February 4, 2025
SLT-MOBITEL වෙතින් 94 වැනි සුලෝහිත සංග්‍රාමයට ප්ලැටිනම් අනුග්‍රහය
පුවත්

SLT-MOBITEL වෙතින් 94 වැනි සුලෝහිත සංග්‍රාමයට ප්ලැටිනම් අනුග්‍රහය

Mar 5, 2024

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, 94 වැනි සුලෝහිත සංග්‍රාමයේ (Battle of the Maroons) ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත්ව තිබේ. සුලෝහිත සංග්‍රාමය යනු කොළඹ ආනන්ද සහ නාලන්ද යන පාසල් ද්විත්වය අතර පැවැත්වෙන ඓතිහාසික වාර්ෂික ක්‍රිකට් තරගයයි. අතිශය ජනප්‍රිය වාර්ෂික ක්‍රිකට් තරගයක්වන මෙය, දිවයිනේ නව පරපුරේ ක්‍රිකට් කුසලතා එළිදකින සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.

ක්‍රීඩා සංවර්ධනය  මෙන්ම තරුණ පරපුරේ උන්නතිය උදෙසා දක්වන කැපවීමෙහි එක් වැදගත් පියවරක් වශයෙන් SLT-MOBITEL මෙම ක්‍රිකට් තරගයට අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් විය. මෙය රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම නැගී එන නවක ක්‍රිකට් තරුවල ඉදිරි ගමන උදෙසා අතිශයින් වැදගත්වන හවුල්කාරීත්වයක් වනු ඇත. මෙමගින් රටේ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට හා සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් දැක්වීමට තමන්ට හැකි වනු ඇතැයි SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.

පසුගියදා කිංස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම හවුල්කාරීත්වය නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර, මෙම සබැඳියාවේ වැදගත්කම මෙන්ම රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීමද අවධාරණය කෙරිණි.

ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර සුහදත්වය ලොවට කියාපාන සුලෝහිත සංග්‍රාමය මුලින්ම ආරම්භ වූයේ 1926 වර්ෂයේදී ය. එතැන් පටන් සුලෝහිත සංග්‍රාමය පාසල් දෙක අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට මෙන්ම රටට විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කිරීමට අමිල මෙහෙවරක් ඉටුකර තිබේ.

2 Comments

  • Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.

  • Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close