December 31, 2025
සෙලාන් බැංකුව HelpAge Sri Lanka සමග එක් වී වෙන්නප්පුව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වයි
පුවත්

සෙලාන් බැංකුව HelpAge Sri Lanka සමග එක් වී වෙන්නප්පුව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

Dec 25, 2025

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, HelpAge Sri Lanka සමග අත්වැල් බැඳගනිමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය කඳවුරක් වෙන්නප්පුව ශාන්ත රීටා දේවස්ථානයේදී පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය.

HelpAge Sri Lanka යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා කැප වී කටයුතු කරන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධානයකි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ අයිතීන් තහවුරු කිරීම සහ සමාජය තුළ ඔවුන්ට නිසි තැන ලබාදීම එම සංවිධානයේ අරමුණු අතරින් ප්‍රධාන තැනක් ගනී. සෙලාන් බැංකුවේ සමාජ මෙහෙවර තුළද මෙම අරමුණු කෙරෙහි විශාල අවධානයක් යොමු වේ. සාම්ප්‍රදායික බැංකුකරණයේ සීමාවන්ගේ ඔබ්බට විහිදෙන ප්‍රතිලාභ හා පහසුකම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත හිමි වන ‘හරසර’ ගිණුම හඳුන්වා දීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇත්තේ එබැවිනි.

මේ ආකාරයට සමාන අරමුණු සහිත පාර්ශ්ව දෙකක් එක්ව ක්‍රියාවට නංවන ලද මෙම සෞඛ්‍ය කඳවුර, මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කායික හා මානසික යහපැවැත්ම මෙන්ම මූල්‍ය යහපැවැත්ම ඉලක්ක කරගත් සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ.

දෘශ්‍යාබාධිතභාවය යනු වැඩිහිටියන් සුලභව මුහුණ දෙන ගැටලුවකි. එම ගැටලුවට පිළියමක් වශයෙන් මෙම සෞඛ්‍ය කඳවුරට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුදුසුකම් ලත් වෛද්‍යවරුන් වෙතින් අක්ෂි පරීක්ෂාවන් සිදුකර ගැනීමට සහ නොමිලේ ඇස් කන්නාඩි ලබාගැනීමටද අවස්ථාව සලසා දෙන ලදී.

“ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්වාධීනව හා සිතේ සැහැල්ලුවෙන් යුතුව තම විශ්‍රාම ජීවිතය ගතකිරීමට අවස්ථාව තිබිය යුතු බව අප දැඩි ලෙස විශ්වාස කරනවා. සෙලාන් හරසර ගිණුම තුළින්ද අප මේ උත්සාහ කරන්නේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හුදෙක් ඉතුරුම් ගිණුමක් වෙනුවට ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව සැලසුම් කළ පරිපූර්ණ මූල්‍ය විසඳුමක් පිරිනැමීමටයි. HelpAge Sri Lanka සමග එක් වී මෙම සෞඛ්‍ය කඳවුර පැවැත්වීම තුළින් අපට මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත සෞඛ්‍ය සේවාවන් පිරිනැමීමට මෙන්ම ඔවුන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමට හැකියාව ලැබුණා යැයි අප සිතනවා. එමගින් ඔවුන්ට තම ජීවිතයේ සැඳෑ සමය ජීවිතයේ ස්වර්ණමය යුගයක් බවට පත්කරගැනීමට හැකි වේවි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) ආසිරි අභයරත්න මහතා පැවසීය.

මෙම සෞඛ්‍ය කඳවුර අතරතුර සෙලාන් බැංකුවේ නියෝජිතයන් විසින් සෙලාන් හරසර ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැනුවත් කිරීමටද පියවර ගන්නා ලදී. මෙම ගිණුම සඳහා නිකුත් කරනු ලබන හරසර ඩෙබිට් කාඩ්පත මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආසිරි රෝහල්, Vision Care සහ විජිත යාපා පොත්හල වෙතින් විශේෂ වට්ටම් හිමි වන අතර, උත්සව සමයන් වෙනුවෙන් හඳුන්වා දෙනු ලබන විශේෂ දීමනාද හිමි වේ.

සෙලාන් බැංකුව සමඟ දීර්ඝකාලීනව ගනුදෙනු කරන හරසර ගිණුම් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ වාර්ෂික වෛද්‍ය ප්‍රතිලභයන්ද හිමිවේ. ඊට අමතරව ඔවුන්ට මෙම ගිණුම හරහා විශ්‍රාමික ණය පහසුකම් ලබාගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.

සෙලාන් බැංකුවේ Mega Rewards ප්‍රතිලාභ ක්‍රමය හරහා පිරිනමනු ලබන ප්‍රතිලාභවලටද සෙලාන් හරසර ගිණුම් හිමියෝ සුදුසුකම් ලබති. ඒ අනුව ගිණුම් හිමියාගේ 60 වන උපන් දිනය, විශ්‍රාම ගැනීම සහ විවාහ සංවත්සරයන් වැනි විශේෂ සන්ධිස්ථානවලදී ඔවුන්ට විශේෂ මුදල් ප්‍රතිලාභ හිමි වන අතර, සැත්කම් සඳහා වැය වන මුදල් ප්‍රතිපූරණය කිරීමද සිදුකෙරේ.

සෙලාන් බැංකුව කවදත් මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් මෙබඳු වැඩසටහන් ක්‍රියාවට නංවයි. HelpAge Sri Lanka සමග අත්වැල් බැඳගෙන සංවිධානය කළ මෙම සෞඛ්‍ය කඳවුර එම මෙහෙවරෙහි තවත් අදියරකි. මේ ආකාරයට සෞඛ්‍ය පහසුකම්වලට සමගාමීව විධිමත් මූල්‍ය සේවාවන් හඳුන්වා දීම තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වඩාත් ස්වාධීනව මෙන්ම ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව තම විශ්‍රාම ජීවිතය ගතකිරීමට හැකි වනු ඇතැයි සෙලාන් බැංකුව විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close