October 26, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව අතිසාර්ථක ලෙස නිමාව දකී
පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව අතිසාර්ථක ලෙස නිමාව දකී

Oct 11, 2025

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගමන්මගේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ සහ SLT-MOBITEL සමාගමේ පුරෝගාමීත්වයෙන් පවත්වන ලද මෙරට ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව (National AI Expo & Conference 2025) පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම ප්‍රදර්ශනය හා සමුළුව නැරඹීමට 12,000 කට අධික පිරිසක් පැමිණි අතර, කීර්තිමත් දේශකයන් 50 කට අධික පිරිසක් එහිදී අදහස් දැක්වූහ. ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසක් මෙම  ජාතික AI ප්‍රදර්ශනයට එක්ව සිටි අතර, විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 44 දෙනෙකු සහභාගී වූ සංවාදමය වැඩසටහන් 11 ක්ද එහිදී පැවැත්විණි. එමෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සහ පාසල් 10 කට අධික සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවෝද මීට සහභාගී වූහ. මෙය රටේ AI ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම, ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදන, සහයෝගීතාව සහ අනාගතයට ගැළපෙන විසඳුම් නිර්මාණය කිරීම සම්බන්ධ කේන්ද්‍රස්ථානයක් බව ලොවට පෙන්වා දීම සඳහා කදිම වේදිකාවක්ද විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close