
Textrip සමාගම CNCI හා NCE සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි
Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) ජාතික මට්ටමේ රිදී සම්මානය සහ පළාත් මට්ටමේ රන් සම්මානය දිනා ගත් අතර NCE සම්මාන උළෙලේදී රබර් හා රබර් නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) රිදී සම්මානය දිනා ගත්තේය. සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පී. ඒ. නන්දසේන මහතා සහ නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරිනී ඉන්දිරා සේනාරත්න මහත්මිය වෙත මෙම සම්මාන පිරිනමන ලදී.
ඉංජිනේරු ඩොනල්ඩ් ගුණසේකර සහ විල්සන් ගුණසේකර යන ව්‍යාපාරිකයන් දෙදෙනා 1947දී Elasto සමූහය බෙන්තොටදී ඇරඹූහ. එය වර්තමානයේදී මංගල ගුණසේකර මහතාගේ විශිෂ්ට මග පෙන්වීම යටතේ රටවල් රැසකට නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක් බවට පත් වී තිබේ. ඊට අනුබද්ධිත Textrip සමාගම 1978දී ස්ථාපිත කෙරුණු අතර එය වර්තමානයේදී පුළුල් පරාසයක විහිදී ඇති කල් පැවැත්මෙන් සහ සුවපහසු බවින් සපිරි නිෂ්පාදන රැසක් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කරයි. Therapeutic Exercise Strips, Resistance Bands, Fitness Toners, Texstretch Tubes, O-rings, Cuffs, Posture Supporter Butterfly, Stretchers, Ankle Weights, Hammer Throw, Several Types of Trainers, Reaction Balls, Rowing Tubes, Body Harness, Exercise Bars, Punching Bags, Hospital and Baby Cot Sheets, Dental Dams, Coated Fabrics, Gym Packs and Multiple Types of Bags එම සමාගමේ නිෂ්පාදන අතර වේ. මීට පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇති Textrip සමාගම ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 14065 GHG 001-01, Certificate of Conformity on Ethical Trading සහ දෙස් විදෙස් ප්‍රමිති සහතික රැසක් හිමි කර ගෙන ඇත.
2 Comments
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.