February 15, 2026
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි
පුවත්

සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

Nov 20, 2025

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ලෝක ළමා දිනය සැමරුම් උත්සවය සතුට, විනෝදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් පැවැත්වීය.

“යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි පරමාර්ථය අනුව යමින් සෑම දරුවෙකුටම සිත් සේ විනෝද විය හැකි පරිදි මෙන්ම ළමා කාලයේ සුන්දරත්වය නැවතත් මතක් කර දෙමින් චිත්‍ර, සංගීත තරග, විවිධ ක්‍රීඩා හා ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙහිදී සංවිධානය කර තිබුණි. නිර්මාණශීලීත්වය සහ නවීන තාක්ෂණය සමඟින් හැඩගැසුණු ලෝකයක හැදී වැඩෙන නූතන දරුවන්ගේ කුසලතා සහ ආශාවන් පිළිබඳව සන්ෂයින් හි අවධානය පිළිබිඹු කිරීමට බිත්ති සිතුවම් කිරීම හා පරිගණක ක්‍රීඩා වැනි අලුත් අංග ද සමාගමේ මෙවර ලෝක ළමා දිනයට එක් කර තිබීම විශේෂත්වයකි.

මීට අමතරව චිත්‍ර, නැටුම් සහ ගායන තරග සහ විවිත්‍ර ඇඳුම් තරඟය වැනි සිත් ඇදගන්නා සුළු තරගවලින් මෙම අවස්ථාව තවත් වර්ණවත් වූ අතර ඉතාමත් උද්යෝගයෙන් හා උනන්දුවෙන් දරුවන් මෙම තරගවලට සහභාගී විය. එමෙන්ම දරුවන්ගේ හැකියාවන් සහ නිර්මාණශීලීත්වය ඔපමට්ටම් කිරීමේ අරමුණින් පැවැත් වූ තරඟවල ජයග්‍රාහකයින් ඇගයීම සහ සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

කාලයත් සමඟ සන්ෂයින් හි ළමා දින සැමරුම සමූහයේ වඩාත් සුවිශේෂී උත්සවයක් බවට පත්ව ඇත. සන්ෂයින් සාමාජිකයින් හා ඔවුන්ගේ ආදරණීයයන් එකට එක්වෙමින් සේවා ස්ථානයෙන් පිටතදී සතුට, සිනහව හා විනෝදයෙන් කාලය ගත කිරීම සන්ෂයින් පවුලේ සාමූහිකත්වය මැනවින් කියාපායි. මෙවැනි උත්සවයන් සමූහයේ සාමාජිකයින් අතර එකමුතුකම හා ධනාත්මක වටිනාකම් ගොඩනැගීමට උපකාරී වන අතර වඩාත් පැහැබර අනාගතයක් උදෙසා බැඳීම් ශක්තිමත් කිරීමට සමූහයේ කැපවීම ද පෙන්නුම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close