September 8, 2024
සෙලාන් ටිකිරි වෙතින් දරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට Pearl Bay Theme Parkහි විනෝදාත්මක අත්දැකීම් විඳීමට අවස්ථාව
පුවත්

සෙලාන් ටිකිරි වෙතින් දරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට Pearl Bay Theme Parkහි විනෝදාත්මක අත්දැකීම් විඳීමට අවස්ථාව

Oct 28, 2023

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් තවත් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මේ යටතේ ඔවුන්ට බණ්ඩාරගම Pearl Bay Theme Park සඳහා නොමිලේ ප්‍රවේශපත්‍ර හිමි වනු ඇත.

Pearl Bay Theme Park මෙරට ප්‍රථම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විනෝදාස්වාද උද්‍යානය ලෙස සැලකේ. කලාප 4 කින් සමන්විත මෙම උද්‍යානය සියලුම වයස්වල පුද්ගලයන්ට කිසිදා අමතක නොවන අත්දැකීමක් තිළිණ කරයි. යුරෝපීය ප්‍රමිතියෙන් යුත් ජල උද්‍යානයක් වන Splash Bay, FIA-CIK සහතික ලත් කිලෝමීටර් 1.2 ක දුරකින් යුත් karting track එකක් වන Speed Bay, 5-lane වායු රයිෆලවලින් වෙඩි තැබීමට අවස්ථාව ලැබෙන Target Bay සහ ප්‍රණීත ආහාරපාන සහිත ආපනශාලාවක් වන Yum Bay මෙම කලාප 4 යි.

සෙලාන් ටිකිරි ගිණුමක රු. 100,000 ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන යටතේ රු. 27,700/- ක් වටිනා තෑගි වවුචර් හිමි වන අතර, ඊට අමතරව Pearl Bay Theme Park වෙත ඇතුළු වීම සඳහා රු. 19,600/- ක වටිනාකමකින් යුත් ටිකට්පත්ද නොමිලේ හිමි වේ. ඒ අනුව මෙම දීමනාවේ මුළු වටිනාකම රු. 43,300/- කි.

මෙම දීමනාව 2023 ඔක්තෝබර් 31 දින දක්වා වලංගු වන අතර පවුලේ සියල්ලන්ට Pearl Bay Theme Park හි සදා මතකයේ රැඳෙන අත්දැකීම් රැසක් අත්විඳීමට මේ අනුව අවස්ථාව ලැබෙනු ඇත.

දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරමින් ඔවුන්ගේ අනාගත මූල්‍ය ගමන්මග ශක්තිමත් කිරීම සඳහා සෙලාන් ටිකිරි සෑම විටම කැප වී සිටී. මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් හරහා මූල්‍ය ප්‍රතිලාභ පිරිනමන අතරම සදාකල් මතකයේ රැඳෙන අත්දැකීම් පෙළක් තිළිණ කිරීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ.

සිය වටිනාකම් වෙනුවෙන් කැපවුණු සන්නාමයක් වශයෙන්, වසර පුරාම දරුවන්ගේ යහපත වෙනුවෙන් අර්ථවත් වැඩසටහන් සංවිධානය කිරීමට සෙලාන් ටිකිරි උත්සාහ කරයි. දරුවන් තුළ යහපත් පුරුදු ඇතිකිරීම මෙන්ම, ළමා කාලය තුළ ඔවුන්ට බෙහෙවින් වැදගත් වන අත්දැකීම් විඳගැනීමට අවස්ථාව සලසා දීම සහ ඔවුන් තුළ ඉතිරි කිරීමට ඇල්මක් ඇතිකරවීම මෙම වැඩසටහන්වල ප්‍රධාන ඉලක්ක වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *