත විශේෂාංගයක් හඳුන්වා දුන් අතර මනා අවබෝධයෙන් යුතුව TikTok පරිහරණය කිරීමටත්, විවේකයක් සොයා ගැනීමට හා සෞඛ්‍ය සම්පන්න ඩිජිටල් පුරුදු වර්ධනය කිරීමත් වෙනුවෙන් වූ විශේෂාංග රැසක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

ධනාත්මක ඩිජිටල් පුරුදු නිර්මාණය කිරීම

ජනතාවගේ උනන්දුව හා කැපවීම පිළිබඳව සොයා ගැනීම සඳහා බංග්ලාදේශයේ #JournalTok සහ #NatureTok වැනි විශේෂාංග භාවිත කිරීමට කටයුතු කර ඇති TikTok ඒ තුලින් විවේකය හා සන්සුන් බව අන් කවරදාටත් වඩා පහසු කර ඇත. එහිදී ලබා දී ඇති නවතම විශේෂාංග ලෙස affirmational journal” soothing sound generator” soothing sound generator සහ Breathing exercises පෙන්වා දිය හැකිය.

ඩිජිටල් යහපැවැත්ම සහ මානසික අත්දැකීම් ඉහළ නැංවීම

ඩිජිටල් යහ පැවැත්ම හා මානසික නිදහස වෙනුවෙන් සුවිශේෂී අත්දැකීම් 4ක් සමඟින් නවතම කාලය හා යහපැවැත්ම අවකාශය එලිදැක්වීමට TikTok කටයුතු කර ඇත. කෙටි හා අකාර්ෂණීය අන්තර්ගතයන් පෙලක් වන මෙය පරිශීලකයින්ගේ දිගු කාලීන ඩිජිටල් පුරුදු වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇත. මේ තුලින්  මනා සිහියෙන් කටයුතු කිරීමට ඔවුන් දිරිමත් කරන අතර ඔවුන්ගේ අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට හැකි වනු ඇත.

මෙම විශේෂාංග අතරට සති 8ක Sleep Hours Mission විශේෂාංගය ඇතුළත් වන අතර ඒ තුලින් යහ පැවැත්ම ඉහළ නැංවීමට හැකි වේ. තවද daily screen time badge සහ a weekly mission විශේෂාංගයන්ද මෙහිදී ඉතා වැදගත් වේ.

මෙහිදී පරිශීලකයින්ට Well-being Ambassador Mission විශේෂාංගය හරහා මෙම නවතම විශේෂාංගයන් අත් විඳීම සඳහා මිතුරන්ට ආරාධනා කළ හැකිය.

මේවා සම්පූර්ණ කිරීම තුලින් පරිශීලකයින්ට අවබෝධයෙන් යුතුව සමාජ මාධ්‍ය භාවිත කිරීමට දිරිමත් කරන අතර තරුණ පරිශීලකයින්ගේ යහපැවැත්ම ඉහළ නැංවීමටද අවකාශ උදා කරයි. පර්යේෂණයන්ගෙන් පෙනී යන්නේ තරුණ තරුණියන් තුනෙන් දෙකක පිරිසක් තමන්ගේ ඩිජිටල් තිර කාලය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම විශේෂාංග යොදා ගන්නා බවයි.

කාලය හා යහ පැවැත්මේ අවකාශය සමඟ සම්බන්ධ වීම සඳහා වැඩි පිරිසකට සහාය වීම

ඉහත දැක්වූ මෙවලම් එදිනෙදා ක්‍රියාකාරීව භාවිත කිරීම සඳහා තවත් විශේෂාංග ඉදිරියේදී එළි දැක්වීමට TikTok සැලසුම් කර ඇත. ඒ සඳහා විවිධ දේ පිළිබඳව ගවේෂණය කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් TikTok හි අන්තර්ගත උපදේශක සාමාජික සහ Stanford Psychiatry’s Center මනෝ චිකිත්සක මධ්‍යස්ථානයේ තරුණ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා වන වැඩසටහන් අධ්‍යක්ෂ විකී හැරිසන් මහතා

“TikTok තරුණ තරුණියන්ගේ ප්‍රතිපෝෂණය ඉහළ නැංවීම සඳහා වඩා යහපත් විශේෂාංග සමඟ ඒකාබද්ධ කිරීම ඉතා ප්‍රශංසනීයයි. මෙම නවතම විශේෂාංගය තුලින් තරුණයින්ට ඔවුන්ගේ තිර කාලය කළමනාකරණය කිරීමට සහ වේදිකාව වඩාත් හිතා මතා භාවිත කිරීමට උපකාරී වනු ඇත.’’ යනුවෙන් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close