September 12, 2025
SLT-MOBITELRoaming සේවා පාරිභෝගිකයන්ට සුවිශේෂී විදේශ සංචාරයක්
පුවත්

SLT-MOBITELRoaming සේවා පාරිභෝගිකයන්ට සුවිශේෂී විදේශ සංචාරයක්

May 6, 2025

SLT-MOBITEL ක්‍රියාවට නැංවූ විශේෂ ‘Roam and Win’ ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාගයට හිමිකම් කීමට සමත් වූ වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත එම ත්‍යාගය පිරිනැමීම පසුගියදා SLT-MOBITEL ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. Roaming සේවා ප්‍රවර්ධන වැඩසටහනක් වූ මෙහි ප්‍රධාන ත්‍යාගය වූයේ සියලු වියදම් පියවූ තායිලන්ත සංචාරයකි. මෙම  සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන, පාරිභෝගිකයන් තමන් කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් SLT-MOBITEL විසින් සිදුකරන ලද ඇගයීමක් සහ කෘතගුණ දැක්වීමක් ලෙසද හැඳින්විය හැකි වේ.

තම විදේශ සංචාරවලදී SLT-MOBITEL  Roaming සැලසුම් සක්‍රීය කරන පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීමේ අරමුණින් SLT-MOBITEL  විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබූ පාරිභෝගිකයන් අතරින් කුසපත් ඇදීමෙන් ප්‍රධාන ත්‍යාගය හිමි ජයග්‍රාහකයා තෝරාගන්නා ලද අතර, ඔහුට හිමි වූ තායිලන්ත සංචාරයට සම්පූර්ණ ගුවන් ටිකට්පත් වියදම්, හෝටල් නවාතැන් වියදම්, වීසා පහසුකම්, මගපෙන්වනන් සහිත සංචාර සහ දෙදෙනෙකු සඳහා දෛනික වියදම් ඇතුළත් විය. එම නිසා මෙය ජයග්‍රාහකයන්ට සිතේ සැහැල්ලුවෙන් යුතුව කිසිදා අමතක නොවන සංචාරක අත්දැකීමක් විඳගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.

තම විදේශ සංචාර අතරතුර බාධාවකින් තොර සම්බන්ධතා පහසුකම් අත්විඳින පාරිභෝගිකයින්ට අමතර ප්‍රතිලාභද පිරිනැමීම සඳහා SLT-MOBITEL දක්වන අඛණ්ඩ උනන්දුව හා කැපවීම මෙම වැඩසටහන මගින් මැනැවින් පිළිබිඹු වේ. පාරිභෝගිකයන්ට විදෙස් ගමන් අතරතුරදී අඛණ්ඩව සම්බන්ධතා පහසුකම් හිමි වීම කෙතරම් වැදගත්ද යන්න වටහා ගනිමින්, ඔවුන්ට සහනදායී ගාස්තු මෙන්ම විවිධ ප්‍රතිලාභ හිමි වන ආකාරයට SLT-MOBITEL විසින් සිය Roaming සේවාවන් සැලසුම් කර ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL දිගින් දිගටම පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුම්, ප්‍රවර්ධන වැඩසටහන් හා සුවිශේෂී සේවාවන් හඳුන්වා දෙමින් සිටී. සිය පාරිභෝගිකයන්ට උපරිම ප්‍රතිලාභ සමගින් වඩාත් උසස් දුරකථන සන්නිවේදන අත්දැකීමක් පිරිනැමීම ඒ සියල්ලෙහි අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close