ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය දේශගුණික බලපෑමෙන් ඔබ්බට ගොස් ප්‍රජා සංවර්ධනය ප්‍රතිනිර්මාණය කරයි
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තවදුරටත් තිරසාර බවේ ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් වන බ්‍රැන්ඩික්ස්, ටීජේ ලංකා , හයිඩ්‍රාමනි, හේලීස් ෆැබ්රික් සහ MAS යන ආයතන තිරසාර බව පිලිබඳ සිය නවතම වාර්තා මගින් දේශගුණික හා, කාලගුණික විපර්යාස ආචාරධරිමීය පිලිවෙත් සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා ලබා දුන් දායකත්වය පෙන්වා දී ඇත.
දේශගුණික බලපෑම සහ කාබන් විමෝචනය මුලුමනින්ම තුරන් කිරීමේ මගපෙන්වීම
විද්‍යාත්මක පදනමක් සහිත ඉලක්කයන්ට අනුව කාබන් විමෝචනය මුලුමනින්ම තුරන් කරන ලද කර්මාන්තශාලා අතුරින් ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින අතර කාබන් විමෝචනය 84%කින් කපා දැමූ බ්‍රැන්ඩික්ස් සිය කර්මාන්තශාලා 5ක් සඳහා ශුන්‍ය කාබන් විමෝචනය සහතිකය හිමිකර ගෙන ඇත. SBTi අනුමැතිය සහිත ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට පත් වූ හයිඩ්‍රාමනි ආයතනය ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කයන් සාර් ථකව සපුරා ඇත. 2019 වසරේ දී හඳුන්වාදුන් පදනම් නිර්ණායකයන්ට අනුව MAS හෝල්ඩිංග්ස් සිය 1 සහ දෙවන පරාසයන්ට අනුව 24.04% කින් විමෝචනය ශුන්‍ය කර ඇති අතර සමූහයේ බලශක්ති අවශ්‍යතාවෙන් 39%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගනු ලබයි. මේ අතර ටීජේ ලංකා සමාගම සිය පුනර්ජනනීය බලශක්ති ධාරිතාව වර්ධනය කර ගනිමින් ඔවුන්ගේ මුලු බලශක්ති අවශ්‍යතාවෙන් 14%ක් දක්වා මේ තත්වය වර්ධනය කර ගැනීමට කටයුතු කර ඇත. හේලීස් ෆැබ්රික් සමාගම සිය GreenCatalyst – ESG Roadmap 2030 වාර් තාවෙහි මෙලෙස සටහන් කර ඇත. “ අපගේ ඒාකාබද්ධ ගමන පරිසරික බලපෑම අවම කිරීම පමනක් නොව වටිනාකම් දාමයෙහි ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා පෙරමුණ ගැනීමයි” යනුවෙනි. බ්‍රැන්ඩික්ස් ලොව විවිධ රටවල ක්‍රියාත්මක වන තම කර් මාන්තශාලාවන් හි පිටවන කාබන් ප්‍රමාණය ශුන්‍ය කිරීම සඳහා 2030වන විට කටයුතු කරනු ඇති අතර මෙම ඉලක්කය සපුරා ගන්නා ශ්‍රී ලංකාවේ පළමු ඇඟලුම් නිස්පාදන සමාගම බවට ද පත් වනු ඇත.
සංවෘත්ත ආර් ථිකය සහ යෙදවුම්වල කාර්්‍යක්ෂමතාව
සමස්තයක් ලෙස ලංකාවේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදකයින් සිව් දෙනා නිෂ්පාදනයෙහි දී සිදුවන පාරිසරික බලපෑම අවම කි ගැනීම සඳහා නව ප්‍රවේශයකට ඒළැඹ සිටී. MAS සිය අපද්‍රව්‍ය වලින් 99%ක් භුමියට මුදා හැරීමෙන් වැළැක්වී සිටී. Teejay සිය අපද්‍රව්‍ය වලින් ටොන් 3900ක් යලි භාවිතයට ගැනීම හෝ ප්‍රතිචක්‍රීය කරණ කරන අතර Brandix සිය අපද්‍රව්‍යවලින් 90%ක් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ මට්ටමට පැමිණ ඇත. හයිඩ්‍රාමනි අනාගත තිරසාරබව වෙනුවෙන් සිය නවතම තිරසර ඇඟලුම් කර් මාන්තශාලාව මිහිල ටෙක්ස් නමින් ඉදිකරමින් සිටී. මෙම ආයෝජනයන් සහ ක්‍රියාකාරකම් මත මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය වඩාත් පරිසර හිතකාමී සහ කාර්්‍යක්ෂම ව්‍යාපාර ක්ෂේත්‍රයක් බවට පත් වනු ඇත. ඒකසත් ජාතීන්ගේ ගෝලීය බලපෑම් ශ්‍රී ලංකා කාර්යාලය සිය තිරසාර සැපයුම්දාම අනුග්‍රාහක සමාගම බවට Teejay Lanka PLC සමාගම පත් කර ඇත.
ප්‍රජා සහ පුද්ගල සවිබල ගැන්වීම
කර්මාන්තශාලාවෙන් පිටතදී පවා ක්ර්මාන්තය මගින් සිදු කෙරෙන සමාජ බලපෑම ඇගයීමට ලක්කෙරේ. Brandix ශිෂ්‍යත්ව 1000ක් දූදරුවන් වෙත ලබා දීමට කටයුතු කල අතර ඔහුන්ගේ සේවක සේවිකාවන් රුධිරය පයින්ට් 47,000ක් පරිත්‍යාග කිරීමටත්, අක්ෂි සායන 140කට සහාය ලබා දීමටත් කටයුතු කර ඇත. MAS සමූහය 2024 වසර තුල ප්‍රජා ප්‍රවේශයන් හරහා අවස්තා මිලියන 2.1ක් ශ්‍රී ලාංකිකයින් වෙත විවිර කර ඇත. ඒමෙන්ම කළමනාකරන ක්ෂේත්‍රය සඳහා කාන්තා සහභාගීත්වය 26%කින් වර් ධනය කිරීමට සමත් වී ඇත. හයිඩ්‍රාමනී ආයතනය විසින් වසර 10ක් පුරා ක්‍රියාත්මක කරන තම Wonders of Well-being (WOW) වැඩසටහන මගින් ලොව පුරා විසිර සිටින සිය 55,000කට අධික සේවක සමූහයාගේ කායික මානසික යහපැවැත්ම සහ ආකල්ප වර්ධනය සිදු කර ඇත. මෙම වැඩසටහන ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙමින් හාවඩ් සරසවියේ ටී.ඒච් චැන් මහජන සෞඛ්‍ය විද්‍යාලය විසින් සිද්ධි අධ්‍යනයක් ලෙස ඇතුලත් කර ඇත. Teejay සමාගම සිය සේවක සංඛ්‍යාව 3465 දක්වා වර් ධනය කර ගනිමින් ඔවුන් සඳහා පුහුණු සහ ආයතනික සමාජ වගකීම් ඉටුකර මින් සිටී.
විනිවිද බව සහ පරිපාලන පිලිවෙත්
මෙරට ප්‍රමුඛතම ඇඟලුම් සමාගම් 4 ස්වාධීන සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුව ඉතා ශක්තිමක් පාලන පිලිවෙත් භාවිතා කරනු ලබයි. Teejay සිය ආයතනික වාර් කාකරණය තුළ GRI සහ IFRS S1 & S2 සහ SSROs, SASB, TCFD යන ප්‍රමිතීන් භාවිතා කරනු ලබයි. ඒමෙන්ම කාබන් පිටකිරීමේ තත්වය ISO 14064-1:2018 තත්වකරණයට අනුව සිදු කිරීමටත්, රසායනික ද්‍රව්‍ය භාවිතය, ZDHC සහ Bluesign ප්‍රමිතීන්ට අනුවත් සිදු කෙරේ. MAS සිය ආයතනික වාර්තාකරණය GRI ප්‍රමිතීන්ට අනුව සිදු කරයි. නිෂ්පාදනයේදී පිටකෙරෙන කාබන් ප්‍රමාණය අනාවරණය කිරීමේ ව්‍යාපෘතියක් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් වන SBTi, ZDHC, Bluesign සහ අනෙකුත් ප්‍රතීතනයන්ට අනුකූලව සිදු කරයි. Brandix ස්වාධීන ප්‍රමිතිකරණයක් හිමි කර ගනිමින් පලමු සහ දෙවැනි අධීක්ෂණ තත්වයේ ISO 14064-1 සහතිකකරණය සහිත කාබන් පිටකිරීමේ තත්වයක් පවත්වාගෙන යනු ලබයි.
නවෝත්පාදන සහ ගෝලීය පිලිගැනීම
තිරසරබව යනු හුදෙක්ම නියාමනයන් පවත්වාගෙන යෑම පමනක් නොව නවෝත්පාදනයන් ද ඇති කිරීමයි. Teejay 2024/25 මූල්‍ය වර් ෂය තුල තරසාර ඇඟලුම් පිලිබඳව අවධානය යොමු කල නව නිෂ්පාදනයන් 410ක් අනුමත කර ඇත. MAS සිය තිරසාර ඇඟලුම් නිස්පාදනයන්ගෙන් 40%ක ආදායමක් හිමිකර ගනී. හයිඩ්‍රාමනි UNIDO සංවිධානය කල Global Chemical Leasing Award 2024 සම්මාන උළෙලේදී හරිත සහ තිරසාර රසායනික සහිත නව ව්‍යාපාර මාදිලි යන කාන්ඩයේ රජත සම්මානය හිමි කර ගැනීමට සමත් විය. මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ විශාලතම සමාගම් 4 නිරතුරුව දෙස් විදෙස් ඇගයුම් හිමිකර ගනිමින් තිරසරබවට අදාල ජයග්‍රහනයන්, අඛණ්ඩව මිහිකර ගනිමින් ශ්‍රී ලංකාව වඩාත් වගකීම් සහගත ඇඟලුම් ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා කැපවී සිටී.

