සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් 15 වසරකට වැඩි කාලයක් පුරා ‘දේශය පෝෂණය කිරීමේ මෙහෙවර’ උත්සවාකාරයෙන් සමරයි
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම (SFML), 15 වසරකට වැඩි කාලයක් පුරා ‘දේශය පෝෂණය කිරීමේ’ මෙහෙවර සමරමින් 2024 දෙසැම්බර් 5 වන දා කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේ සුවිශේෂී සැමරුම් උත්සවයක් සංවිධාන කරනු ලැබීය. ශ්‍රී ලාංකේය ආහාර නිෂ්පාදනයේ පුළුල් වෙනසක් ඇති කරමින් 2008 වසරේ ඇරඹි SFML ව්‍යාපාරික ගමන්මගේ සන්ධිස්ථානයක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දිය හැකි විය.
මෙම අවස්ථාවට ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, Al Ghurair Foods හි ප්‍රධාන විධායක නිලධාරි Turgut Yeğenağa, ක්ෂේත්රයේ සම්භාවනීය ආරාධිතයන් සහ සෙරන්ඩිබ් බෙදාහැරීමේ ජාලයේ සාමාජිකයන්, මූල්‍ය සම්පාදකයන්, ප්‍රධාන පෙළේ පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය හා සහෘද පිරිසක් සහභාගී විය.
SFML ප්‍රධාන විධායක නිලධාරි විජේ ශර්මා, සභාව අමතමින් සමාගම විසින් ශ්‍රී ලාංකේය බේකරි හා ආහාර ක්ෂේත්රය තුළ ගුණාත්මකභාවය හා නවෝත්පාදනය උදෙසා සිදු කළ විශිෂ්ට කැපවීම සිහිපත් කළේය.
“වසර 15ක් පුරා SFML අපි ශ්‍රී ලාංකේය ආහාර ක්ෂේත්රයේ ගුණාත්මක බව සහ නවෝත්පාදනය සමඟ ඉදිරියට යමින් ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු ලෙස අඛණ්ඩව රැඳී ඉන්නට සමත් වුනා. මේ ගමන්මග පුරාම නිෂ්පාදනවල ගුණාත්මක බව සහ ආහාර සුරක්ෂිතතාව අඛණ්ඩව තහවුරු කරමින් කටයුතු කළ අපි, පෝෂණීය නිෂ්පාදන පෙළක් සමඟ, දිවයින පුරා විවිධ ප්රජාවන්ගේ පෝෂණය උදෙසා දායකත්වය ලබා දෙන්නට සමත් වුනා. අපගේ හවුල්කාර පාර්ශව සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසයත් සහයෝගයත් අඛණ්ඩව අපට ලැබීම පිළිබඳ අප ඉතාමත් සතුටට පත් වනවා.” යනුවෙන් විජේ ශර්මා සඳහන් කළේය.
මෙම උත්සව සන්ධ්‍යාවට ඇතුළත් වූ තවත් සුවිශේෂී අංගයක් වූයේ, SFML විසින් වෙළඳපොළට හඳුන්වා දීමට යෝජිත නව සිල්ලර ඇසුරුම් පෙළ එළිදක්වනු ලැබීමයි. මුල් වරට හඳුන්වා දුන් 2012 වසරේ සිට ගෘහස්ථ හා කුඩා බේකරිකරුවන් අතර ජනප්‍රිය පළමු පෙළේ තේරීමක් වූ 7 Star සිල්ලර නිෂ්පාදන පෙළ මෙලෙස නව පෙනුමකින් හඳුන්වා දීම නව පරිච්ඡේදයක් ලෙසින් ද හැඳින්විය හැකිය. නව ඇසුරුම් පෙළ වත්මන් වෙළඳපොළ ප්රවණතා මෙන්ම ගුණාත්මක බව කෙරෙහි සන්නාමයේ ඇති කැපවීම ද විදහා පාන්නකි.
සැමරුම් උත්සවය විචිත්‍රවත් කරමින්, උපහාර ගීතයක් ද ඉදිරිපත් කෙරුණු අතර, මෙය SFML සාර්ථකත්වය වෙනුවෙන් අත්වැල් බැඳගත් සුවහසක් බේකරිකරුවන්, සූපවේදීන් හා ආහාර නිෂ්පාදකයන් වෙනුවෙන් පුද කරනු ලැබීය. එමෙන්ම මෙම ගීතය තුළ, ශ්‍රී ලාංකික ආහාර නිෂ්පාදන ක්ෂේත්රය තුළ SFML මෙතෙක් ආ ගමන්මග සහ එහි කාර්යභාරයත් සනිටුහන් වූ අතර, රට පුරා දෛනිකව ආහාර නිෂ්පාදන පරිභෝජනය කරන පාරිභෝගිකයන් වෙත ද මෙම උපහාරය පුද කෙරුණි.
සමස්තයක් ලෙස මෙම සැමරුම් උත්සවය, ශ්‍රී ලාංකික ආර්ථිකයට හා ආහාර නිපැයුම් කලාවේ සංවර්ධනයට SFML ලබා දුන් දායකත්වය කැටි කොට දක්වන්නක් වූ අතර උත්සවය අවසානයේ, සමාගමේ සාර්ථකත්වයට දායකත්වය දුන් ප්‍රධාන හවුල්කාර පාර්ශව සඳහා රාත්‍රී භෝජනයක් ද සූදානම් කොට තිබිණ.