March 30, 2026
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සන්නාම සහ පුද්ගලයන් සම්මානයට පාත්‍ර කළ SLIM KANTAR People’s Awards 2026
පුවත්

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සන්නාම සහ පුද්ගලයන් සම්මානයට පාත්‍ර කළ SLIM KANTAR People’s Awards 2026

Mar 30, 2026

SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල මාර්තු 18 වැනිදා Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පිරිස් එක් කළ මෙම සම්මාන උළෙල, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් සන්නාම සහ පුද්ගලයින් ඇගයීමට ලක් කළ සුවශේෂී විචිත්ත්‍රවත් රාත්ත්‍රීයක් විය.

මෙරට වඩාත්ම අපේක්ෂිත සම්මාන උළෙලක් ලෙස පිළිගැනෙන SLIM-KANTAR People’s Awards, ජනප්‍රියත්වය, මහජන විශ්වාසය සහ සබැඳියාව ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සහ සන්නාම ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන තිබිණි. අනෙකුත් සම්මාන උළෙලවලට වඩා මෙය වෙනස් වූයේ ජයග්‍රාහකයින් ජනතාව විසින්ම තෝරාගැනීම නිසාය. ඒ හේතුවෙන් සෑම සම්මානයක්ම සැබෑ මහජන මනාපය පිළිබිඹු කරයි.

මෙම සම්මාන උළෙල සඳහා ව්‍යාපාරික නායකයින්, අලෙවිකරුවන්, කලාකරුවන්, මාධ්‍ය නියෝජිතයින් සහ ආරාධිත අමුත්තන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ. මෙවර සම්මාන උළෙල මගින් ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රබල ලෙස ස්ථාපිත වූ සන්නාම සහ පුද්ගලයින් කෙරෙහි නැවත වරක් අවධානය යොමු කෙරුණු අතර, රට පුරා ගෞරවය සහ පක්ෂපාතීත්වය දිනාගත් අය වෙත උපහාර පුද කෙරිණි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ KANTAR ආයතනය එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙල, පුළුල් පරාසයක විහිදුණු විවිධ කාණ්ඩ යටතේ ප්‍රවීණ සන්නාම මෙන්ම නැගී එන ජනප්‍රිය සන්නාම ද ඇගයීමට ලක් කළ ගෞරවනීය ජාතික වේදිකාවක් බවට පත්ව තිබිණි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සභාපති, මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙසේ පැවසීය. “SLIM-KANTAR People’s Awards යනු ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ ප්‍රබල ලෙස පිළිබිඹු කරන වේදිකාවකි. මහජනතාව සමඟ අර්ථවත් සබඳතා ගොඩනඟා ගනිමින්, ඔවුන්ගේ විශ්වාසය හා ගෞරවය දිනාගත් සන්නාම සහ පුද්ගලයින් ඇගයීමට ලක් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.”

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උප සභාපති (ව්‍යාපෘති සහ තිරසාරභාවය), ඉනොක් පෙරේරා මහතා මෙසේ පැවසීය. “සන්නාම සහ පුද්ගලයින්, ඔවුන්ගේ සේවය ලබන ජනතාව සමඟ පවත්වාගෙන යන සමීප සබඳතාවය මෙම සම්මාන හරහා අගය කරනු ලැබේ. මහජනතාව විසින් ඇගයීමට ලක් වීම යනු ඕනෑම සන්නාමයකට හෝ පුද්ගලයකුට ලැබිය හැකි වඩාත් අර්ථවත් පිළිගැනීම්වලින් එකකි.”

SLIM-KANTAR People’s Awards 2026 ව්‍යාපෘති ප්‍රධානී, ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා මෙසේ පැවසීය. “SLIM-KANTAR People’s Awards සුවිශේෂී වන්නේ එය ශ්‍රී ලංකාවේ සැබෑ ජන හඬ සමරන නිසාය. මෙම වේදිකාව තුළ ඇගයීමට ලක්වන සන්නාම සහ පුද්ගලයින් තමන්ගේ ස්ථානය දිනාගෙන ඇත්තේ මහජනතාව තුළ පවතින විශ්වාසය, සමීපත්වය සහ ඔවුන් සමඟ ඇතිකරගෙන ඇති ශක්තිමත් බැඳීම හරහාය.”

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය. “වසර ගණනාවක් පුරා, SLIM-KANTAR People’s Awards යනු මෙරට වඩාත්ම අපේක්ෂිත ඇගයීම් අතරින් එකක් බවට පත්ව තිබේ. එය පාරිභෝගික හැඟීම් පිළිබඳ අර්ථවත් මිනුම් දණ්ඩක් ලබා දෙන අතරම, ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාව අඛණ්ඩව දිරිමත් කරන සහ ඔවුන් සමඟ සමීප සබඳතා පවත්වන සන්නාම සහ පුද්ගලයින් මෙහිදී සැමරේ.”

කැන්ටාර් ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී වන හිමලී මධුරසිංහ මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය,

“SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල මෙවරත් තහවුරු කරන්නේ වෙළද  සන්නායමයක සැබෑ සාර්ථකත්වය යනු වෙළඳපොළහි හිමිකාරිත්වය හෝ අලෙවිය ඉක්මවා යන්නක්  බවයි. අද රාත්‍රියේ ඇගයීමට ලක් වන සන්නාම සහ පුද්ගලයින් සුවිශේෂි වන්නේ  ඔවුන්  ජනතාව සමඟ දීර්ඝ කාලිනව  ගොඩනගාගෙන ඇති  ශක්තිමත් හා අර්ථවත් සබඳතා හේතුවෙනි. විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ සමීක්ෂණයකින් තෝරාගත් මෙම ජයග්‍රාහකයින් පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධය තුලින් උපයාගත්   විශ්වාශය ,  පක්ෂපාතිත්වය  සහ  සංවේදී සබඳතාවයන් පිළිබිඹු වන කරනවා .”

මෙම සැමරුම, ජනතාවගේ හදවත් දිනූ සන්නාම සහ පුද්ගලයින් ඇගයීමට ලක් කෙරෙන ප්‍රධාන ජාතික සම්මාන උළෙල ලෙස SLIM-KANTAR People’s Awards 2026 හි වැදගත්කම නැවතත් තහවුරු කළ අවස්ථාවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close