සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී සියලුම ව්‍යාපාරික අංශ හරහා රුපියල් බිලියන 32.3 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 7.4% ක වර්ධනයකි. සමූහයේ මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සුව සේවා අංශයේ අඛණ්ඩ වර්ධනය සහ පාරිභෝගික හා කෘෂි ව්‍යාපාර අංශවල ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයයි.
සන්ෂයින් සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 53.7% කි. මේ අතර පාරිභෝගික අංශය 30.2% ක් ද කෘෂි ව්‍යාපාර අංශ 16.1% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය. සමාලෝචනයට ලක් කරන ලද කාල පරිච්ඡේදයේදී සමූහයේ දළ ලාභය පසුගිය වසරට සාපේක්ෂව 12.9% කින් රුපියල් බිලියන 10.3 ක් දක්වා ඉහළ ගිය අතර දළ ලාභ ආන්තිකය පදනම් ලකුණු 153 (bps) කින් 31.9% ක් දක්වා වර්ධනය විය.
සමූහයේ පොලී සහ බදු පෙර ඉපැයීම් (EBIT) පසුගිය වසරට සාපේක්ෂව 18.6% කින් රු. බිලියන 5.5 ක් දක්වා ඉහළ ගියේය. සුව සේවා අංශයෙහි EBIT හි 16.7% ක පහත වැටීමක් තිබියදීත් කෘෂි ව්‍යාපාර සහ පාරිභෝගික අංශවල ශක්තිමත් කාර්යසාධනය මෙම වර්ධනයට හේතු විය. කෘෂි ව්‍යාපාර සහ පාරිභෝගික අංශවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය හේතුවෙන් 1HFY26 දී සමස්ත EBIT වෙනස පසුගිය වසරේ එම කාල පරිච්ඡේදය හා සැසඳීමේදී 15.4% සිට 17.0% දක්වා ඉහළ ගිය අතර එය සුව සේවා අංශයේ පහත වැටීම පියවා ගැනීමට උපකාරී විය.
සමූහය ලබා ගත් මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතිය අපට ප්‍රධාන ශක්තියක් වන අතර එය වෙනස් වන වෙළඳපල තත්ත්වයන්ට අනුවර්තනය වීමට අපට උපකාරී කරනවා. 1HFY26 දී අප ලබා ගත් වර්ධනය මගින් පෙන්නුම් කරන්නේ ඵලදායී ලෙස සැලසුම් කිරීමට සහ ක්‍රියා කිරීමට අපට ඇති හැකියාවයි. ඉදිරියේදී සියලුම කොටස්කරුවන්ට දිගුකාලීන ප්‍රතිලාභ සහතික කිරීම සඳහා දේශීය සුව සේවා නිෂ්පාදනය වැඩි කිරීම, අපගේ පාරිභෝගික පදනම ව්‍යාප්ත කිරීම සහ කෘෂි ව්‍යාපාරවල ඵලදායිතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අපි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
සුව සේවා අංශය
සමාලෝචනයට ලක් කරන ලද කාල පරිච්ඡේදයේදී සමූහයේ සුව සේවා අංශය රු- බිලියන 17.3 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 7.4% ක වර්ධනයකි. මෙම වර්ධනයට ඖෂධ බෙදාහැරීම, වෛද්‍ය උපකරණ, ෆාමසි සහ ඖෂධ නිෂ්පාදනයෙන් ලැබෙන ආදායම ඇතුළත් විය. ඖෂධ සහ වෛද්‍ය උපකරණ අංශවල සහායෙන් ඖෂධ බෙදාහැරීමේ ව්‍යාපාරය වර්ධනය වූ අතර මෙමගින් සමූහය වැදගත් ආයතන සමඟ පවතින හවුල්කාරීත්වයන් සහ ප්‍රධාන නිෂ්පාදනවල වර්ධනය පෙන්නුම් කරයි. පාරිභෝගික වෙළඳාම් අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 15.1% ක වැඩි වීමක් පෙන්නුම් කළ අතර මෙයට අලෙවි කරන ලද බෙහෙත් වට්ටෝරු ප්‍රමාණය/ඖෂධ අලෙවිය වැඩිවීමත් ඖෂධ සහ සුවතා නිෂ්පාදන යන දෙඅංශයෙහිම ඉහළ විකුණුම් වටිනාකමත් හේතු විය.
2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී Healthguard Distribution හි ව්‍යාපාර ආකෘතියේ සිදු කළ වෙනස්කම් සහ නව උපායමාර්ගික හවුල්කාරීත්වයන් හේතුවෙන් Healthguard Distribution පසුගිය වසරට සාපේක්ෂව 29.5% ක ආදායම් වර්ධනයක් වාර්තා කළේය. මේ අතර 2025 වර්ෂය සඳහා රජයේ මිලදී ගැනීමේ ඇණවුම් ප්‍රමාණය අඩුවීම හේතුවෙන්, 1HFY26 දී සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 17.4%ක පහළ යාමක් අත්විඳින ලදී. මෙම තාවකාලික පසුබෑම සමඟ වුවද ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය එහි සම්පත් ඵලදායී ලෙස භාවිතා කිරීම, ඖෂධ නිෂ්පාදන පරාසය පුළුල් කිරීම සහ දිගුකාලීන සාර්ථකත්වය සහතික කිරීම සඳහා එහි මෙහෙයුම් වැඩිදියුණු කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කර ඇත.
පාරිභෝගික අංශය
පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශය 1HFY26 දී රුපියල් බිලියන 9.8 ක ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 1.0% ක සුළු වැඩි වීමකි. මේ අතර අදාල කාල පරිච්ඡේදයේදී සන්නාමගත තේ සහ රසකැවිලි අංශය ඇතුලත් දේශීය ව්‍යාපාරවල ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් එහි ආදායම පසුගිය වසරට සාපේක්ෂව 5.1% කින් වර්ධනය විය. සන්නාමගත තේ කාණ්ඩයේ ආදායම සහ වෙළෙඳපොල වටිනාකම 1HFY26 දී ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කළ අතර නිෂ්පාදනය සහ විකුණුම් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් රසකැවිලි අංශයේ ආදායම ද වර්ධනය විය.
අපනයන ප්‍රමාණය වැඩි වුවද, සමස්ත අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 1.2% ක සුළු අඩුවීමක් පෙන්නුම් කළේය. එක්සත් ජනපද තීරුබදු වෙනස්වීම්වල ඍණාත්මක බලපෑම් හේතුවෙන් ඉහළ වටිනාකමක් ඇති තේ නිෂ්පාදන අලෙවිය පහත වැටීම මෙයට හේතු විය. තවද පාරිභෝගික අංශය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සහ විචක්ෂණශීලීව වියදම් කළමනාකරණය කිරීම හේතුවෙන් 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී එම අංශයේ EBIT වෙනස පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේදී 5.1%ට සාපේක්ෂව 7.8%ක් දක්වා වර්ධනය විය.
කෘෂි ව්‍යාපාර අංශය
සන්ෂයින් සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම රු. බිලියන 5.2 ක කැපී පෙනෙන ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 21.9%ක වර්ධනයකි. හිතකර වෙළෙඳපොළ තත්ත්වයන් හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව 26.7%කින් වර්ධනය වූ පාම් ඔයිල් ව්‍යාපාරයේ ශක්තිමත් කාර්යසාධනය මෙම ඉහළ ආදායම් වර්ධනයට මූලික වශයෙන් හේතු විය. මේ අතර 1HFY26 දී කිරි මිල පහත වැටීම හේතුවෙන් සමූහයේ කිරි ආශ්‍රිත ව්‍යාපාරයේ ආදායම අදාල කාල පරිච්ඡේදයේදී රු. මිලියන 578.0ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.4%ක පහත වැටීමකි. කිරි ආශ්‍රිත ව්‍යාපාරයේ ආදායම පහත වැටුණද 1HFY26 දී කෘෂි ව්‍යාපාර අංශයේ පොලී සහ බදු පෙර ඉපැයීමේ (EBIT) වෙනස පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේදී වාර්තා කළ 36.1% ට සාපේක්ෂව 49.1%ක් දක්වා ඉහළ ගොස් එම අංශයේ සමස්ත ලාභදායීතාවය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.

