February 5, 2025
සෙලාන් කැදැල්ල 2024 ඉදිකිරීම් ප්‍රදර්ශනය අති-සාර්ථක ලෙස නිමාවෙයි
පුවත්

සෙලාන් කැදැල්ල 2024 ඉදිකිරීම් ප්‍රදර්ශනය අති-සාර්ථක ලෙස නිමාවෙයි

May 23, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ අනුග්‍රහය සමගින් පැවැත්වුණු සෙලාන් කැදැල්ල 2024 ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ නිවාස අලංකරණ ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීමට 12,000 කට අධික පිරිසක් පැමිණි අතර, සෙලාන් බැංකුව මෙහි ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කළ 12 වැනි අවස්ථාව මෙය විය.   

සෙලාන් බැංකුව මේ වනවිට නිවාස ණය, පෞද්ගලික ණය, කල්බදු (ලීසිං) සේවා, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් ඇතුළු සේවාවන් රාශියක් හඳුන්වා දී තිබේ. සෙලාන් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනයේදී එම සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමටත්, එම සේවාවන් ලබාගැනීමටත් නරඹන්නන්ට අවස්ථාව උදා විය.

නිවාස හිමියන්ට අත්වැලක් වීම සඳහා මෙවරත් සුපුරුදු පරිදිම සෙලාන් බැංකුවේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රදර්ශන භූමියෙහි රැඳී සිටි අතර, ඔවුන් විසින් තරගකාරී පොලී අනුපාත යටතේ තමන්ට ගැළපෙන නිවාස ණයක් ඉක්මනින් හා පහසුවෙන් ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් නරඹන්නන් දැනුවත් කරන ලදී.

එමෙන්ම 2023 නොවැම්බර් මාසයේදී හඳුන්වා දුන් සෙලාන් සූර්ය බලශක්ති ණය පහසුකම් (Solar Loan) පිළිබඳව තොරතුරු ලබාගැනීමටද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිසට අවස්ථාව උදා විය. මේ වනවිට සූර්ය බලශක්ති පද්ධති අලෙවි කරන සමාගම් 35 ක් පමණ සෙලාන් බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ප්‍රදර්ශනයේදී Sinhagiri Solar, Elcardo Solar සහ CameraLK Solar යන සමාගම්ද සෙලාන් බැංකුව සමග එක්විය. මෙහිදී පාරිභෝගිකයන්ට තිරසාරත්වය ඔස්සේ දීර්ඝකාලීන ඉතුරුම් හිමිකර ගැනීමට හැකිවීම සඳහා, විශේෂ සහනදායී පොලී අනුපාත යටතේ සූර්ය බලශක්ති ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලදී.

“කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය සමග මෙබඳු දීර්ඝකාලීන හවුල්කාරීත්වයක් පවත්වාගෙන යාමට හැකි වීම අපට මහත් සතුටක්. පුද්ගලයන් මෙන්ම ව්‍යාපාර සවිබල ගන්වන, නිවාස හිමිකාරීත්වයේ සිට තිරසාර විකල්ප බලශක්ති විසඳුම් වෙත යොමුවීම දක්වා බොහෝ සිහින සැබෑ කර දෙන, විශේෂයෙන් සැලසුම් කළ මූල්‍ය විසඳුම් ලබා දීමට කැප වී සිටින නිසා අප මේ ආකාරයට දිගින් දිගටම මෙම ප්‍රදර්ශනයට දායක වෙනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසී ය.

Asia Exhibition and Conventions විසින් සංවිධානය කරන ලද 2024 කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය, ඉදිකිරීම් හා නිවාස අලංකරණ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ වෙළඳ කුටි 200 කින් පමණ සමන්විත විය. එහිදී නරඹන්නන්ට ඉතාමත් පහසුවෙන් තම නිවාස ඉදිකිරීම් හා අලංකරණ අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close