September 8, 2024
සොෆ්ට්ලොජික් Stockbrokers සහ සොෆ්ට්ලොජික් Invest, 2024 CFA Capital Market සම්මාන උළෙලේ දී සිය විශිෂ්ටත්වය තහවුරු කරයි
පුවත්

සොෆ්ට්ලොජික් Stockbrokers සහ සොෆ්ට්ලොජික් Invest, 2024 CFA Capital Market සම්මාන උළෙලේ දී සිය විශිෂ්ටත්වය තහවුරු කරයි

Jul 26, 2024

ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය – පෞද්ගලික සබඳතාව හා එහි අනාගතය අරමුණු කොටගත් ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA Society Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන CFA Capital Market සම්මාන උළෙල පසුගියදා අවසන් වූයේ රාජ්‍ය – පුද්ගලික සබඳතාවේ ශක්තිය තේමාව කර ගනිමිනි. හොඳම කොටස් පර්යේෂණ වාර්තාව, හොඳම පර්යේෂණ කණ්ඩායම සහ හොඳම ඒකක භාර අරමුදල ඇතුලු තවත් කාණ්ඩ 3ක් යටතේ සම්මාන පිරිනැමුණු මෙම සම්මාන උළෙලේදී Softlogic Stockbrokers ‘හොඳම කොටස් පර්යේෂණ වාර්තාව’ සඳහා රිදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූයේ ක්ෂේත්‍රය තුළ තමන්ගේ විශිෂ්ටත්වය තහවුරු කරමිනි.

Softlogic Capital PLC හි පූර්ණ තැරැව්කාර සේවා අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers හි ශාදිනී සිල්වා සහ නතාෂි ප්‍රනාන්දු විසින් සංචාරක අංශය පිළිබඳ සම්පාදිත පර්යේෂණ වාර්තාව මෙහිදී ‘හොඳම කොටස් පර්යේෂණ වාර්තාව’ ලෙස රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය තුළින් පිළිගැනීමට ලක් වූයේ අවබෝධාත්මක හා කාර්යක්ෂම ප්‍රාග්ධන වෙළෙඳපොලක් වෙනුවෙන් ඉහළ මට්ටමේ පර්යේෂණ සිදු කිරීම හා ඒ සඳහා ඉහළම ක්‍රමවේදයන් භාවිත කිරීමට සොෆ්ට්ලොජික් Stockbrokers හි විශ්ලේෂණ කණ්ඩායමේ කැපවීමයි.

මෙම සම්මානය සඳහා ඉදිරිපත් වූ පර්යේෂණ වාර්තාවන් විශේෂඥ විනිශ්චය මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබූ මූලික ඇගයීම් ක්‍රියාවලියකින් පසු තෝරා ගෙන එම වාර්තාවන් ශ්‍රේණිගත කරන ලදී. තැරැව්කාර ක්ෂේත්‍රය පිළිබඳ විග්‍රහයක් මෙන්ම කලාපීය වශයෙන් සිදු කරන සංසන්දනයන් සමඟ තැරැව්කාර ක්ෂේත්‍රයේ ආකර්ෂණීය බව තක්සේරු කිරීම, තරඟකාරී තත්වයන් විශ්ලේෂණය හා එම ක්ෂේත්‍රයේ අභියෝග හා අවදානම් හඳුනාගැනීම යනාදී නිර්ණායකයන් මෙම ඇගයීමට යොදා ගනු ලැබීය. ඒ සියලු නිර්ණායකයන් තුළින් විශිෂ්ටත්වයට පත් සොෆ්ට්ලොජික් Stockbrokers හි පර්යේෂණ වාර්තාව එහි රිදී සම්මානය තමන් සතු කර ගන්නා ලදී.

2024 වසරේදී සංචාරකයන් මිලියන 2.2ක ප්‍රමාණයක් ආකර්ෂණය කර ගනිමින් ඩොලර් බිලියන 3.5 ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වන මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ පුළුල් විමර්ශනයක් වූ එම පර්යේෂණ වාර්තාව සුබවාදී පුරෝකතනයක් සිදු කිරීමට කටයුතු කර ඇත. විශේෂයෙන් සමාජ, ආර්ථික තත්වයන්හි දියුණුව, නිදහස් වීසා වැඩසටහන, ප්‍රධාන වෙළෙඳපොලවල් තුළින් පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම වැනි ධනාත්මක තත්වයන් මෙහිදී විශ්ලේෂණයට ලක්ව ඇත. එසේම මාලදිවයිනෙහි ක්‍රියාත්මක ශ්‍රී ලංකා හෝටල් ජාලයන්හි උපාය මාර්ගික වාසිය පිළිබඳව පෙන්වා දී ඇති එය ප්‍රතිපත්තිමය වෙනස්කම්වල හැකියාව, MICE (Meetings, incentives, conferences and exhibitions) සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට දරන උත්සාහය හේතුවෙන් හෝටල්වලට පැමිණීමේ අනුපාත ඉහළ නැංවීම පිළිබඳවද එම වාර්තාව තුළින් පුරෝතකනය කර ඇත.

එසේම මෙම සම්මාන උළෙලේදී ‘හොඳම පර්යේෂණ කණ්ඩායම’ කාණ්ඩය යටතේ විශේෂ ඇගයීමක් ලැබීමටද සොෆ්ට්ලොජික් Stockbrokers සමත් විය. ඒ Stockgpt.lk සහ ආයෝජන කිරීමට උපකාර කිරීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කරනු ලබන සේවාවන් සහිත සුවිශේෂී සේවාවන් ලබා දෙමින් පුද්ගලික හා ඉහළ වටිනාකම්ක් සහිත ආයෝජකයින්ට අවශ්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙනි. ආයෝජකයින් වෙනුවෙන් වන webinar සහ පර්යේෂණ වාර්තාවන් (23/24 මූල්‍ය වර්ෂයේ) තුළින් සිය ආයෝජකයින්ගේ ඉදිරි ගමනට අවශ්‍ය සහයෝගය ලබා දීමට එහිදී වැදගත් විය.

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොලට AI තාක්ෂණය හඳුන්වාදීමේ පුරෝගාමියකු වූ සොෆ්ට්ලොජික්, Microsoft හි අති නවීන Azure OpenAI සේවාව සමඟ එක් වෙමින් ආයෝජකයින්ට, මූල්‍ය විශ්ලේකයින්ට සහ අරමුදල් කළමනාකරුවන්ට කොළඹ කොටස් වෙළෙඳපොල, ශ්‍රී ලංකා මහ බැංකුව සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත වාර්තා යනාදී විශ්වසනීය හා ආරක්ෂිත තොරතුරු ලබා ගැනීමේ පහසුව සඳහා “StockGPT’’ නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මේ තුළින් ප්‍රාග්ධන වෙළෙඳපොල පිළිබඳ මනා දැනුමක් නොමැති අයෙකුට පවා දැනුවත්ව තීරණ ගැනීමේ හැකියාව ලැබීම ඉතා වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් Stockbrokers හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිහාන් දැදිගම මහතා “CFA Capital Market සම්මාන උළෙලේදී හොඳම කොටස් පර්යේෂණ වාර්තාවට හිමි රිදී සම්මානය දිනා ගැනීමට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ප්‍රාග්ධන වෙළෙඳපොල සාර්ථකත්වය සඳහා දැනුම හා පර්යේෂණ ඉතා වැදගත් වනවා. ඒ වෙනුවෙන් අපගේ අප්‍රතිහත කැපවීම මෙම සම්මානයට තුළින් මනාව පෙන්නුම් කරනවා- ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොල වර්ධනයට තවදුරටත් දායක වෙමින් පර්යේෂණයන්හි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.” යනුවෙනි.

සොෆ්ට්ලොජික් Stockbrokers ට අමතරව සොෆ්ට්ලොජික් Invest ද මෙම සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ‘නව ප්‍රවේශය’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව පුරා ආයෝජන විසඳුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔවුන් සිදුකරනු ලබන කාර්යභාරය මෙම සම්මානය දිනා ගැනීමට හේතු විය. ඒකක භාර අරමුදල්හි ඉහළ කාර්යසාධන ප්‍රමිතීන් පවත්වා ගැනීම වෙනුවෙන් සොෆ්ට්ලොජික් Invest හි කැපවීම මේ තුළින් පිළිබිඹු වේ.

සොෆ්ට්ලොජික් ඇසට් මැනේජ්මන්ට් හි ප්‍රධාන විධායක නිලධාරිනී නිලූ ජයතිලක මහත්මිය මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ හොඳම ඒකක භාර අරමුදලක් ලෙස 2024 CFA Capital Market සම්මාන උළෙලේදී ඇගයීමට ලක වීම පිළිබඳව සතුටට පත්වන බවයි. මෙවන් සම්මාන තුළින් තවදුරටත් ඉහළ ප්‍රමිතීන් සකස් කරමින් ආයෝජකයින්ට හා පාර්ශවකරුවන්ට දිගු කාලීන වටිනාකමක් ලබා දීමට හැකිවන බවද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *