February 13, 2026
වඩාත් විශ්වාසනීය ජාලය වන SLT-MOBITEL, 5G තාක්ෂණය සමඟින් ශ්‍රී ලංකාවේ මීළඟ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියා  බවට පත් වෙයි
පුවත්

වඩාත් විශ්වාසනීය ජාලය වන SLT-MOBITEL, 5G තාක්ෂණය සමඟින් ශ්‍රී ලංකාවේ මීළඟ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියා  බවට පත් වෙයි

Dec 22, 2025

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනීය ගමන් මඟේ සුවිශේෂී ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, තම 5G සබඳතා ජාලය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට මීළඟ පරම්පරාවට සරිලන නවතම සබඳතා අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.  

පෙර අත් නොවිඳි වේගවත් බවකින් සමන්විත SLT-MOBITEL 5G සේවාව, ශ්‍රී ලාංකිකයින්ගේ අධ්‍යාපනික, වෘත්තීය ඇතුළු සියලු අවශ්‍යතා සඳහා පරිවර්තනීය සහයෝගයක් ලබා දෙන අතර, මෙම තාක්ෂණය රටේ අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, නිෂ්පාදන වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ආශ්‍රිතව විප්ලවීය වෙනසක් සිදු කරමින්, නවෝත්පාදන සක්‍රීය කිරීමට  සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. මීට අමතරව ඩිජිටල් සේවා වේගවත් කිරීම සහ ව්‍යාපාර බල ගැන්වීම වෙනුවෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන SLT-MOBITEL 5G සේවාව අනාගතයට සරිලන, දැනුම මත පදනම් වූ ආර්ථිකයක් සඳහා අඩිතාලම දමනු ඇති අතර, මෙම සේවාව ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් ක්ෂේත්‍රය තුළ තරගකාරී ලෙස  ස්ථාන ගත කිරීමට ද ශක්තිය ලබා දෙයි.

SLT-MOBITEL 5G සේවාව ජන ගත කිරීමේ කොටසක් ලෙස, One Galle Face Mall (OGF) හි දී 5G සේවාව හඳුන්වා දීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, එහි දී ජනතාවට 5G සේවාවේ විශේෂත්වය අත්විඳිමින්  AR සහ VR යෙදුම්, ඩිජිටල් ක්‍රීඩා සහ සජීවී වේග නිරූපණයන් (Live speed demonstrations) ගවේෂණය කිරීමට අවස්ථාව ලබා දීම විශේෂත්වයකි. මෙම සුවිශේෂී අවස්ථාවට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා, SLT-MOBITEL අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ, SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ඉමන්ත විජේකෝන්, MOBITEL  සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු SLT-MOBITEL ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් සුදර්ශන ගීගනගේ මහතා මෙසේ පැවසුවේ ය. “5G යනු විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත ඩිජිටල් පරිවර්තනය වේගවත් කරන තීරණාත්මක සේවාවක් විදියට හඳුන්වා දීමට පුළුවන්. සෑම පුරවැසියෙකුටම තිරසාර හා අර්ථවත් සබඳතා අත්දැකීමක් ලබා දෙමින්, ආර්ථික වර්ධනයේ නව යුගයකට ශ්‍රී ලංකාව ගෙන යාමේ හැකියාව මෙම සේවාවට ඇති බව පැවසිය යුතුමයි. නවීන තාක්ෂණයෙන් සපිරි  අනාගතයක් කරා ශ්‍රී ලාංකේය ජාතිය ගෙන යාමට ව්‍යාපාර, ආයතන සහ ජනතාව  බල ගැන්වීම වෙනුවෙන් SLT-MOBITEL සමාගමේ කැප වීම, 5G සේවාව හඳුන්වා දීම හරහා පිළිබිඹු වෙනවා.”

5G සේවාව හඳුන්වා දීම හරහා  ශ්‍රී ලංකාව පුරා ජනතාවට උසස් ඩිජිටල් මෙවලම් හඳුන්වා දීමට, වැඩිදියුණු කළ සබඳතා ආශ්‍රිත ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දීමට සහ අති නවීන තාක්ෂණික සේවා වෙත ප්‍රවේශ වීමේ හැකියාව සෑම පුරවැසියෙකුටම සමානව ලබා දීමට  SLT-MOBITEL කැප වන අතර,  දියුණු ජංගම හා ස්ථාවර දුරකථන ජාල තාක්ෂණය සඳහා අවශ්‍ය ජාල පදනම ශක්තිමත් කිරීම සඳහා 5G සේවා ශක්තිමත් කිරීමට SLT-MOBITEL වසර ගණනාවක් තිස්සේ අඩිතාලම දමමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close