
SLIIT හි කාර්ය මණ්ඩල ජයග්‍රහණ වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනැමේ
SLIIT හි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අපරමිත කැපවීම සහ ඔවුන්ගේ දායකත්වය ඇතිව ලබා ගත් ජයග්‍රහණ අගය කරමින් SLIIT Staff Awards Night 2023 සැමරුම් උත්සවය පසුගියදා සාර්ථකව පැවැත්විය. වසර තුනකට පසුව, කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේදී පසුගිය දෙසැම්බර් මස 08 වන දා පවත්වනු ලැබූ මෙම සැමරුම් උත්සවය, විනෝදාස්වාදය ඇතුළු සුහදත්වයන්ගෙන් පිරුණු සදා නොමැකෙන මතක අත්දැකීම් එක්කළ වර්ණවත් රාත්‍රියක් බවට පත්විය.
කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ පැවැත්වීමට නොහැකි වූ මෙම සැමරුම් උත්සවය සඳහා 400කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, එහිදී අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සුවිශේෂී හැකියාවන්, සේවා කාර්ය සාධනය සහ කැපවීම වෙනුවෙන් ඔවුන් අගය කරමින් සම්මාන තිළිණ කිරීමට පියවර ගැනිණි. SLIIT කාර්ය මණ්ඩල ප්‍රජාවගේ දරා ගැනීමේ හැකියාව සහ කැපවීම මෙම සැමරුම් රාත්‍රියේදී ඉතා මැනවින් විදහා දැක්වුණු අතර, අභියෝගාත්මක වසංගත කාලය තුළ දී ඔවුන් ලබා දුන් සුවිශේෂී දායකත්වය පිළිබඳව මෙහිදී විශේෂ ප්‍රශංසාවට භාජනය විය.
ඇගයීම් සම්මාන ප්‍රධානය කිරීමේදී අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ සම්මාන බෙදී ගිය අතර, එක් එක් කාණ්ඩය වෙත ඇතුළත් සුවිශේෂී දායකත්වයන් ලබා දුන් පුද්ගලයින්ගේ හැකියාවන් හා දක්ෂතාවයන් පිළිබඳ තොරතුරු ඇතුළත් පැතිකඩයන් ඉස්මතු කිරීමට මෙහිදී පියවර ගැනිණි. ඒ ඒ කාණ්ඩ යටතේ වසරේ පර්යේෂකයා (Researcher of the Year), විශිෂ්ටතම ගුරුවරයා (Outstanding Teacher) ඇතුළුව තවත් සුවිශේෂී සමස්ත ජයග්‍රහණ රැසක් සඳහා සම්මාන ප්‍රධානය කළේය.
එම ජයග්‍රහණ අනුව A කාණ්ඩය යටතේ වන වසරේ පර්යේෂකයාට (Researcher of the Year) හිමි සම්මානය, SLIIT ව්‍යාපාරික පීඨයේ කථිකාචාර්ය නිල්මිණි රත්නායකට සහ විශිෂ්ටතම ගුරුවරයාට (Outstanding Teacher) හිමි සම්මානය, මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ සහකාර කථිකාචාර්ය ශනිත මිරිහාන හට හිමි විය.
B කාණ්ඩය යටතේ වසරේ පර්යේෂකයාට හිමි සම්මානය සහ විශිෂ්ටතම ගුරුවරයාට හිමි සම්මාන ද්විත්වය මානව ශාස්ත්‍ර පීඨයේ සහකාර මහාචාර්ය ආචාර්ය චරිත ජයරුක් විසින් දිනා ගන්නා ලදී. විද්‍යාව විෂය ක්ෂේත්‍රයට අයත් සමස්ත ජයග්‍රහණ විශිෂ්ටතා සම්මානය (Sciences and Outstanding Overall Achievement) පරිගණක පීඨයේ සහකාර මහාචාර්ය ආචාර්ය අනුරාධ ජයකොඩි වෙත පිරිනමනු ලැබිණි.
C කාණ්ඩය සඳහා වූ වසරේ පර්යේෂකයාට (Researcher of the Year) හිමි සම්මානය, SLIIT ව්‍යාපාරික පීඨයේ මහාචාර්ය රුවන් ජයතිලක වෙත ප්‍රධානය කරනු ලැබීය. විශිෂ්ටතම ගුරුවරයාට (Outstanding Teacher) හිමි සම්මානය, මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රියානි පීරිස් වෙත හිමි වූ අතර සමස්ත ජයග්‍රහණ වෙනුවෙන් වූ සම්මානය (Outstanding Overall Achievement Award) SLIIT ව්‍යාපාරික පීඨයේ මහාචාර්ය රුවන් ජයතිලක වෙත ප්‍රධානය කෙරිණි.
අනධ්‍යයන කාර්ය මණ්ඩල සම්මාන ප්‍රධානයේදී, A කාණ්ඩය යටතේ වන විශිෂ්ට දක්ෂතා සම්මානය (Outstanding Performer Award) පහසුකම් කළමනාකරණ අංශයේ එම්.ඒ. රත්නසිරි විසින් හිමි කරගනු ලැබීය. B කාණ්ඩය සඳහා වන විශිෂ්ටතම දක්‍ෂතා සම්මානය පරිපාලන අංශයේ ලහිරු මධුශංකට සහ C කාණ්ඩයේ විශිෂ්ට දක්ෂතා සම්මානය පුස්තකාල සේවා අංශයේ ජ්‍යෙෂ්ඨ පුස්තකාලාධිපතිනී පුෂ්පමාලා පෙරේරා වෙත හිමි විය.
මෙම උත්සව සැමරුම් රාත්‍රිය නර්තනය, සජීවී ගීත ගායනය ඇතුළත් ප්‍රාසංගික සංගීත අත්දැකීමකින් ද වර්ණවත් වූ අතර වටිනා ත්‍යාග රැසක් සමගින් සිත් ඇදගන්නාසුළු දිනුම් වාර ඇදීමක්ද මීට සමගාමීව පැවැත්විණි.
SLIIT Staff Awards Night 2023, විශිෂ්ටත්වය වැඩිදියුණු කරමින් එකිනෙකාගේ දක්ෂතාවයන් හා හැකියාවන් හරහා ජයග්‍රහණ අත්කර ගන්නා වර්ධනීය පසුබිමක් අඛණ්ඩව පවත්වාගෙන යාමට කැපවෙන සුවිශේෂී කාර්ය මණ්ඩලයක් බවට මෙම සම්මාන රාත්‍රිය තුළින් පිළිඹිබු විය.
2 Comments
Thanks for giving your ideas. I’d also like to express that video games have been ever before evolving. Modern tools and improvements have made it easier to create practical and enjoyable games. These kinds of entertainment video games were not as sensible when the real concept was first being tried. Just like other forms of technology, video games way too have had to grow by way of many ages. This itself is testimony for the fast development of video games.
affordablecanvaspaintings.com.au is Australia Popular Online 100 percent Handmade Art Store. We deliver Budget Handmade Canvas Paintings, Abstract Art, Oil Paintings, Artwork Sale, Acrylic Wall Art Paintings, Custom Art, Oil Portraits, Pet Paintings, Building Paintings etc. 1000+ Designs To Choose From, Highly Experienced Artists team, Up-to 50 percent OFF SALE and FREE Delivery Australia, Sydney, Melbourne, Brisbane, Adelaide, Hobart and all regional areas. We ship worldwide international locations. Order Online Your Handmade Art Today.