කොළඹ කොටස්හුවමාරුව, අඛණ්ඩව තුන්වරටත් Great Place to Work® සහතික කිරීමෙන්, පිළිගැනීමට ලක්කර ඇත
කොළඹ කොටස් හුවමාරුව (CSE), නැවත වරක් Great Place to Work® සහතික කිරීමෙන් පිළිගැනීමට ලක් කර ඇත. මෙලෙස අඛණ්ඩව පිළිගැනීමට ප්‍රාත්‍ර වීම, අප ආයතනයේ වටිනාම වත්කම් ලෙස සැලකෙන සේවකයන් සදහා ධනාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට CSE කාර්‍යය මණ්ඩලය විසින් දරන ලද සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය.
Great Place to Work® සහතික කිරීම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් කර ඇති අතර එය සේවා ස්ථාන තුළ සුවිශේෂී සේවක අත්දැකීම් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා වූ මිණුම් ලකුණකි. රැකියාව සිදු කිරීමට සුදුසු ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක් කිරීම, විශ්වසනීයත්වය, ගෞරවය, සාධාරණත්වය, අභිමානය සහ මිත්‍රත්වය යන ප්‍රධාන අංශ පහක් සලකා බලා සිදු කරයි.
මෙහි පරිපාලන නිර්ණායකවලට අනුකූල වීම සඳහා, සේවකයන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා වන ලෙස නිර් නාමිකව ප්‍රතිචාර එක්රැස් කරමින් සේවකයින්ගේ සමීක්ෂණයක් පවත්වන ලදී. මෙම ක්‍රියාවලිය,CSE හි සේවා ස්ථාන සංස්කෘතිය එහි සේවකයින්ට හැඟෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීමට සමත් විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් CSE හි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කර සිටියේ , “CSE කණ්ඩායම අපගේ ප්‍රධාන වත්කම වන අතර ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න සහ හිතකර සේවා පරිසරයක් නිර් මාණය කිරීමට අපි උත්සාහ කරමු. මෙලෙස පුද්ගලයන්ට සාධාරණ ලෙස සලකන සාඩම්බර සේවා ස්ථානයක් ගොඩනැගීමට CSE වසර ගණනක් තිස්සේ ගෙන ඇති උත්සාහයට සාක්ෂියක් ලෙස ශ්‍රී ලංකාව තුළ Great Place to Work® සහතික කිරීමෙන් පිළිගැනීමට ප්‍රාත්‍ර වීම සැලකිව හැකිය.” යන්නයි.
කොළඹ කොටස් හුවමාරුව (CSE) විවිධත්වයට ගරු කරන අතර එහිදී ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා එහි සේවකයින්ට සමාන අවස්ථාවන් ලබා දීමට කටයුතු කර ඇත . එමෙන්ම වෘත්තීයභාවය, අඛණ්ඩතාව, රැකවරණය, ලැදියාව සහ කණ්ඩායම් හැගීම යන ආයතනික වටිනාකම් මත කොළඹ කොටස් හුවමාරුව (CSE) ගොඩනැගී ඇත. මේ වෙනුවෙන් සමානාත්මතාවය අඛණ්ඩව පවත්වාගෙන ලබන අතර එමගින් එහි සේවකයින් සඳහා පිළිගත්, ශක්තිමත් සහ තිරසාර සේවා පරිසරයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.තවද අප සමාගම තුළ වඩා වැඩි කාන්තා ප්‍රමාණයක් සේවයේ නියැලෙන අතර සමාගම් කළමනාකරණය තුළද කාන්තාවන් ඇත. මෙමගින් කොළඹ කොටස් හුවමාරුව (CSE) හි සියළුම සේවකයින් සඳහා ශක්තිමත් පරිසරයක් පවත්වාගෙන යාමට ඇති කැපවීම අවධාරනය කරයි.