April 8, 2026
Samsung Sri Lanka ලොව අංක 1 රූපවාහිනී සන්නාමයේ 20 වසරක විශිෂ්ටත්වය සමරයි
පුවත්

Samsung Sri Lanka ලොව අංක 1 රූපවාහිනී සන්නාමයේ 20 වසරක විශිෂ්ටත්වය සමරයි

Apr 8, 2026

ලොව අංක 1 රූපවාහිනී සන්නාමය ලෙස අඛණ්ඩව 20 වන වරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. Samsung රූපවාහිනී කර්මාන්තයේ පුරෝගාමීත්වය මෙන්ම නව්‍ය නිපැයුම් වෙනුවෙන් නිරන්තර කැපවීම හා උසස් තාක්ෂණය නැවත නැවතත් තහවුරු කළ මෙම ජයග්‍රහණය මහත් ඉහලින් සැමරීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී.

Omdia වෙළෙඳපොල පර්යේෂණ ආයතනයට අනුව 2025 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලෙන් 29.1%ක ආදායම් කොටසක් සමඟින් ලොව ප්‍රමුඛයා ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට Samsung සමත්ව සිටියි. 2006 වසරේ සිට අඛණ්ඩව දශක දෙකක් පුරා ලොව රූපවාහිනී අතර අංක 1 සන්නාමය ලෙස දිගු කාලයක් පවත්වාගෙන ආ Samsung හි ගෝලීය නායකත්වය පිළිබිඹු කරන අවස්ථාවක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

ගෝලීය වශයෙන් Samsung අත්කර ගනු ලැබූ මෙම විශිෂ්ටත්වය ශ්‍රී ලාකේය පාරිභෝගිකයින්ටද ඉතා වැදගත් වන්නේ Samsung සතු ගෝලී නවෝත්පාදන හා විශිෂ්ට කාර්යසාධනය ඒ අයුරින්ම රූපවාහිනී නිෂ්පාදනයන්හිද දැකිය හැකි බැවිනි. ඒ තුලින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකියන්ට මෙන්ම නිවාසවලට නවතම අත්දැකීමක් ලබා දීමට Samsung සමාගමට හැකි වී ඇත.  

විශේෂයෙන් මිනිසුන් රූපවාහිනිය නරඹන ආකාරය වෙනස් කළ සුවිශේෂී නවෝත්පාදනයන් රැසක් රූපවාහිනී කර්මාන්තයට හඳුන්වා දෙමින් සිය නායකත්වය තහවුරු කළ Samsung 2006 වසරේදී ප්‍රථම වරට ලොව අංක 1 රූපවාහිනී සන්නාමය ලෙස ගෞරවයට පාත්‍ර විය. ඒ සඳහා විශේෂයෙන් දායක වූයේ නවීන පෙනුමකින් යුතුව හඳුන්වා දෙනු ලැබූ Bordeaux රූපවාහිනියයි. එතැන් සිට සුපැහැදිලි රූප, ආකර්ෂණීය නිමාව හා ඉහළ සබඳතාව සමඟින් තාක්ෂණයෙන් උසස් රූපවාහිනී නිෂ්පාදන රැසක් වෙළෙඳපොලට හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරන ලදී.

එමෙන්ම 2009 වසරේදී වඩාති සිහින් නිමාවකින් යුත් විදුලි පරිභෝජනය අවහම සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප රාමු ඇතුළත් LED රූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දීමට Samsung සමත් වූයේ රූපවාහිනී  වෙළෙඳපොලෙහි සුවිසල් පරිවර්තනයක් ඇති කරමිනි. 2011 වසරේදී Smart රූපවාහිනී හඳුන්වා දෙමින් මෙතෙක් විවිධ නාලිකා නැරඹීමට පමණක් සීමා වී තිබූ රූපවාහිනිය අන්තර්ජාලය හරහා විවිධ app සහ streaming service ඍජුවම ලබා ගත හැකි විනෝදාස්වාද මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටද Samsung ප්‍රමුඛත්වය ගනු ලැබීය.

රූපවාහිනී නිවසේ ආකර්ෂණය රැක දෙන අලංකරණයේ කොටසක් බවට පත් කළ Samsung 2015 වසරේදී The Serif දියත් කරමින් රූපවාහිනිය නිවසේ සුන්දරත්වයේ කොටසක් බවට පත් කරන ලදී. මෙය තව තවත් දියුණුවට පත් වෙමින් 2017 වසරේදී The Frame රූපවාහිනී නිෂ්පාදනය හඳුන්වා දීමට Samsung කටයුතු කරනු ලැබුවේ රූපවාහිනිය ක්‍රියා විරහිත කර තිබූවද අලංකාර ඩිජිටල් සිතුවමක අලංකාරත්වය නිවසට එක් කරමිනි.

2017 වසරේදී quantum dot තාක්ෂණයෙන් යුත් QLED රූපවාහිනී නිෂ්පාදන පෙළ හඳුන්වා දෙමින් රූපයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා වන සිය කැපවීම ප්‍රදර්ශනය කළ Samsung ඒ තුලින් වඩාත් සුපැහැදිලි වෛර්ණ හා ඉහළ දීප්තියක් සහිත ජාත්‍යන්තර ප්‍රමිතියේ රූපවාහිනී නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරන ලදී.

තාක්ෂණික විප්ලවයේ තවත් ඉදිරි පියවරක් තබමින් 2018 වසරේදී 8K රූපවාහිනී හඳුන්වා දීමට Samsung පියවර ගන්නා ලදී. මෙහි ඇති මිලියන 33කට වඩා වැඩි Pixel ප්‍රමාණය හේතුවෙන් ඉතා පැහැදිලි දර්ශන නැරඹීමේ හැකියාව පාරිභෝගිකයාට උදා විය. 2020 වසරේදී MICRO LED තාක්ෂණය සමඟින් ඉතා ඉහළ දීප්තියක් සහ වර්ණ පරාසයක් සහිත ultra-large screens රූපවාහිනී පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමටද Samsung සමත් විය.

උසස් තත්වයේ අද්විතීය නිෂ්පාදනයන්ගෙන් පමණක් නොව නිෂ්පාදන මිල ගණන් තුලින්ද සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට Samsung සමාගමට හැකි වී තිබේ. 2025 දත්තයන්ට අනුව ඇමරිකානු ඩොලර් 2500ට වඩා වැඩි මිලට ඇති රූපවාහිනී වෙළෙඳපොලෙන් 54.3%ක කොටසක් Samsung සතු වන අතර ඩොලර් 1500ට වැඩි රූපවාහිනී කාණ්ඩයේ 52.2%ක වෙළෙඳපොල කොටසකටද ඔවුන් හිමිකම් කියයි.

එමෙන්ම Neo QLED, OLED සහ  නවීන තිර තාක්ෂණය හරහා සිය රූපවාහිනී නිෂ්පාදන මාදිලි පරාසය තව දුරටත් පුලුල් කිරීමට  Samsung අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

මේ වන විට Micro RGB තාක්ෂණය යොදා ගනිමින් තිර තාක්ෂණයේ මීළඟ විප්ලවයට සූදානම් වන  Samsung සිය Neo QLED සහ OLED රූපවාහිනී මාදිලීන්හි තිර ප්‍රමාණයන් විශාල කිරීමටත්, දීප්තියේ සහ වර්ණවල සුපැහැදිලි බව ඉහළ නැංවීමටත් කටයුතු කරමින් සිටියි.

එමෙන්ම රූපවාහිනී මාදිලි රැසකට Mini LED තාක්ෂණය හඳුන්වා දෙමින් සිටින Samsung ඒ තුලින් රූපවාහිනී තිරයේ පසුබිම් ආලෝකය වඩාත් නිවැරදිව පාලනය කිරීමටත්, විවිධ මිල පරාසයන් යටතේ උසස් රූප ගුණාත්මකභාවයක් ලබා ගැනීමටත් ඔවුන්ට හැකි වී තිබේ.

Samsung හි නවතම නිෂ්පාදන කෘතිම බුද්ධිය යොදා ගනිමින් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර එහිදී Advanced processors සහ intelligent algorithms යොදා ගනිමින් රූපයේ ගුණාත්මකභාවය, ශබ්දයේ සුපැහැදිලි බව හා පාරිභෝගික රුචිකත්වයට ගැලපෙන ලෙස අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව උදා කර දීමට ඔවුන් කටයුතු කර ඇත.

ස්වයංක්‍රීයව පැහැදිලි බව හා ගුණාත්මක බව ඉහළ නැංවීමට සමත් මෙම AI තාක්ෂණය, නරඹන වැඩසටහන අනුවද ශබ්දයේ ස්වභාවය වෙනසකට ලක් කරමින් පාරිභෝගිකයාට අසමසම අත්දැකීමක් උරුම කර දීමට සමත් වනු ඇත.

ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස 20 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් අඛණ්ඩව සිය නවතම නිෂ්පාදන ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka කටයුතු කරමින් සිටින්නේ වෙනස් වන ජීවන රටාවන්ට හා විනෝදාස්වාදයන්ටි ගැලපෙන නවතම රූපවාහිනී නිෂ්පාදන විවිධ මිල පරාසයන් යටතේ පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමිනි.

ඒ අනුව නවතම Neo QLED සහ OLED තිර සහිත රූපවාහිනී මාදිලිවල සිට නිවසේ සුන්දරත්වය ඉහළ නංවන lifestyle රූපවාහිනී මෙන්ම AI තාක්ෂණයෙන් යුත් smart රූපවාහිනී නිෂ්පාදන දක්වා විශිෂ්ට රූපවාහිනී නිෂ්පාදන පෙලක අත්දැකීම ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.

සිය නවෝත්පාදන අනන්‍යතාව, විශිෂ්ට තාක්ෂණය සමඟින් විනෝදාස්වාදයේ අනාගතය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිටින Samsung ලොව පුරා පාරිභෝගිකයින් වෙත අසමසම නැරඹුම් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් කැපවී කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close