August 17, 2025
SLT-MOBITEL සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් වී විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කරයි
පුවත්

SLT-MOBITEL සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් වී විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කරයි

Mar 10, 2025

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක් වී, මෙරට විශ්‍රාමිකයන්ට SLT-MOBITEL සතු අතිනවීන විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වන mTicketing සේවාව හරහා දුම්රිය බලපත්‍ර (‘වොරන්ට්’) ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබේ. විශ්‍රාමික ජනතාවට වඩාත් පහසුවෙන් තම ගමනාගමන අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙය සිදුකරන ලදී.

මෙලෙස ඩිජිටල්කරණය කරන ලද විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ක්‍රමය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් සහ SLT-MOBITEL සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මීට පෙර SLT-MOBITEL හි මාර්ගගත ප්‍රවේශ ඔස්සේ විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් ගමන් බලපත්‍ර වෙන්කරවා ගැනීමේ හැකියාව පැවතුණේ  මහජනතාවට සහ රජයේ සේවකයන්ට පමණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විශ්‍රාමිකයන්ට ද තම නිවසේ සිටම, ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ඩිජිටල් පදනමක් හරහා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට හැකියාව ලැබී තිබේ.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් මෙරට විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ඩිජිටල් විසඳුම් පිරිනැමීමට හැකි වීම පිළිබඳව SLT-MOBITEL බෙහෙවින් සතුටු වෙයි. මෙය රටේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කැපවන අතරම, විශ්‍රාමිකයන් දීර්ඝ කාලයක් පුරා රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඇගයීම සඳහා සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියකි.

පසුගිය වසරේදී මහජනතාවට දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා SLT-MOBITEL හඳුන්වා දුන් ක්‍රමවේදය බෙහෙවින් සාර්ථක වූ අතර, එහි ඉදිරි පියවරක් වශයෙන් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙන ලදී. එමෙන්ම මෙය රටේ සියලුම ජනතාවට සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා දරනු ලබන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

තවද මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට දායක වීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ දිගුවක් වන අතර, මෙම උත්සාහය යටතේ විශේෂයෙන්ම විශිෂ්ට තලයේ සම්බන්ධතා විසඳුම් ඔස්සේ රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින ව්‍යාපාර ඩිජිටල්කරණය කිරීම සඳහා SLT-MOBITEL කටයුතු කරමින් සිටී. එමෙන්ම මෙය රටේ සියලුම පුරවැසියන්ට අත්‍යවශ්‍ය සේවා වඩාත් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ජාතික දැක්මට සමගාමී මෙහෙවරක් ලෙසද හැඳින්විය හැක.

2 Comments

  • Fetih su kaçak tespiti Sultanbeyli’deki evimizde su kaçağı vardı, çok kısa sürede çözüldü. Harika bir ekip. https://learn.kegerator.com/author/kacak/

  • Le code promo 1xBet valide: BONUS1X200 – recevez un bonus de bienvenue de 100% jusqu’à 130€ en utilisant ce code lors de votre inscription sur le site 1xBet. Bénéficiez d’un bonus jusqu’à 130€ en freebets sur vos paris sportifs, versé selon le montant de votre premier dépôt. Avec ce code, 1xBet vous offre l’un des meilleurs bonus de bienvenue pour débuter sur leur plateforme. Obtenez jusqu’à 130€ de freebets sur les paris sportifs. Pour retirer les gains issus de votre bonus, il faudra miser 5 fois son montant sur des paris combinés avec au moins 3 matchs ayant une cote de 1.30 minimum. Pour les amateurs de casino, 1xBet propose également un bonus allant jusqu’à 1 950€ + 150 freespins + 150 freespins.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close