The Body Shop ශ්‍රී ලංකාව තුළ 10 වැනි සංවත්සරය වෙනුවෙන් සිය නවතම අලෙවිසැල OGF හිදී විවෘත කරයි
බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත, ලොව පුරා ආදරයට පාත්‍ර වූ The Body Shop ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය නිමිත්තෙන් සිය නවතම අලෙවිසැල කොළඹ නගරයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී සාප්පු සංකීරණයක් වන One Galle Face Mall හිදී විවෘත කළේය.
One Galle Face Mall වැනි අතිශය ජනප්‍රිය සාප්පු සංකීර්ණයක මෙම නව අලෙවිසැල විවෘත කිරීම ශ්‍රී ලංකාව තුළ The Body Shop සන්නාමයේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. The Body Shop හි මූලික වටිනාකම් වන තිරසාරත්වය, ලෝකයේ යහපත වෙනුවෙන් කැපවීම සහ තිරසාර රූපලාවණ්‍යය සම්ප්‍රදායක් ප්‍රචලිත කිරීම යනාදිය මැනැවින් නිරූපණය වන පරිදි මෙම නව අලෙවිසැල සැලසුම් කර තිබේ. The Body Shop මඟින් වෙළඳපොළට හඳුන්වා දී ඇති Skincare, Bodycare සහ Haircare නිෂ්පාදන මෙන්ම සුවඳ විලවුන් වර්ග රාශියක් මෙම අලෙවිසැලෙන් ඉතාමත් පහසුවෙන් මිලදීගත හැක. එමෙන්ම මෙය The Body Shop මගින් ක්‍රියාවට නංවා ඇති පුරෝගාමී සත්කාරයන් වන ‘Return Repeat Recycle’ වැඩසටහන සහ ‘Community Fair Trade’ නිෂ්පාදන පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක්ද වේ.
නව අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතාද සහභාගී විය. ඊට අමතරව Body Shop Sri Lanka අධ්‍යක්ෂ කෝසල රෝහණ වික්‍රමනායක, The Body Shop South Asia විධායක සභාපති (Quest Retail) ශ්‍රිති මල්හෝත්‍රා සහ The Body Shop South Asia ප්‍රධාන ආදායම් නිලධාරී විශාල් චතුර්වේදී යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.
“මෙම නව අලෙවිසැල ශ්‍රී ලංකාව තුළ සිදුකරන ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් The Body Shop දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් තහවුරු කරනවා. සුවිශේෂී වටිනාකම් මූලික කරගෙන ව්‍යාපාර කටයුතු සිදුකරන, ආචාරධර්ම සුරකින සහ සැබැවින්ම සාර්ථක ප්‍රතිඵල ලබාදෙන නිෂ්පාදන හඳුන්වා ඇති සන්නාමයක් වශයෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් The Body Shop ආදරයෙන් වැළඳගෙන තිබීම අපට මහත් සතුටක්. දැන් අපගේ සුපුරුදු පාරිභෝගිකයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටත් අපගේ ජනප්‍රියම නිෂ්පාදන මෙන්ම උත්සව සමය වෙනුවෙන් හඳුන්වා දුන් නවතම නිෂ්පාදන එකතුව මෙම නව අලෙවිසැලෙනුත් මිලදී ගැනීමට පුළුවන්.” The Body Shop South Asia විධායක සභාපති (Quest Retail) ශ්‍රිති මල්හෝත්‍රා මහත්මිය පැවසුවාය.
“මෙවැනි සුවිශේෂී අලෙවිසැලක් විවෘත කරමින් අපගේ 10 වැනි සංවත්සරය සැමරීමට ලැබීම අපට මහත් සතුටක්. මෙය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට උසස් අරමුණු සහිත අව්‍යාජ රූපලාවණ්‍ය සම්ප්‍රදායේ නව පරිච්ඡේදයක ආරම්භයක් බවට පත් වේවි.” Body Shop Sri Lanka අධ්‍යක්ෂ කෝසල රෝහණ වික්‍රමනායක මහතා පැවසීය.
ළඟ ළඟම එන උත්සව සමයේ තම හිතවතුන්ට හා ආදරණීයයන්ට තෑගි දීමට සුදුසු බොහෝ දේ තමන් සතුව ඇති බව The Body Shop ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ආදරයෙන් සිහිපත් කර සිටී. මෙවර උත්සව සමය වෙනුවෙන් The Body Shop නවතම නිෂ්පාදන කාණ්ඩ තුනක්, එනම් Caramel Cuddle, Cranberry Crush සහ Sugarplum Passion හඳුන්වා දී තිබේ. මෙම නිෂ්පාදන අතරට Bath & Shower Gel, Body Butter, Body Yoghurt, Hand Balm සහ Body Mist වර්ග ඇතුළත්ය.
ඊට අමතරව තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ රුචිකත්වයන් අනුව විශේෂ තෑගි තෝරාගැනීමට කැමති පාරිභෝගිකයන් වෙනුවෙන් තෑගි කට්ටල නිර්මාණය කරගත හැකි ක්‍රමවේදයක්ද The Body Shop මඟින් හඳුන්වා දී ඇත. මෙම තම හිතවතුන් හා ආදරණීයයන් වෙනුවෙන් හොඳම තෑගි පිරිනැමීමට ලැබෙන අනගි අවස්ථාවකි.
The Body Shop නිෂ්පාදන සියල්ල නිපදවා ඇත්තේ කෲරත්වයෙන් තොරව, ස්වාභාවික මූලයන් ඇති අමුද්‍රව්‍ය යොදාගනිමින් සහ Community Fair Trade හවුල්කාරීත්වයන් තුළිනි. මෙම වටිනාකම් ආරක්ෂා කිරීමට The Body Shop සෑම විටම කැප වී සිටී.
One Galle Face Mall හි පිහිටා ඇති නව අලෙවිසැල වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට The Body Shop හි ඉහළම අලෙවියක් ඇති නිෂ්පාදන වන Bath and Body, Skincare, Haircare සහ Fragrance නිෂ්පාදන සඳහා සුවිශේෂී සාමාජික දීමනාද හිමි වනු ඇත.
The Body Shop උත්සව සමය වෙනුවෙන් හඳුන්වා දුන් නවතම නිෂ්පාදන එකතුව මෙන්ම සදාකාලික ජනප්‍රියත්වයක් හිමි තවත් නිෂ්පාදන රාශියක්ද බගතලේ පාරේ පිහිටි The Body Shop ප්‍රධාන අලෙවිසැල සහ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ Odel ශාඛාවේ පිහිටි අලෙවිසැල මෙන්ම Kandy City Centre, Colombo City Centre සහ Havelock City යන සාප්පු සංකීර්ණවල පිහිටි අලෙවිසැල් වෙතින්ද මිලදීගත හැකි වේ.

