December 22, 2024
සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් රුපියල් බිලියන 4ක ණයකර නිකුතුවක්
පුවත්

සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් රුපියල් බිලියන 4ක ණයකර නිකුතුවක්

May 22, 2024

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ දැවැන්තයෙකු මෙන්ම සම්පත් බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් රුපියල් බිලියන 4 ක් දක්වා ණයකර නිකුතුවෙහි තීරණය නිවේදනය කරන ලදී.

සියපත ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ ලැයිස්තුගත (listed), ශ්‍රේණිගත (rated), ජේෂ්ඨ (senior), සුරැකුම් රහිත (unsecured), නිදහස් කළ හැකි (redeemable),  වශයෙන් වර්ගීකරණය කොට පස් අවුරුදු කාලයකින් කල් පිරෙන ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කෙරේ. මෙම ණයකර නිකුතුවේ මූලික නිකුතුව රුපියල් බිලියන 2 ක් වන අතර ඊට අමතරව තවත් රුපියල් බිලියන 2 කින් වැඩිකිරීමේ අවස්ථාව තුළ රුපියල් බිලියන 4 ක් දක්වා නිකුත් කිරීමේ හැකියාව ඇත. වසර 5 ක කල්පිරීමක් සහිතව, 13.20% වාර්ෂික ස්ථාවර පොලී අනුපාතිකයකින්, වාර්ෂික පොලී ගෙවීමක් මෙම නිකුතුව විසින් ආයෝජකයන්ට ලබාදේ.

නව්‍යකරණයෙන් හා නිර්මාණශීලීත්වයෙන් සපිරි මූල්‍ය සේවාවක් සපයන සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 ණයකර නිකුතුව සමග අනාගතවාදී දැක්මක් සමග මූල්‍ය ක්ෂේත්‍රයේ තිරසර වර්ධනයක් අපේක්ෂා කරයි. සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා 2024 ණයකර නිකුතුව පිළිබඳ අදහස් දක්වමින් “ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ මෙහෙවරේ තවත් ඉදිරි පියවරක් අප ඉදිරියට පැමිණ තිබෙනවා. මෙම ණයකර නිකුතුව සමග අපේ මූල්‍ය මෙහෙවර තවදුරටත් ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යා හැකි බව අපගේ විශ්වාසයයි.” යැයි පැවසීය.

2005 වසරේ ව්‍යාපාරික මෙහෙයුම් අරඹා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස කටයුතු කරන සියපත ෆිනෑන්ස් පීඑල්සී දශකයකට අධික කාලයක් කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ලැයිස්තුගත සමාගමක් ලෙස ස්ථාවරව සිටියි. ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව BBB+ (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කරයි. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් සම්පාදනය කරයි. සියපත ෆිනෑන්ස් පීඑල්සී 900 කට අධික පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග දීප ව්‍යාප්ත ශාඛා 48 ක ශක්තිමත් ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *