December 22, 2024
සොෆ්ට්ලොජික් ලයිෆ්, ජවයෙන් ලොව දිනන්නට තරුෂිට සවියක් වෙයි
පුවත්

සොෆ්ට්ලොජික් ලයිෆ්, ජවයෙන් ලොව දිනන්නට තරුෂිට සවියක් වෙයි

Nov 5, 2024

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ජාතියක් ආදරය කරන ශ්‍රී ලාංකේය ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න වෙත 2028 ඔලිම්පික් තරඟාවලිය දක්වා සිය රැකවරණය ලබා දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙම අනුග්‍රාහකත්වය තුලින් මෙරට ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සෞඛ්‍යය හා උනන්තිය වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් දක්වන කැපවීම යළිත් ප්‍රදර්ශනය කිරීමටද හැකියාව උදා විය.

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාව දැයට දායාද කළ තරුණ ක්‍රීඩිකාවක් වන තරුෂි කරුණාරත්න ජාතික හා ජාත්‍යන්තර තරඟාවලි රැසකදී සිය හැකියාවන් හා දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත. විශේෂයෙන් අවුරුදු 19 ක තරම් ලාබාල වයසකදී මේ බොහෝ ජයග්‍රහණයන් තමන් සතු කර ගැනීමට තරුෂි සමත් වූයේ සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනා ගනිමිනි.  මෙම ජයග්‍රහණයන් තුළින් සිය ශක්තිය, කැපවීම හා දක්ෂතාවය ලොවට ප්‍රදර්ශනය කළ ඇය මැදි දුර ධාවන ශූරියක ලෙස පසුගියදා පැවති ඔලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාවද උදා කර ගත්තේ මෙරටින් ඔලිම්පික් උළෙල සඳහා එක් වූ ලාබාලතම ක්‍රීඩිකාව ලෙසය.

තරුෂි මේ වන විට ලබා ඇති ජයග්‍රහණ

–              වයස අවුරුදු 20න් පහළ ආසියානු ශූරතාවලියේ රන් පදක්කම – තරඟාවලියේදී සිය වේගය හා ශක්තිය සමඟින් මීටර් 800 රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් විය.

–              ජාතික වාර්තා රැසක හිමිකාරියකි – දැනට මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන තරුෂි එම ඉසව්වේ මෙරට ඉතිහාසයේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙසද සඳහන් කළ හැකිය.

–              ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීම – ලෝක මලල ක්‍රීඩා 20න් පහළ ශූරතා තරඟාවලිය ඇතුළු ජාත්‍යන්තර තරඟ රාශියකට ශ්‍රී ලංකා නියෝජනය කරමින් ඇය සහභාගී විය

–              ජාතික ශූරතා කිහිපයක ජයග්‍රාහිකාවකි – තරුෂි මීටර් 400 සහ 800 යන කාණ්ඩ දෙකෙහිම ජාතික ශූරතා කිහිපයක් දිනාගනිමින් මෙරට ධාවන තරඟාවලීන්හි විශිෂ්ට ක්‍රීඩිකාවක් බවට පත්ව ඇත.

තරුෂි ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තුවයි. තමන්ගේ ජයග්‍රහණ තුළින් ක්‍රීඩාවට පිවිසෙන සියලු තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් නව ජවයක් එක් කිරීමට ඒ අනාගත බලාපොරොත්තුවට හැකි වී ඇත.

තරුෂි දැන් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. එහිදී ඇයට විවිධ දේ වෙනුවෙන් විය හියදම් කිරීමට සිදු වන බව රහසක් නොවේ. තමන්ගේ ජීවිතයේ හෙට දවස වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන තරුෂිට ඇගේ සෞඛ්‍ය වියදම් පිළිබඳ ගැටළුවකින් තොරව පුහුණු හා අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවස්ථාව සොෆ්ට්ලොජික් ලයිෆ් උදා කර දී ඇත. ඒ ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ ආවරණයක් ඇය වෙත ලබා දෙමිනි. එක්සත් ජනපදයේ ලුසියානා, නිව් ඕලීන්ස්හි ටියුලේන් (Tulane) විශ්වවිද්‍යාලයේ සිවු අවුරුදු ශිෂ්‍යත්වයක් ලබමින් කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධිය හදාරන තරුෂි NCAA Division I circuit හි පුහුණුව ලබමින් ජාත්‍යන්තර තලයේ ඇගේ මලල ක්‍රීඩා හැකියාවන් තව දුරටත් ඉදිරියට ගෙන යනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා “ තරුෂිගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. අධිෂ්ඨානයෙන් හා ශක්තියෙන් යුත් කැපවීමෙන් කටයුතු කරන ඇය අපගේ ආයතනික අභිලාෂයන් සමඟ මනාව ගැලපෙනවා. ඊටත් වඩා ඇගේ අති සාර්ථක ගමනේ කොටස්කරුවන් වීමට හැකිවීම අප ලද ගෞරවයක් කොට සැලකීමට කැමතියි. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ උන්නතිය සඳහා ආයෝජනය කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කැපවී සිටිනවා. මෙම හවුල්කාරීත්වය තුළින් ජාතියට අභිමානයක් ගෙන එන තරුෂි ක්‍රීඩා ලොව විජයග්‍රහණය වෙනුවෙන් සවිබල ගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය. 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය රක්ෂකයා වන සොෆ්ට්ලොජික් ලයිෆ් ‘හොඳ ලෙඩ’ තුළින් සියලු දෙනාට තමන් කැමති දේ කරමින් නිදහසේ සතුටින් ජීවත් වීමේ අවස්ථාව උදා කර දී ඇත්තේ ඒ සියලු අවස්ථාවන්හිදී ඔබ ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමිනි. 2028 ඔලිම්පික් තරඟාවලිය දක්වා තරුෂි කරුණාරත්නට ගෝලීය සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දීම ඊට කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙට දවසේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල සහ 2028 ඔලිම්පික් තරඟාවලිය ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා තරඟයන්හිදී ජයග්‍රහණයන් හඹා යන තරුෂිගේ සෞඛ්‍යය සඳහා පරිපූර්ණ ආරක්ෂාවක් ලබා දීම තුළින් ඇයට මානසික පීඩාවකින් තොරව ක්‍රීඩා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වනු ඇත.

ඒ අනුව මිලියන 1.5කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙත සෞඛ්‍යාරක්ෂාව සලසා දෙන සොෆ්ට්ලොජික් ලයිෆ්හි සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ පහසුකම මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නටද හිමි වනු ඇත. තමන් සතු සුවිශේෂී සේවාව තුළින් ඉමහත් පාරිභෝගික විශ්වාසයක් හිමිකර ගෙන ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ කර්මාන්තයේ වේගවත්ම හිමිකම් පියවීමේ අනුපාතය, නිෂ්පාදන හා සේවාවන්හි හොඳම හා නවීනතම තාක්ෂණය පදනම් කරගත් විසඳුම් සිය පාරිභෝගිකයින් වෙත සපයනු ලබයි. මෙම විශිෂ්ට සේවාවන් තුළින් සෞඛ්‍ය රක්ෂණ වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත්ව ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 වසරේදී ශුද්ධ ප්‍රවර්ධන ලකුණු 68ක් හිමිකර ගනිමින් 36%ක වෙළෙඳපොල කොටසක් තමන් සතු කර ගැනීමට සමත්ව සිටියි. තවද 2024 අගෝස්තු 31 වන විට සක්‍රිය රක්ෂණ ඔප්පු 750,000ක් හා රුපියල් බිලියන 9.7කට අධික හිමිකම් ගෙවීමට කටයුතු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලාංකිකයින්ට බියකින් සැකයකින් තොරව ජීවත් වෙමින් විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ සිහින හඹා යාමට අවශ්‍ය ශක්තිය ලබා දීමට කටයුතු කරයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයෙකු වන Leapfrog Investments සිටී. එම සමාගම ඩොලර් බිලියන 2 කට වඩා අරමුදල් කළමනාකරණය කරන අතර ලෝකයේ වඩාත්ම කීර්තිමත් ආයෝජන සංවිධාන ඇතුළත් ආකර්ෂණීය ආයෝජක පදනමක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *