October 17, 2024
අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
පුවත්

අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL

Sep 11, 2024

මූල්‍ය ස්වාධීනත්වය සහ අනාගතය සඳහා කුඩා කල සිට ඉතිරිකිරීමේ පළපුරුද්ද දරුවන්ට දායාද කරමින් පමණක් නොව ඔවුන්ට එය හුරුකරවමින් NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXEL හඳුන්වා දේ.

වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම් ගිණුම, ශක්තිමත් මූල්‍ය පදනමක් සමඟින් මූල්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන නවතම බැංකුකරණ විසඳුම් හා ප‍්‍රතිලාභයන් සපයයි. 

ඩිජිටල් බැංකු ගිණුමකට පමණක් සීමා නොවූ NDB PIXEL, යොවුන් ප‍්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරමින් විනයකින් යුතු මූල්‍ය පාලනයක් සහ ඉතිරි කිරීමේ පුරුද්දක් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම උදෙසා වූ හඳුන්වාදීමකි.

එමෙන්ම, මූල්‍ය කටයුතු වගකීමෙන් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුමෙන් සහ විධික‍්‍රම වලින් අපගේ යෞවනයන් සන්නද්ධ කරමින් වඩාත් සුරක්ෂිත සහ සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කිරීම ද මෙමගින් සිදු කෙරේ.

නව යොවුන් වියේ දරුවන් සතු අවශ්‍යතාවයන් මනාව හදුනා ගනිමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා වූ NDB PIXEL, රුපියල් 5,000/- ක මූලික තැන්පතුවකින් ආරම්භ කළ හැකි අතර, ඉහළ පොළී අනුපාතයක් සමඟින් සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි.  

මෙහි සුවිශේෂී ප‍්‍රතිලාභයන් ලෙස NDB PIXEL ඩිජිටල් ගිණුම හරහා උපකාරක පන්ති ගාස්තු, ඔන්ලයින් ගනුදෙනු  මෙන්ම පාසැල් හා සම්බන්ධ ගෙවීම් වැනි එදිනෙදා මූල්‍ය කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා හඳුන්වාදුන් ඩෙබිට් කාඞ් පතක් සමඟින් ජංගම/ඔන්ලයින් බැංකුකරණ පහසුකම් සඳහන් කළ හැක.

NDB PIXEL ගිණුම හඳුන්වා දීම හරහා NDB බැංකුව බලාපොරොත්තු වනුයේ මුදල් කළමනාකරණය පිළිබඳ අවබෝධයෙන් තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය නිදහස සහ විශ්වාසය ලබා දෙමින් ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට සුරක්ෂිත ආරම්භයක් ලබා දීමයි.

තම ඉතුරුම් සහ වියදම් කළමනාකරණය තමන් විසින්ම සැලසුම් කරමින් සිදු කරන විට මුදලෙහි ඇති වටිනාකම මෙන්ම අනාගතය වෙනුවෙන් මූල්‍ය කළමනාකරණයෙහි වැදගත්කම ඔවුන්ට අවබෝධ කරවීම ද මෙයින් සිදුවේ. 

මුල් අවධියේදීම මෙවන් වූ ගිණුම් පරිහරණයෙන් සිදුවිය හැකි අනවශ්‍ය මුදල් පරිහරණය හා රිසි සේ වියදම් සිදු කිරීම වැනි අවස්ථාවන් මඟ හැරීම උදෙසාද NDB බැංකුව ක‍්‍රියාමාර්ගයන් මේ සඳහා හඳුන්වා දී ඇත. NDB PIXEL ගිණුම විවෘත කළ හැක්කේ දෙමාපියන්ගේ/භාරකරුගේ කැමැත්ත ඇතිව පමණි. තවද, සෑම ගනුදෙනුවක් සඳහාම දෙමාපියන්/භාරකරුවන් විසින් නම් කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩ දැනුම්දීම් හරහා තම දරුවා විසින් සිදුකරනු ලබන ගනුදෙනු නිරීක්ෂණය කිරීමට හැකි වීම නිසා අමතර ආරක්ෂාවක් සහ මානසික නිදහසක් ලබා දෙයි. දෙමාපියන්ට/භාරකරුවන්ට ඔවුන්ගේ පහසුව අනුව මාපිය/භාරකරුවන්ගේ NEOS  ජංගම යෙදුමේ NDB PIXEL ගිණුම පිරික්සීමේ හැකියාවද ඇත.

මූල්‍ය කළමනාකරණය උගන්වමින් අනාගතය වඩාත් සුරක්ෂිත කරගැනීම සඳහා, සුදුසුකම් ලත් සියළුම යෞවන යෞවනියන් වෙත NDB PIXEL හා එක්වන ලෙස NDB බැංකුව විසින් ආරාධනා කර සිටී.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *