Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි
Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම කොළඹ BMICH පරිශ්‍රයේ පැවැති 15 වන Medicare International Healthcare Exhibition 2026 ප්‍රදර්ශනයට සහභාගී වෙමින් තම ඖෂධ නිෂ්පාදන පරාසය නරඹන්නන් වෙත හඳුන්වා දුන්නේය. ප්‍රදර්ශනය අතරතුර Sands Active නියෝජිතයන් විසින් ජනතාවට තම ඖෂධවල ප්‍රයෝජන සහ නිසි භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද සංවිධානය කරන ලදී. සමාගමේ ප්‍රදර්ශන කුටියට විශාල ජනතා අවධානයක් ලැබුණු අතර විශේෂයෙන් Meldol නමැති පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා වැඩි ඉල්ලුමක් තිබිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය ප්‍රදර්ශනයක් ලෙස සැළැකෙන Medicare 2026 සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් එකට එක් කරමින් සෞඛ්‍ය සේවා, වෛද්‍ය තාක්ෂණය, සුවතාව සහ වෛද්‍ය සංචාරක කර්මාන්තය පිළිබඳ නවතම ප්රවණතා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේය. මෙවර ප්‍රදර්ශනයට දේශීය හා ජාත්‍යන්තර ආයතන 150කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී තිබිණි. 2018දී Melwa සමූහය යටතේ ආරම්භ කරන ලද Sands Active සමාගම උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය හා බෙදා හැරීම සිදු කරයි. සමාගමේ නිෂ්පාදනවලට ටැබ්ලට්, කැප්සියුල් සහ ඉන්ජෙක්ශන් වර්ග ඇතුළත් වන අතර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව නිෂ්පාදනය කරයි. සමාගම ජනතාවට ප්‍රවේශ වීමට පහසු සහ වියදම් අඩු සෞඛ්‍ය නිෂ්පාදන සැපැයීමේ අරමුණෙන් කටයුතු කරමින් උසස් තත්ත්ව පාලනයක් පවත්වා ගෙන යයි. Sands Active සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී දේශීය හා ජාත්‍යන්තර නියාමන නීතිවලට අනුකූලව කටයුතු කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මාර්ගෝපදේශ හා EU-GMP ප්‍රමිති අනුගමනය කරයි. සමාගමේ නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් සහතික කරනු ලැබ ඇත.

