August 17, 2025
කාන්තාවන් තවදුරත් ආර්ථිකව සවිබල ගැන්වීම සහ ඇඟයිම අරමුණුකරගත් වනිතාභිමාන පස්වන අදියර අභිමානවත්ව ආරම්භ කරයි.
පුවත්

කාන්තාවන් තවදුරත් ආර්ථිකව සවිබල ගැන්වීම සහ ඇඟයිම අරමුණුකරගත් වනිතාභිමාන පස්වන අදියර අභිමානවත්ව ආරම්භ කරයි.

Mar 10, 2025

NDB බැංකුව NewsFirst සමඟ එක්ව ශ්‍රී ලාංකීය කාන්තාවන් ඇඟයීම සහ සවිබල ගැන්වීම සඳහා කැපවූ මෙරට ප්‍රමුඛතම වැඩසටහනක් වන ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උළෙලේ පස්වන අදියර දියත් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. 2025 මාර්තු 6 වන දින පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයකින් සහ මාධ්‍ය සාකච්ඡාවකින් මෙම වැඩසටහනේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් කරන ලදී.

පසුගිය වසර හතර පුරාවට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උළෙල විවිධ ක්ෂේත්‍ර තුළ නියැලී සිටින ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ විශිෂ්ට මෙහෙවරයන් ඇඟයීම සුවිශේෂී වේදිකාවක් ලෙස සැලකිය හැක. එහි පස්වන අදියරේදී මෙම වැඩසටහන කාන්තාවන් ඇඟයීම වේදිකාවකින් ඔබ්බට ගිය දිගු කාලීන සමාජීය සහ ආර්ථික බලපෑමක් ඇති කිරීම අරමුණු කොටගත් පරිවර්තනීය මුලපිරීමක් වන වැඩසටහනක් ලෙස හැඳින්විය හැක. මෙම ඇඟයීම මෙහෙයවනු ලබන්නේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, මුල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ තිරසාර වර්ධනයක් සඳහා මාර්ගය සකස් කිරීමට දායක වන දුරදර්ශී පස් අවුරුදු තිරසාර අකෘතියක් මඟිනි.

වඩාත් නවීකරණය කරන ලද පස්වන වනිතාභිමාන වැඩසටහන කාන්තාවන්ට ඔවුන්ගේ ආර්ථික සුබසාධනය සඳහා වැදගත් තීරණ ගැනීමට අවස්ථාව ලබා දෙමින් මුල්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කරමින් සහ ස්ත්‍රී පුරුෂ පරතරය මැඩ පැවත්වීම වෙනුවෙන් ද දායක වෙයි. ශ්‍රී ලාංකීක කාන්තාවන් ව්‍යවසයිකාවන් බවට පරිවර්ථනය කරමින් ඔවුන් සවිබල ගැන්වීම සහ කුඩා ව්‍යාපාර හිමියන්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කරගැනීමට සහය දීමෙන් මෙම මුලපිරීම පුළුල් ආර්ථික වර්ධනයක් ඇති කිරීම තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 2030 වසර වන විට කාන්තා අපනයනකරුවන් ගෝලීය වෙළඳපොළට හඳුන්වා දීම සහ ඔවුන් ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතන සමඟ සම්බන්ධ කරමින් ඔවුන්ගේ ව්‍යාපාරයන් පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මෙම තිරසාර අකෘතියේ ප්‍රධාන අරමුණ වේ. මෙමඟින්, මෙම වැඩසටහන දේශීය වෙළඳපොළ තුළ පවතින අභියෝගයන්ට විසඳුම් ලබාදීම පමණක් නොව ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් ගෝලීය වශයෙන් ඉහළ තලයකට ඔසවා තැබීමට ද අවස්ථාව උදා වේ.

පස්වන අදියර විවිධ ක්ෂේත්‍රයන් හරහා විශිෂ්ටයන් ඇඟයීමට ලක්කරන පුළුල් සම්මාන ව්‍යූහයකින් සමන්විත වේ. පළාත් මට්ටමින්, කුඩා ව්‍යවසයිකාව, නැගී එන ව්‍යවසයිකාව සහ ඩිජිටල් ව්‍යවසයිකාව (නව එකතු කිරීමකි) මෙන්ම තරුණ නායකත්වය, කලා හා සාහිත්‍ය, සමාජ සේවා හා ක‍්‍රීඩා යන අංශයන් සඳහා සම්මාන හිමි වේ. ආයතනික අංශය ද සම්මාන දහයක් මඟින් ඇඟයීමට ලක් කෙරෙන අතර අලූතින් හඳුන්වා දුන් විදේශ රැකියා කාණ්ඩය යටතේ විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ දායකත්වය ඇඟයීමට ලක් කිරීමද මෙහිදී සිදු වේ. ජීවිත කාලයටම එක් වරක් පමණක් හිමි වන වනිතාභිනන්දන සම්මානය සම්මාන පහක්, වසරේ ජනප‍්‍රියතම කාන්තාව සම්මානය, වඩාත් ජනප‍්‍රිය කාණ්ඩය යටතේ නිර්දේශිත ජනප‍්‍රිය කාන්තාවන් වෙනුවෙන් විශේෂ ඇඟයීමට ද ඇතුළත් වේ.

සම්මාන ලබා දීමට අමතරව, මෙම වසරේ වනිතාභිමාන වැඩසටහන, හැකියාවන් පුළුල් කිරීමේ වැඩසටහන් තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම, මුල්‍ය සහාය සහ සැපයුම්දාම ක්ෂේත‍්‍රයේ සිටින පාර්ශවකරුවන් හා සම්බන්ධ වීමට ඔවුන්ට සහය වන වෙළඳපළ සංවර්ධනය යන අංශයන් කෙරෙහි මූලික අවධානයක් යොමු කරයි. මෙම සම්පත් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව විවර කරමින් මෙරට ආර්ථිකය සඳහා ආර්ථවත් ලෙස දායකත්වය සැපයිය හැකි සවිබල ගැන්වූ කාන්තා ව්‍යවසායකයින් පරපුරක් බිහි කිරීමට NDB බැංකුව සහ NewsFirst කැපවී සිටියී.

රට පුරා විහිදී සිටින කාන්තාවන්ගේ වර්ධනය සහ පරිවර්තනීය ගමන් මාර්ගයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාකරමින් මෙම සුවිශේෂී අදියර සඳහා අයදුම්පත් කැඳවීම 2025, මාර්තු මස 07 වන දින් සිට විවෘත කෙරේ.

හුදෙක් ඇඟයීම සඳහා පමණක් වෙන්වූ වැඩසටහනක් නොව, දිගු කාලීන සවිබල ගැන්වීම සහ සාර්ථකත්වයට දොරටු විවර කරන මෙම සුවිශේෂී මුලපිරීම සඳහා සහභාගී වන ලෙස NDB බැංකුව හා NewsFirst මෙරට සිටින සියලූම කාන්තාවන් හට ආරාධනා කර සිටියි. මෙම වැඩසටහන තුළින් කාන්තාවන්ට සහ ජාතියටම දීප්තිමත් අනාගතයක් අත්කර දීමේ NDB බැංකුවේ සිය නොසැලෙන කැපවීම තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close