February 5, 2025
2024 සණස රක්ෂණ නියෝජිත සමුළුව අභිමානවත් ලෙස පැවැත්වේ
පුවත්

2024 සණස රක්ෂණ නියෝජිත සමුළුව අභිමානවත් ලෙස පැවැත්වේ

Apr 10, 2024

සිය අලෙවි බලකායේ අති විශිෂ්ටයන් ඇගැයීමට සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කළ “සණස රක්ෂණ නියෝජිත සමුළුව” පසුගිය 05 වැනි  දින සණස කැම්පස් පරිශ්‍රයේදී  අභිමානවත් අන්දමින් පැවැත්විණි. ‘ලොව දිනන හෙට දිනකට’ යන්න තේමා කර ගනිමින් පැවැත්වූ මෙම වැඩසටහනට දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයෝ 1500කට වැඩි පිරිසක් සහභාගී වූහ. සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙහි ප්‍රධාන අරමුණ වූයේ සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් දිරිගැන්වීම සහ ඔවුන් හා ආයතනය අතර ඇති සුහදතාව වර්ධනය කිරීමයි.

මෙම අවස්ථාව අමතමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය. “රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන අප ආයතනයට මේ තරම් සාර්ථකත්වයක් ලැබීම‌ට නියෝජිතවරුන් දැක්වූ කැපවීම ප්‍රබල හේතුවක් වුණා. මේ සමුළුවේදී පිරිනමන ඇගැයීම් ඒ සඳහා දක්වන කෘතවේදීත්වයේ කොටසක්. නියෝජිතවරුන් විවිධ අභියෝග හමුවේ ආයතනය කෙරෙහි විශ්වාසය තබමින් සිය දායකත්වය මේ දක්වා නොවෙනස්ව දැක්වූවා. ඉදිරියේදීත් මෙලෙස අති උත්කර්ෂවත් ලෙස ඔබව ඇගැයීමට අපත් සමඟ රැඳෙමින් තම දායකත්වය නොඅඩුව දක්වන ලෙස ඉල්ලා සිටිනවා.” මෙහිදී නියෝජිතවරුන් දැක්වූ කැපකිරීම හා ඔවුන්ගේ සේවය අගයා සම්මාන පිරිනැමූ අතර ඔවුන්ගේ සාර්ථකත්වය අගයමින් සියලු ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනමන ලදී. විචිත්‍රවත් අංගවලින් සපිරි මේ සමුළුව විකුණුම් බලකායේ සියලු සාමාජිකයන්ගේ උද්යෝගීමත් සතුටු හමුවක් ලෙස සනිටුහන් විය. දෙස් විදෙස් සම්මාන රාශියක් දිනමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් කරමින් සිටින අතර වර්තමානයේදී ව්‍යාපාර කටයුතු දිවයින පුරා පුළුල් කිරීමේ අරමුණෙන් රැකියා අවස්ථා ඔස්සේ දක්ෂ වෘත්තිකයන් රටට දායාද කරමින් සිටී. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශාඛා ජාලය පුළුල් කරමින් ශාඛා 100කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා පිහිටුවා මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයමින් සිටියි.

1 Comment

  • I am pleased that I discovered this web site, just the right info that I was looking for! .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close