Sofia Colombo කාන්තාවන් සඳහාම වෙන් වූ Pink Floor දියත් කරයි
සංචාරය කරන කාන්තාවන්ගේ පහසුව, ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුවතාව ඉහළ නැංවීමේ අරමුණෙන් Sofia Colombo හෝටලය Pink Floor නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ පරිශ්‍රයක් හඳුන්වා දී තිබේ. එය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පෙරළිකාර මුලපිරීමකි. ඒ තුළින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂිත සංචාරක අත්දැකීම් සඳහා ගෝලීය වශයෙන් ඇති ඉල්ලුම පිළිබිඹු වේ. Tonic Wellness සමඟ එක් වී හඳුන්වා දෙන Tonic Wellness SPA මෙම පරිශ්‍රයේ ඇති සුවිශේෂ අංග අතරින් එකකි. එහි පැමිණෙන පාරිභෝගිකයන්ට පෞද්ගලික සහ කාන්තාවන් සඳහාම වෙන් වූ වටපිටාවක වෘත්තීමය ප්‍රතිකාර සේවා රැසක් ලැබිය හැකිය. එහිදී නිදහස් මනසකින් සපිරි විවේකයක් ලැබීමටත්, ශරීර සුවතාව ඉහළ නංවා ගැනීමටත් ඔවුන්ට හැකියාව ලැබේ.
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් Sofia Colombo හෝටලයේ සාමාන්‍යධිකාරී සුගත් ඉලංගකෝන් මහතා සඳහන් කළේ වර්තමාන ලෝකයේ සංචාරය කරන කාන්තාවන් බලාපොරොත්තු වන්නේ හුදු නවාතැනක් පමණක් නොවන බවයි. “නූතන කාන්තාවන් ඔවුන්ගේ ජීවන රටාව සමග සමපාත වන සහ පෞද්ගලිකත්වය, ආරක්ෂාව සහ සුවතාව කේන්ද්‍ර කර ගත් සංචාරක අත්දැකීමක් බලාපොරොත්තු වෙනවා. තිරසාරත්වය සහ අමුත්තන් කේන්ද්‍ර කර ගත් නව්‍යකරණය සඳහා නිරන්තරයෙන් කැප වූ Sofia Colombo හෝටලයේ නව දිගුවක් ලෙස Pink Floor පරිශ්‍රය හඳුන්වන්නට පුළුවන්.” කාන්තාවන්ට පමණක් වෙන් වූ සුව පහසු කාමරවලින් සහ කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත Pink Floor පහසුව සහ පුද්ගලාරෝපිත සත්කාර සහතික කරයි. අමුත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන් මෙම පරිශ්‍රය සඳහා ඇතුල්වීම විධිමත් නියාමනයකට යටත් කර ඇත. වර්තමානයේදී තනිව සංචාරය කරන කාන්තාවන් ආරක්ෂාව සම්බන්ධ බොහෝ ගැටළුවලට මුහුණ පාන පසුබිමක එය ඉතා සුවිශේෂ මුලපිරීමකි. නිවාඩුවක් ගත කිරීම හෝ ව්‍යාපාරික කටයුතු වැනි ඕනෑම අවශ්‍යතාවක් සඳහා තනිව සංචාරය කරන කාන්තාවන්ගේ ප්‍රියතම ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා මෙම මුලපිරීම බොහෝ සෙයින් ඉවහල් වනු ඇත. මේ තුළින් Sofia Colombo කාන්තාවන් ප්‍රමුඛ කර ගත් ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ඉදිරිගාමී නායකයෙකු බවට පත් වේ. ඉදිරි කාලයේදී තවත් කාන්තාවන් ඉලක්ක කර ගත් සේවා හඳුන්වා දීමට ඔවුන් සැළැසුම් කර ඇත.

