
සෙලාන් බැංකුව NSA 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත්වෙයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති National Sales Congress Awards (NSA) 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විකුණුම් අංශය තුළ පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම ජයග්‍රහණ හිමිකර ගැනීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි.
මෙම සම්මාන උළෙලේදී සෙලාන් බැංකුවේ සාමාජික සාමාජිකාවෝ 7 දෙනෙක් සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ. මෙය ඔවුන් පෞද්ගලික මට්ටමින් පෙන්නුම් කළ දක්ෂතාවන්ට මෙන්ම කණ්ඩායමක් ලෙස සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය සතු සාමූහික ශක්තියට මනා සාක්ෂියකි.
මෙහිදී ධනුෂ්ක ගුණසේන ඉදිරිපෙළ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් දිනාගත් අතර, ලෝචන ඒකනායක විකුණුම් අධීක්ෂක කාණ්ඩයේ රිදී සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය. විකුණුම් විධායක කාණ්ඩයේ ලෝකඩ සම්මානය මොහොමඩ් මෆාස් වෙත හිමි වූ අතර, ශිරාන් පෙරේරා සහ ජූඩ් රොද්‍රිගෝ බලප්‍රදේශ කළමනාකරු සහ වෙනත් විකුණුම් සහය – කළමනාකාර කාණ්ඩ යටතේ රිදී සම්මාන දිනාගැනීමට සමත් වූහ. කමලීන් මිල්ස් වෙත වෙනත් විකුණුම් සහය – විධායක නොවන කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි වූ අතර, ජාතික විකුණුම් කළමනාකරු කාණ්ඩයේ ලෝකඩ සම්මානය චින්තක ප්‍රනාන්දු විසින් දිනාගන්නා ලදී.
සෙලාන් බැංකුව මේ ආකාරයට 2023 NSA සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත්වීම මගින් පෙනී යන්නේ, විකුණුම් අංශය තුළ අඛණ්ඩව සාර්ථක වීම සඳහා අවශ්‍ය උනන්දුව, කැපවීම හා ආකල්ප වර්ධනය කරගැනීමට එම බැංකුව සමත් වී ඇති බවයි.
“NSA 2023 සම්මාන උළෙලේදී අප ලැබූ මෙම සාර්ථකත්වය, විකුණුම් ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය හා නවෝත්පාදනය උදෙසා අප තුළ ඇති කැපවීමට සාක්ෂි දරනවා. අපගේ කණ්ඩායම අත්කරගත් මේ සාර්ථකත්වය අපට මහත් ගෞරවයක්. සෙලාන් බැංකුව මෙම ක්ෂේත්‍රයේ ආදර්ශමත් බැංකුවක් බවට පත්වීමට තුඩු දුන් උනන්දුව හා කැපවීම මෙමගින් හොඳින් පිළිබිඹු වනවා.” සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා පැවසී ය.
අධ්‍යාපනය, සංවර්ධනය සහ පෞද්ගලික වර්ධනය ඔස්සේ සිය සාමාජික සාමාජිකාවන්ට ක්ෂේත්‍රයේ සම්මත සීමාවන් ඉක්මවා යමින් විශිෂ්ටත්වය ළඟාකරගැනීමට අවශ්‍ය පිටුබලය ලබාදීම හේතුවෙන්, අවස්ථා රාශියකදී SLIM NSA සම්මානවලින් පිදුම් ලැබීමට සෙලාන් බැංකුව සමත් වී ඇත. මෙබඳු ජයග්‍රහණ ඔස්සේ ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු බවට පත්වීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබී තිබේ.
3 Comments
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.
Dry Cleaning in New York city by Sparkly Maid NYC
We pay $10 for a google review and We are looking for partnerships with other businesses for Google Review Exchange. Please contact us for more information!
Business Name: Sparkly Maid NYC Cleaning Services
Address: 447 Broadway 2nd floor #523, New York, NY 10013, United States
Phone Number: +1 646-585-3515
Website: https://maps.app.goo.gl/u9iJ9RnactaMEEie8