August 15, 2025
අනාගත පරපුරේ වෘත්තීය අපේක්ෂාවන් බලගන්වන ‘Sysco LABS Academy’ ඇරඹේ
පුවත්

අනාගත පරපුරේ වෘත්තීය අපේක්ෂාවන් බලගන්වන ‘Sysco LABS Academy’ ඇරඹේ

Jul 16, 2025

Sysco LABS ක්‍රියාවට නංවන තවත් සුවිශේෂී වැඩසටහනක්  වන ‘Sysco LABS Academy’ පසුගියදා ආරම්භ විය. මෙහි අරමුණ වන්නේ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ පවතින රැකියා අවස්ථා සහ  යථාර්ථය මෙන්ම නූතන වෘත්තීය ජීවිතයක මූලිකාංග සම්බන්ධයෙන් පාසැල් සිසුන් දැනුවත් කිරීමය. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති මෙම වැඩසටහනේ නියමු අදියර පසුගියදා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්විණි. එහිදී Sysco LABS හි ප්‍රවීණයින් කණ්ඩායමක් විසින් අනාගතයේදී තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවලට පිවිසීම සඳහා සිසුන් දිරිගැන්වීමේ අරමුණින් විශේෂ වැඩමුළු, නායකත්ව සැසි සහ පුහුණු වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවන ලදි.

මෙම නියමු අදියරේදී සිසුන්ගේ ආත්ම විශ්වාසය නැංවීම, අනාගත අභියෝග සඳහා ඔවුන් සූදානම් කරවීම සහ තමන් ඇතුළු වීමට බලාපොරොත්තු වන රැකියා ක්ෂේත්‍රය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ඇතිකරගැනීමට ඔවුන්ට මගපෙන්වීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. එමෙන්ම එහිදී නූතන රැකියා සඳහා අවශ්‍ය චින්තන රටාවන්, සහයෝගීත්ව ආකල්ප සහ ගැටලු විසඳීමේ හැකියාවන් සම්බන්ධයෙන්ද සිසුන් දැනුවත් කරන ලදි. නායකත්ව හැකියාවන් ඇතුළු විවිධ කුසලතා මෙන්ම සයිබර් ආරක්ෂාව, ඉංජිනේරු මූලිකාංග සහ තාක්ෂණික දැනුම ඇතුළුව, පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වර්ධනය කරගත යුතු විවිධ කුසලතා සම්බන්ධයෙන් සිසුන්ට පුළුල් මගපෙන්වීමක් ලබාදීමට Sysco LABS ප්‍රවීණයින් කණ්ඩායම මෙහිදී පියවර ගත්හ.

“අනාගතයේදී තාක්ෂණවේදීන් සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ නායකයන් බවට පත්වීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිසි දැනුම සහ මගපෙන්වීම ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා. අප Sysco LABS Academy වැඩසටහන ක්‍රියාවට නැංවූයේ IT/BPM ක්ෂේත්‍රය ශක්තිමත් කරන දක්ෂයින් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙසයි. මෙම වැඩසටහන හරහා සිසුන් දිරිගන්වමින්, ඔවුන්ට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා දායක විය හැකි ආකාරය, සැබෑ ලෝකයේ පවතින ගැටලු විසඳිය හැකි ආකාරය සහ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ක්‍රියාවලියට දායක විය හැකි ආකාරය පෙන්වා දීමට අප බලාපොරොත්තු වනවා.” Sysco LABS හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මානව සම්පත් මෙහෙයුම්) රෙහාන් ඇන්තනිස් මහතා පැවසීය.  

Sysco LABS Academy වැඩසටහන හරහා සිසුන්ට ප්‍රායෝගික පුහුණුව, මගපෙන්වීම සහ ක්ෂේත්‍රයීය අත්දැකීම් ලබාදෙමින් ඔවුන්ට අනාගතයේදී සාර්ථක වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට අත්වැලක් වීම Sysco LABS හි අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close