September 8, 2024
පිරිසිදු මුහුදු වෙරළක් වෙනුවෙන් Clean Ocean Force ජනතාව සමඟ එක් වෙයි
පුවත්

පිරිසිදු මුහුදු වෙරළක් වෙනුවෙන් Clean Ocean Force ජනතාව සමඟ එක් වෙයි

Jul 9, 2024

කොකා-කෝලා ශ්‍රී ලංකා, Clean Ocean Force (COF) සමඟ එක්ව ලෝක සාගර දිනය නිමිති කර ගනිමින් ‘’The Ocean Guardian’’ වැඩසටහන දියත් කරනු ලැබුවේ සිය සාර්ථක Adopt-A-Beach, වැඩසටහනෙහි තවත්  ඉදිරි පියවරක් ලෙසිනි. මෙදින ප්‍රජා කණ්ඩායම්වලින් සුසැදි පරිසර හිතකාමී කණ්ඩායම් පවුල් සහ මිතුරන් සමඟ එක්ව ‘කාක දූපත’ මුහුදු වෙරළ පිරිසිදු කරන ලදී. ඒ තුළින් වගකීම් සහගත අයුරින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම හා වෙරළ සංරක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබා දීමටද ඔවුන්ට හැකියාව උදා විය.

එදින වෙරළ පිරිසිදු කිරීමට අමතරව අපද්‍රව්‍ය එකතු කිරීම පිළිබඳව මඟ පෙන්වීම, වගකීමෙන් යුතු අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අධ්‍යාපන සැසි මෙන්ම වෙරළ සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි. ඒ තුළින් ඕනෑම පවුලකින්, සමාජයකින් ආරම්භ වන ස්වේච්ඡා හා ප්‍රජා සහභාගීත්වය ඉහළ නැංවීමට අරමුණු කොට ඇති අතර මෙම වැඩසටහන සඳහා පවුල් සම්බන්ධ කර ගැනීම තුළින් වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් සාගර සම්පත සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳ ඔවුන්ට අවබෝධ කර දීමට කොකා-කෝලා සහ COF කටයුතු කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Clean Ocean Force හි නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “අනාගත පරපුර වෙනුවෙන් අපගේ ලෝකය රැකගැනීමේ වැදගත්කම දරුවන්ට කියා දෙමින් පොදු අරමුණක් වෙනුවෙන් පවුල් වශයෙන් එකතු වීම පිළිබඳ ඉතාමත් සතුටුයි. පරිසරය ආරක්ෂා කරමින් තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමේ අපගේ අරමුණ වෙනුවෙන් පවුල් හා මිතුරන් එක් කිරීමට කටයුතු කරමින් කොකා-කෝලා සහයෝගය මේ සඳහා සහයෝගය ලබා දෙනවා” යනුවෙනි.

මෙම වැඩසටහන දියත් කිරීමෙන් පසුව සෙනසුරාදා දිනයේදී තවත් පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට කටයුතු කළ ඔවුන් සෑම සතියකටම පැයක් ඒ වෙනුවෙන් වෙන් කරන මෙන් ජනතාවට ඇරයුම් කර සිටියි. එසේම සෙනසුරාදා දින වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් එක්වීමට කැමති පුද්ගලයින්ට ඒ සඳහා ලියපදිංචි වීමට දුරකතන අංකයක් වෙන් කිරීමටද Clean Ocean Force කටයුතු කර ඇත. 070 318 74 72/ 077 009 9641 යන එම දුරකතන අංක වෙත ඇමතීමෙන් මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට මෙන්ම ඔබේ සහභාගීත්වය පිළිබඳ දැනුම් දීමටද හැකියාව ඇත. එමෙන්ම එහි Facebook, Instagram හෝ TikTok මඟින්ද වැඩිදුර විස්තර සපයා ගත හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කොකා-කෝලා අධ්‍යක්ෂිකා කෞෂාලි කුසුම්පාල මහතාමිය සඳහන් කර සිටියේ “පසුගිය වසර 3ක කාලය තිස්සේ එක්ව සිදුකළ සුවිශේෂී කාර්යයන් සමඟ තවදුරටත් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මේ තුළින් පාරිසරික දැනුවත්භාවය හා තිරසාරත්වය ප්‍රවර්ධනය වෙනුවෙන් අපගේ දායකත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා. මීට පෙර අප ‘කාක දූපත’ ඇතුළු ශ්‍රී ලංකාවේ පිරිසිදුකම සහ තිරසාරත්වය පිළිබඳ ආදර්ශමත් වැඩපිළිවෙලක් දියත් කිරීමට සමත් වුණා. මෙම වැඩසටහන මඟින් පරිසරයේ පිරිසිදු බව හා තිරසාරත්වය සම්බන්ධයෙන් ග්‍රාමීය ප්‍රජාවන් දැනුවත් කිරීමටත් ඒ තුළින් ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීම සඳහා ඔවුන් දිරිමත් කිරීමටත් කටයුතු කරනවා” යනුවෙනි.

2021 වසරේදී ආරම්භ කළ “Adopt-A-Beach, වැඩසටහන තුළින් වෙරළ සංරක්ෂණය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත්තේ 2023 දක්වා කාලය තුළ ‘කාක දූපතේ’ ටොන් 9.59 ක් සහ මීගමුව වෙරළේ ටොන් 30.4ක් වන PET ප්ලාස්ටික් ඇතුළු පරිසර දූෂණයට හේතුවන කසල ටොන් 29.4ක ප්‍රමාණයක් එකතු කරමිනි. මේ සඳහා කාක දූපතේ ඍජු ප්‍රතිලාභ ලබන්නන් පස් දෙනෙකු, මීගමුව වෙරළේ ඍජු ප්‍රතිලාභ ලබන්නන් 45 දෙනෙකු සහ වක්‍ර ප්‍රතිලාභ ලබන්නන් 15ක්ද ස්වේච්ඡා සාමාජිකයින් හා අපද්‍රව්‍ය එකතු කරන්නන් 65ක් පමණද එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *