February 5, 2025
අන්තර්ජාතික පාරිසරික ඔලිම්පියාඩ් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ත්‍රිත්වයක්
පුවත්

අන්තර්ජාතික පාරිසරික ඔලිම්පියාඩ් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ත්‍රිත්වයක්

Jan 7, 2024

ඉන්දියාවේ ලක්නව් නුවරදී පැවැති 7 වැනි අන්තර්ජාතික පාරිසරික ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝඡනය කරමින් නුගේගොඩ අනුලා විද්‍යාලයේ 7 වසරේ ඉගැනුම ලබන සිරස TV පුංචි පැංචි සජීවී වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාවක වන හිරුන්දි තිරන්යා වික්‍රමසිංහ සහ මහනුවර විහාරමහාදේවි විද්‍යාලයේ 13 වසරේ ඉගැනුම ලබන දසුනි උඩුවැරැල්ල සහ පේරාදෙණිය ගන්නරුව විද්‍යාලයේ 6 වසරේ ඉගැනුම ලබන සෙනෙතු මින්දිව් බණ්ඩාර සහභාගී වූහ.

මොවුන් තිදෙනා තෝරා ගනු ලැබුවේ කොළඹ පොත් සංගමය විසිනි. මෙම තරගාවලියේදී පාසල් ඛාණ්ඩයේ “Winds of Change” තරගයෙන් තෙවැනි ස්ථානය දිනා ගැනීමට හිරුන්දි තිරන්යා වික්‍රමසිංහ සහ දසුනි උඩුවැරැල්ල සමත් වූහ. විවිධ රටවල කණ්ඩායම් සහ ඉන්දියාවේ පාසල් 29ක් අතරින් The Best Team Player වීමටද ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට හැකි විය. ලෝකයේ විශාලම පාසල ලෙස ගිනස් වාර්තාවක් තබා ඇති ඉන්දියාවේ ලක්නව් නුවර පිහිටි CMS City Montessori School හිදී දින හතරක් පුරා මෙම තරගාවලිය විවිධ රටවල කණ්ඩායම් රැසක සහ ඉන්දියාවේ පාසල් 29ක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පවත්වන ලදී. කොළඹ ළමා පොත් සංගමයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය ධම්ම දේශ අම්බලන්පිටිය මහතා මෙම අවස්ථාවට විශේෂ ආරධිතයකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය.

3 Comments

  • Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.

  • Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?

  • Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close