August 15, 2025
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට
පුවත්

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට

May 16, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි 08 වන දින රාගල නගරයේ නව පරිශ්‍රයකට ප්‍රවිෂ්ඨ විය. අංක 30, උඩුපුස්සැල්ලාව පාර, හල්ග්‍රන්ඔය, රාගල ලිපිනයේ පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි නිලන්ත පියසේන මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ රැසක් සහභාගී වූහ. රාගල ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවට වඩාත් සමීප වෙමින් කඩිනම් රක්ෂණ සේවා සැපයීම අරමුණු කර ගත් නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙම නවතම ශාඛාව වඩාත් නිවැරදි තක්සේරු, වේගවත් හිමිකම් පියවීම්, පූර්ණ රැකවණය ඇතුළු පුළුල් පරාසයක විහිදුණු රක්ෂණ සේවා රැසක් පිරිනැමීමට සූදානමින් සිටී.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිලන්ත පියසේන මහතා මෙසේ පැවසීය. “සේවා විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට මෙසේ ශාඛා ජාලය පුළුල් කිරීම ඉතා වැදගත්. ‘ක්ෂුද්‍ර රක්ෂණයේ වැඩිම සේවාදායක පදනමක්’ යන අපගේ දැක්ම වෙත යන ගමන සාර්ථක කර ගැනීම සහ රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දැවැන්ත සමාගමක් බවට පත් වීම අපගේ අරමුණයි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අඛණ්ඩව දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වෙමින් දිවයින පුරා සියලුම ජනතාවට වඩාත් ලෙන්ගතු සේවාවක් සපයමින් සිටියි. සියලු ජීවිත රක්ෂණ අවශ්‍යතා සඳහා එකම වහලක් යටතේ සේවා සැපයීමේ පරමාර්ථය ඇතිව පාරිභෝගිකයන්ට ඉතා ඉහළ විශ්වාසනීය ප්‍රතිලාභ හා සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් සිටින සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සතුව දිවයින පුරා ශාඛා 100කට ආසන්න සංඛ්‍යාවක් ඇත.

1 Comment

  • I’m really inspired together with your writing abilities and also with the format for your weblog.
    Is this a paid topic or did you customize it your self? Either way keep up the nice high quality writing, it’s rare to look a great blog like this
    one these days. Stan Store!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close