February 5, 2025
සණස රක්ෂණ අලෙවි නියෝජිත සමුළුව ප්‍රථම වරට පවත්වයි
පුවත්

සණස රක්ෂණ අලෙවි නියෝජිත සමුළුව ප්‍රථම වරට පවත්වයි

Apr 5, 2024

සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කරන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” අප්‍රේල් 05 වැනිදා සණස කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වේ. ‘ලොව දිනන හෙට දිනකට’ යන තේමාවෙන් පවත්වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය. සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මෙහි ප්‍රධාන අභිලාශය වන්නේ සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් දිරිගැන්වීම සහ ඔවුන් හා ආයතනය අතර ඇති සුහදතාව වර්ධනය කිරීමයි.

මෙම නියෝජිත සමුළුව හුදෙක් එක් උත්සව අවස්ථාවක් පමණක් නොවන අතර එය සණස රක්ෂණ සමාගමේ සමෘද්ධිය උදෙසා නියෝජිතයන්ගේ දායකත්වය ප්‍රකාශ කිරීමකි. එමෙන්ම සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන සණස රක්ෂණ ආයතන ද්විත්වයේ ගෞරවනීය හවුල්කරුවන් සමඟින් පවත්වන මෙම සමුළුව ආයතන අතර විශ්වාසනීවයත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමක්ද වනු ඇත. Great Place to Work ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කරමින් සිටින අතර මේ දිනවල තම ව්‍යාපාර කටයුතු දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් පුළුල් කිරීමේ අරමුණින් දක්ෂ වෘත්තිකයන් රටට දායාද කරමින් සිටී. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් තම ශාඛා ජාලය පුළුල් කිරීමේ කටයුතු තව දුරටත් සිදු කරන අතර මේ වන විට ශාඛා 100කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close