September 8, 2024
සියපත ෆිනෑන්ස් පීඑල්සී පොසොන් දන්සැල අඛණ්ඩව 08 වැනි වරටත්
පුවත්

සියපත ෆිනෑන්ස් පීඑල්සී පොසොන් දන්සැල අඛණ්ඩව 08 වැනි වරටත්

Jul 9, 2024

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් බෞද්ධ ජනතාව ගෞරව නමස්කාරපූර්වකව සමරනු ලබන පොසොන් පොහොය නිමිතිකොටගනිමින් “සියපත පොසොන් දන්සැල” මෙවරද අඛණ්ඩව අටවන වසරටත් පොසොන් පොහොය දිනට පෙර දින පැවැත්වීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී කටයුතු කරන ලදී. එම “සියපත පොසොන් දන්සැල” වෙතින් එම දිනය පුරා 3000 කට අධික සැදැවතුන් වෙත සීනි සම්බෝල සමග පාන් බෙදාදෙන ලදී. සියපත ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයේ කාර්යමණ්ඩලයේ එකමුතුවෙන් හා දායකත්වයෙන් සංවිධානය කරන ලද “සියපත පොසොන් දන්සැල” ජේෂ්ට කළමනාකාරීත්වයේ සාමාජිකයන් ප්‍රමුඛ කාර්යමණ්ඩල සාමාජිකයන් රැසකගේ ශ්‍රමදායකත්වයෙන් පැවැත්විණ.

“මෙවර 8 වැනි වසරටත් පැවැත්වුන අපේ වාර්ෂික පොසොන් දන්සැල හුදෙක් ආයතනික සමාජ වගකීමක් ඉටුකිරීමකටත් වඩා අන්‍යයන් කෙරෙහි ඇති බැඳීම සහජීවනය හා සම්ප්‍රදායන් ඉස්මතු කරමින් සියළුදෙනා එක්ව පින්බර චේතනාවෙන් යුතුව සිදුකරන ලද සත්ක්‍රියාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙම සත්කාර්ය ඉදිරි වසර වලදීත් වඩාත් පුළුල් ලෙස සංවිධානය කරන්නට අප බලාපොරොත්තුවනවා” යැයි “සියපත පොසොන් දන්සැල” පිළිබඳ අදහස් දැක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන මානව සම්පත් කළමනාකාර නිලධාරී ප්‍රසාද් උඩුගම්පොළ මහතා පැවසීය.

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 2005 වසරේ අරඹා ගතවූ වසර 19 ක කාලය ඇතුලත නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීමෙහිලා කීර්තියක් අත්කරගන්නට සමත්ව සිටියි. සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග විශ්වාසනීය හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් කෘෂි කර්මාන්තය, කාර්මික හා නිෂ්පාදන කෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත අවශ්‍ය මූල්‍ය සේවා සැපයීමෙන්, දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමට කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *